ACTFORM Kandy District Committee meetings

සංක‍්‍රමණික කම්කරුවන් සඳහාවූ කි‍්‍රයාකාරිත්ව ජාලය විසින් (ACTFORM) කාන්තාව හා මාධ්‍යය සාමුහිකය (WMC) සමග එක්ව සංක‍්‍රමණික කම්කරුවන් විසින් මුහුණ දෙනු ලබන ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය කරන අතරම සංක‍්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව සංක‍්‍රමණික නිලධාරීන් දැනුවත් කරන ජාතික කි‍්‍රයා සැලස්මේ කි‍්‍රයාකාරකම් කි‍්‍රයාවට නැගීම සඳහා වූ රැස්වීම් කිහිපයක් පවත්වනු ලැබී ය.
රැස්වීම්වල දී ප‍්‍රජා නායිකාවන්, පාසල් ගුරුවරියන්, ආණ්ඩු නියෝජිතවරියන් හා ස්තී‍්‍ර නායිකාවන් හා තරුණ කණ්ඩායම් විදේශවල වැඩ කරන ස්තී‍්‍රන්ගේ තත්ත්වයන් අවධානයෙන් යුතුව සාකච්ඡා කරනු ලැබිණ. සංක‍්‍රමණිකයන්ගේ තත්ත්වය දියුණු කිරීම හා වැඩිදුර දැනුවත් භාවය – විශේෂයෙන් ආණ්ඩු නිලධාරීන් අතර ඇති කරනු පිණිස සංක‍්‍රමණික ස්තී‍්‍රන් සඳහා විවිධ කි‍්‍රයා ව්‍යාපාර හා පුහුණු වැඩ සටහන් සංවිධානය කරනු ඇත. මහනුවර මේ දක්වා රැස්වීම් දෙකක් පවත්වා තිබේ.

This slideshow requires JavaScript.