ACTFORM meets Minister of Foreign Employment, Thalatha Athukorala

විදේශ රැකියාවන්හී සේවයේ නියුතු වූවන්ගේ ක්‍රියාකාරී ජාලය, විදේශ රැකියාවන්හි නියුතු කාන්තාවන් ගේ වත්මන් තත්ත්වය සහ ඔවුන්ගේ නිවෙස් වල සහ රැකියා ස්ථානයේ තත්ත්වය වැඩිදියුණු කිරිම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා නව රජය යටතේ පත් කරන ලදල විදේශ රැකියා කටයුතු ඇමතිනි තලතා ගුණසේකර මුණ ගැසීමට යන ලදි.

විදේශ රැකියාවන්හී සේවයේ නියුතු වූවන්ගේ ක්‍රියාකාරී ජාලය ඇමතිනිය මුණ ගැසුන මුල්ම අවස්ථාව මෙය වූ අතර එහිදී පහත සඳහන් කරුණු සාකච්ඡාවට ලක් කෙරිණ.

  • රටවල් අතර ද්විපාර්ශවික එකඟතා අත්සන් කර අවසන් කිරීම.
  • වයස අවුරුදු 5 ට අඩු ළමයින් සිටින කාන්තාවන්ට රැකියා සඳහා විදේශගතවිමේ දි බලපවත්වන නිති සීමා ඉවත්කිරීම : මෙම නීතිය හේතු කොට බොහෝ කාන්තාවන් විදේශ රැකිවන්හී නිරත විම සඳහා සංචාරක වීසා ලබා ගැනීමට පෙළඹී ඇති අතර මෙය ඔවුන් ගේ ආරක්ෂිත බවට බධාවක් මෙන් ම තමන්ගේ කැමැත්ත මත රැකියාවක නිරතවීමේ මූලික අයිතිවාසිකම් වලට පටහැනිව ක්‍රියා කරයි.
  • ජාත්යසන්තර කම්කරු සංවිධානයේ ගෘහස්ථ සේවකයන් සඳහා යෝග්යඅ වැඩ හා සමිබන්ධ සම්මුතිය ස්ථිර කිරීම – C189
  • විදේශ රැකියාවලට ගොස් පෙරළා පැමිණෙන්නන් සදහා ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය සහතික කිරිම.
  • කැබිනට් මණ්ඩලය විසින් 2000 වසරේ දී ගොඩනගන ලද ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම.
  • සුදුසු නිලධාරීන් අනුයුක්ත කිරීම සහ ඔවුන්ට අවශ්‍ය පුහුණු ප්‍රමාණවත් අයුරින් ලබා දීම.
  • කාන්තා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් පරිදි ජනාධිපති මෛත්රීමපාල සිරිසේන මහතා විදේශ රැකියාවන්හි සේවයේ නියුතු කාන්තාවන්ගේ දරුවන් සහ අනෙකුත් යැපෙන්නන් ගේ ආරක්ෂාව රජයේ වගකිමක් ලෙස භාරගැනීමට පොරොන්දුවී ඇත. මේ සඳහා අපචාරයන්ට, විදේශයන්හී රැකියාවන්හී නියුතු සේවකයන් හිංසකිරීම් වලට ලක්වීම සහ අසාධාරණයන්ට ලක්වීම පිළිබඳ රජ්‍ය මට්ටමේ ආරක්ෂණ වැඩපිළිවෙලක් දියත් කිරිම, සේවක අර්ථසාධක අරමුදලට සමාන සකසුරුවම් අරමුදලක් සඳහා සහ සේවා වියුක්ත භාරකාර අරමුදලක් පාරිතෝෂික දිමනා හිමිකම් සඳහා නිති සම්පාදනය කිරිම ඇගුළත්ව ඇත.

විදේශ රැකියාවන්හී සේවයේ නියුතු වූවන්ගේ ක්‍රියාකාරී ජාලය, සිවිල් සමාජ ක්‍රියාධරයන් ලෙස විදේශ රැකියාවන්හි නියුතු කාන්තාවන් ගේ යහපැවැත්ම ආරක්ෂා කිරිමට කැපවි සිටින අතර යෝජනා කර ඇති ක්‍රිකාරකම් වලට සහයෝගය දැක්විමට කැමැත්තෙන් සිටී.
විදේශ රැකියාවන්හී සේවයේ නියුතු වූවන්ගේ ක්‍රියාකාරී ජාල‍යේ වයලට් පෙරේරාල මනෝරි විතාරණල රමණි මුත්තෙටිටුවේගම, වේලායුදන් ජයචිත්‍රා, පාතීමා බුහාරි, ලක්ෂ්මි විජේසේකර, චන්ද්‍ර කස්තුරිආරච්චි යන මහත්මින් මෙම රැස්විමට සහභාගි වූහ.