Annual Women’s National Convention 2006

2007 ජනවාරි 9-11, වාද්දුව, ශ‍්‍රී ලංකාව.

ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන් සඳහා වන 2006 වාර්ෂික ජාතික සමුළුව 2007 ජනවාරි මාසයේ දී පවත්වන ලදී. මහනුවර, නුවර එළිය, මොණරාගල, පුත්තලම, කෑගල්ල, ගම්පහ, කුරුණෑගල සහ කොළඹ යන දිස්ත‍්‍රික්කවලින් ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන් තිස් එකක් මෙම සමුළුවට සහභාගි වූහ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ස්ත‍්‍රී කි‍්‍රයාකාරීන් සඳහා තම ප‍්‍රථම වාර්ෂික සමුළුව පවත්වන ලද්දේ 1984 දීය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ගැටුම් සම්බන්ධ පුළුල් මාතෘකා ඔස්සේ සාකච්ඡුාව පැවැත්විණ. පැමිණි සිටි සියලූ දෙනාම 2007 මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය  සාර්ථක කරගැනීම සඳහා ජාලයක් ලෙස වැඩ කිරීමටත් එහි තේමාව වශයෙන් විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර වැඩිවෙමින් යන ප‍්‍රචණ්ඩත්වය සැලකිල්ලට ගනිමින් ‘ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කර ගනිමු’ යන්න තෝරා ගැනීමට එකඟතාවය පළ විය. වාර්තාවේ සාරාංශය බලන්න.