Category: Photos

WMC Film Festival 2007

ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය සැමරීම සඳහා 2007 මාර්තු 26, 27, හා 28 යන දිනවල කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ස්ත‍්‍රී චිත‍්‍රපට උළෙල පවත්වන ලදී. තිරගත කරන ලද්දේ දීපා මේතා අධ්‍යක්‍ෂණය කරන ලද ‘අ’ර්ත්’, නයිගල් කෝල් අධ්‍යක්ෂණය කළ ‘කැලැන්ඩර් ගර්ල්ස්’,  සහ මාගරිත් වොන්ට්‍රොටා අධ්‍යක්‍ෂණය කරන ලද ‘රොසැන්ට‍්‍රාස්’ චිත‍්‍රපටයි. චිත‍්‍රපට තිරගත කිරීමෙන් පසුවම මහාචාර්ය නෙලූෆර් ද මෙල් සහ … Continue reading WMC Film Festival 2007

International Women’s Day 2007

මාර්තු 8. 2007, ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය ශ‍්‍රී ලංකාවේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ස්ත‍්‍රීන් සංවිධානයේ ජාලයට අයත් ස්ත‍්‍රී සංවිධාන 40 කට වැඩි සංඛ්‍යාවක, ස්ත‍්‍රීන් 1,000 කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් විණ. ඊට මොණරාගල, පොළොන්නරුව, මහනුවර, හැටන්, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුරය, මහියංගණය, විල්පොත, රාජාංගනය, වැලිකන්ද, සිංහපුර, හම්බන්තොට, ගාල්ල, බුත්තල, බදුල්ල, මාතර, රත්නපුර, මීගමුව, කළුතර, කොළඹ, මොරටුව, ජා-ඇල, … Continue reading International Women’s Day 2007

International Day for the Elimination of Violence Against Women 2006

ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා 2006 නොවැම්බර් 28 වැනිදා කොළඹ දී කෙටි නාට්‍ය උළෙලක් හා සංගීත සංදර්ශනයක් පවත්වන ලදී. මෙම උත්සවයේ තේමාව වූයේ ‘ප‍්‍රචණ්ඩත්වයෙන් තොර හෙටක්’ යන්නයි. මෙම උත්සවයට ඇතුළුවීමට ගාස්තුවක් අය නොකළ අතර ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය නතර කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අවස්ථාවක් කාන්තාව හා මාධ්‍ය සාමූහිකයට … Continue reading International Day for the Elimination of Violence Against Women 2006

“Women say No to War”

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, ශී‍්‍ර‍්‍ර ලාංකීය ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතාටත්, එල්ටීටීඊයටත්, පොලිස්පතිවරයාටත්  සහ ඉංග‍්‍රීසි, සිංහල සහ දෙමළ පුවත්පත්වලටත් වගකීමෙන් යුතුව හැසිරෙන ලෙසත් දෙපාර්ශ්වයෙන්ම, එනම් රජයෙන් සහ එල්ටීටීඊයෙන් කෙරෙන මිනී මැරීම් නතර කරන ලෙසත් ඉල්ලා ප‍්‍රකාශයක් යවන ලදී, මෙම ලිපියට ස්ත‍්‍රීන් 118 කගේ අත්සන් ඇතුළත් විය. මෙම ප‍්‍රකාශය 2006 මැයි 21 වන දා සන්ඬේ ටයිම්ස්, … Continue reading “Women say No to War”

WMC Film Festival 2006

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා 2006 මාර්තු 20, 21 හා 22 ස්ත‍්‍රී චිත‍්‍රපටි උළෙලක් කොළඹ රුසියානු සංස්කෘතික කේන්‍ද්‍රයේදී පැවැත්විණ. ප‍්‍රදර්ශනය කරන ලද්දේ කාමෝෂ පානි (ඉන්දියාව බෙදීයෑම හා පාකිස්ථානයේ පන්ජාබ් ප‍්‍රාන්තයේ මුස්ලිම් ආගමිකයෙකු හා විවාහ වූ ඉන්දියානු ෂීක් ස්ත‍්‍රියකගේ කතාවක්) 3 වන පිටුව. (3 වැනි පිටුවේ ජනමාධ්‍යවේදිනියක් හා ඇය වඩා අර්ථවත් ජනමාධ්‍යකරණයක් සහ ස්ත‍්‍රීන් ජනමාධ්‍යයට සම්බන්ධ කරගැනීමට … Continue reading WMC Film Festival 2006