DAWN – Regional Training Institute

දකුණු සහ අග්නිදිග ආසියාවේ තරුණ ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන් සඳහා දෙවන කලාපීය පුහුණු වැඩමුළුවක් පිලිපීනයේ මැනිලා නගරයේ දී 2009 අපේ‍්‍රල් 16 සිට 22 දක්වා පැවැත්විණ. ඊට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය වෙනුවෙන් කුමුදිනී සැමුවෙල් සහ නිලූෂා හේමසිරි සහභාගි වූහ. DAWN ආයතනයේ දකුණු ආසියානු සම්බන්ධීකාරිකාව වන කුමුදිනී සැමුවෙල් එහි සම්පත්දායිකාවක් ද වූවාය.

මෙම පුහුණුව ඊට සහභාගි වූ ආසියාවේ තරුණ ස්ත‍්‍රීන්ට ප‍්‍රාදේශීය, කලාපීය හා ගෝලීය කරුණු පිළිබඳව තම අත්දැකීම් හුවමාරු කරගැනීමේ අවස්ථාවක් විය. මෙම වැඩසටහනෙදී තමන්ගේම රටවල සහ තම වැඩකිරීමේ ක්‍ෂේත‍්‍රවල යොදාගත හැකි වැඩ සටහන්/උද්ඝෝෂණ ව්‍යාපාර සහ ක‍්‍රියාකාරකම් පිළිබඳ ලද අත්දැකීම් ඉතා වැදගත් විය.