Encounter group-project

2008 පෙබරවාරි, මාර්තු. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් නායකත්වය ගෙන සම්බන්ධීකරණය කළ යෝජිත අභිමුඛ කණ්ඩායම යනු ගැටුමේ විෂය මූල යථාර්ථයන් අව්‍යාජව, විශ්වාසවන්තව ගරු කටයුතු ආකාරයෙන් විෂය මූල යථාර්ථයන් ගැන ඔවුන්ගේ අදහස් හා අත්දැකීම් විමසා බැලීමට, සාකච්ඡුා කිරීමට, අභිමුඛ කිරීමට හා සමථයට පත් කිරීමට ජනතාවට අවකාශයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලකි. ක‍්‍රියාකාරකම් සැලසුම් කිරීමේ මූලික සාකච්ඡුා ඔක්තෝබර් මාසයේ සිට පවත් වන ලදී.

 

අභිමුඛ කණ්ඩායමෙන් වෙනත් තැනකදී පිළිගනු නොලබන, යටපත් කරනු ලැබූ යථාර්ථයන් ඒවා විසඳීමේ සහ වෙනත් තලයකට ගෙනයෑමේ අරමුණෙන් ජනතාවගේ හඬ නැගිය හැකි සුරක්ෂිත වාතාවරණයක් ඔවුන්ට ලබාදේ. අභිමුඛ කණ්ඩායම් ලොව විවිධ ප‍්‍රදේශවල දශක ගණනක් තිස්සේ වාර්ගික සහ/හෝ සිවිල් යුද්ධ විසඳීමට යොදාගෙන ඇත. එය ගැටුම් සමථයට පත් කිරීමේ දී වඩාත් කාර්යක්‍ෂම අවිහිංසාවාදී පිවිසුමක් බව තහවුරු කර ඇත.

 

සම්මුඛ සාකච්ඡුා මගින් ස්ත‍්‍රීන් දොළහක් තෝරාගන්නා ලදී. මෙම කණ්ඩායම අභිමුඛ කණ්ඩායම් සංකල්පය හඳුන්වා දීමේ වැඩමුළුවකට සහභාගි වූහ. ඉන් පසු 2008 පෙබරවාරි සහ මාර්තු මාසවලදී මෙම අභිමුඛ කණ්ඩායම් පැය එකහමාරක වැඩමුළු හයකට සහභාගි වූහ. එම කණ්ඩායම සෑම සතියකට වරක් බැගින් සති හයක් රැුස්වූහ. වෙනත් රැුස්වීම්වලදී මෙන් නොව මෙහිදී තම අදහස් විවෘතව ප‍්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබුණු නිසා එම රැුස්වීම් සිත්ගන්නා බව සහභාගි වන්නෝ පැවසූහ.