Every step counts

කාන්තාව හා මාධ්‍ය සාමූහිකයල, “වුමන් ඉන් නීඩ්” හා එක්ව කාන්තාව සහ ගැහැණු ළමයින්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව ජයග්‍රහණයට ගමන් කිරිම නම් වූ පා ගමන සංවිධානය කෙරිණ. අගෝස්තු 30 වනදා පවත්වන ලද මෙම පා ගමනට නළු නිළියන්, සංගිතඥයින් සහ තරුණ නායකයින් ඇතුළු 500 කට අධික පිරිසක් සහභාගි වූහ. එක්සත්භාවය හැඟවීම සඳහා ගමන ආරම්භයේදී ම සෑම සහභාගිවන්නෙකුටම තැන තැන තිත් වැටුණ රෝස පැහැති සළුවක් ලබා දෙන ලදි. කොළඹ CH&FC ක්‍රීඩා පිටියෙන් ගමන ආරම්භ වූ අතර නෙළුම් පොකුණ සහ විජේරාම මාවත හරහා නැවතත් ක්‍රීඩාභූමියට පැමිණියහ. කුඩා සල්පිලකින් එම කාර්ය අවසන් විය.

This slideshow requires JavaScript.