WMC exchange visit to Kurunegala

කොළඹ ස්තී‍්‍ර සංවිධානවල 40 කට ආසන්න නාගරික ස්තී‍්‍රහු පිරිසක් 2014 පෙබරවාරි 8 හා 9 යන දිනවල කුරුණෑගල, මහව ඇහැටුවැවෙහි කෙරුණු හුවමාරු සංචාරයක කොටසක් වූහ.

කාන්තාව හා මාධ්‍යය සාමුහිකය විසින් මුල පුරන ලද මෙම එකතුව දිවයිනේ ස්තී‍්‍ර කණ්ඩායම් අතර බැඳීම් ශක්තිමත් කිරීමට හා තිරසර සබඳතා ගොඩ නැගීමට යකල්ල ස්තී‍්‍ර සම්පත් මධ්‍යස්ථානයේ හා ඉබ්බාගමුවේ ගොවි තොරතුරු මධ්‍යස්ථානයේ සහයෝගීමය ප‍්‍රයත්නයක් වූයේ ය. මෙම වැඩ සටහනට ඉමහත් සහායක් සපයමින් ආණ්ඩු නියෝජිතයෝ ද සිය සහභාගිත්වය ලබා දුන්හ.

සංචාරය ආරම්භ කෙරුණේ කොළඹ, මරදාන, බොරැුල්ල, කොම්පඤ්ඤවීදිය, ඔරුගොඩවත්ත හා සහශ‍්‍රපුර ස්තී‍්‍රන් වෙනුවෙන් වූ උණුසුම් පිළිගැනීම් සහිතව ය. ඔවුන් කරන වැඩවලට අමතරව මෙම ස්තී‍්‍රහු ඔවුන්ගේ අත්දැකීම් කුරුණෑගල හා අනෙකුත් දිස්ති‍්‍රක්කවල ස්තී‍්‍ර කණ්ඩායම් සමග හුවමාරු කර ගත්හ. අඹන්පොල වැව අසබඩ සන්ධ්‍යාවක් පුරා පැවති වැඩසටහන රංගනයන් හා නර්තනයන් වැනි අංගවලින් යුත් උත්සව ශී‍්‍රයක් ගති. අමුත්තන් සඳහා කෑම බීම, ඉඳුම් හිටුම් සපයන ලද්දේ සහයෝගිතාවයේ සංකේතයක් ලෙස ප‍්‍රදේශවල ස්තී‍්‍රන් විසින් ඔවුන්ගේම ගෙවල්වල ය.

This slideshow requires JavaScript.