Expert Group Consultation on Equality

සමානාත්මතාව සහ වෙනස්කම් නොකොට සැලකීම පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් සහ අවබෝධයක් ලබා ගැනිමේ අවශ්යෙතාව හඳුනා ගැනීම සඳහා දකුණු ආසියාවේ ස්ත්‍රීපුර්ෂ සමාජභාවය පිළිබඳ විශේෂඥ කණ්ඩායමක් 2014 සැප්තැම්බර් මස 13 වෙනිදා සිට 15 වෙනිදා දක්වා කොළඹ දි පැවති දකුණු ආසියා විශේෂඥයින් ගේ අදහස් විමසීමේ සාකච්ඡාව හා එක් වූහ.
කාන්තාව හා මාධ්‍ය සාමුහිකය උතුරු නැගෙනහිර ජාලය (ඉන්දියාව) කාන්තා සංසදය, නිතිය හා සංවර්ධනය (ඉන්දියාව) හා හවුල්කාරිත්වයෙන් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාව කාන්තාවට සහ පිරිමින්ට සමානව ගරු කිරීම තුළ ඇතිවි තිබෙන ප්‍රගතිය මෙන්ම දකුණු ආසියාවේ කාන්තාව ගේ මානව අයිතිවාසිකම් මෙන්ම සිඩෝ (CEDAW) සම්මුතිය විසින් ගොඩනගන ලද සමානාත්මතාවය පිළිබඳ අයිතිවාසිකම කෙරෙහි ද අවධානය යොමු කරන ලදි.

මෙම සකාච්ඡාවේදී ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල් වලින් සහභාගී වූ විශේෂඥයින්, සමානාත්මතාවය දකුණු ආසියාවේ ක්‍රියාත්මක කිරීමේ දි මුහුණ දෙන්න සිදුවන අභියෝග පෙන්වා දෙන ලදි. සිඩෝ සම්මුතිය භාවිතා කිරීම සම්බන්ධ උපායමාර්ග පිළිබඳව ද ඔවුන් සාකච්ඡා කරන ලදි. එමෙන්ම පශ්චාත් ගැටුම් ප්‍රතිසාධන සහ සංවර්ධන සංදර්භය තුළ සහ පුළුල් නිතිමය රාමුවක් තුළ සමානාත්මතාව පලදායි ලෙස ක්‍රියාත්මක කිරිම සඳහා දැනට පවතින දැනුම බෙදා හැරීම වැදගත් වන්නේ කෙසේ ද යන්න පිළිබඳ ද සාකචඡා කරන ලදි.

සමානාත්මතාව යන්න පිළිබදව ගෝලීය වශයෙන් ඇති අවබෝධයෙහි යම් අඩුවක් ඇත. එම නිසා සිඩෝ සම්මුතියේ ඇතුළත් සමානාත්මතාව පිළිබඳ ධර්මතාව ළඟා කර ගැනිම සඳහා වේගවත් අඛණ්ඩ ක්‍රියාපිළිවෙලක් සහ අඛණ්ඩ කාර්යාවලියක් අවශ්යඳව ඇත.