පියෙකුගෙ වගකීම

ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශගත වීම තහනම් කිීරීම සම්බන්ධයෙන් ගෙන ආ පවුල් පසුබිම් වාර්තාව පදනම් කොටගෙන ස්ත‍්‍රීන් බොහෝමයකට විදේශ ගත වීමට ඇති අයිතිය අහිමි විය. දරුවන්ගේ වගකීම් මවට පමණක් නොව, පියාට ද හිමි බව අප සමාජයේ බොහෝ දෙනෙකු පිළිනොගන්නා නමුත් ස්ත‍්‍රීන් උපයන විදේශ විනිමය රටේ ආර්ථිකයට පමණක් නොව තම පවුලට ද උරදෙන බව අප පිළිගත යුතුව ඇත. හලාවත කුඩාවැව ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රසන්න වෘත්තියෙන් වඩු කාර්මිකයෙකි. දෙදරු පියෙකු වන ඔහු සිය බිරිඳ විදේශ රැකියාවක් සඳහා පිටත්වූ අවස්ථාවේදී සිය පවුල රැකබලා ගත් අයුරු මෙම කෙටි වීඩියෝවෙන් දැක්වේ. වීඩියෝව සදහා මෙතැන ක්ලික් කරන්න.