Forum Theatre

2008 මාර්තු මස 8 වැනිදා සිට 12 වැනිදා දක්වා වේදිකා ගත කිරීමට නියමිත වේදිකා මණ්ඩපයේ ඊළඟ නිෂ්පාදනයට මූල්‍ය ආධාර ලබාගැනීම සඳහා වේදිකා නාට්‍ය කණ්ඩායම කාන්තාව හා මාධ්‍ය සාමූහිකයට ඉල්ලීමක් ඉදිරිපත් කෙරිණ. රඟ දැක්වීමට තෝරාගත් මාතෘකා අතර විවාහය තුළ සිදුවන ¥ෂණය හා වාර්ගික ගැටුම ඇතුළත් විය. වේදිකා මණ්ඩපයේ අරමුණ වන්නේ විවිධ මත වාදයන් ඇති අය අතර අදහස් හුවමාරු කර ගැනීම සහ විවිධ අදහස් ඇති අය පොදු ප‍්‍රශ්න දෙස බලන ආකාරයත් අවබෝධ කරගැනීමය. එම නාට්‍යය වේදිකා ගත කළ දින සියල්ලේම ශාලාව පිරී පැවතිණ. එක් එක් දින සාකච්ඡුාව සඳහා තෝරාගත් මාතෘකා වෙනස් වූ අතර ප්‍රෙක්ෂකයෝ මහත් උනන්දුවෙන් එම සාකච්ඡුාවට සහභාගි වූහ.