International Women’s Day 2013

අද (8th of March 2013) ජාත්‍යන්තර කාන්තා දින සැමරුම ‘ස්ත‍්‍රී ඳුෂණ හා ඝාතන වහා නවතනු’ යන සටන් පාඨයත් සමඟ නුගෝගොඩ වැලිපාක් නාගරික තෙත්බිම් උද්‍යානයෙන් සිට පාගමනකින් ඇරඹිණි. මෙම පාගමන නුගේගොඩ ආනන්ද සමරකෝන් එළි මහන් රංග පීඨය දක්වා සටන් පාඨ හා බයිසිකල්වල නැගි කාන්තා ක‍්‍රියාකාරිනිය, වීදි නාට්‍ය, විරිඳු හා වැනි විශේෂාංගයන්ගේ දායකත්වයෙන් යුතු විය. කාන්තා දින ප‍්‍රධාන තේමාව වශයෙන් ශ‍්‍රී ලංකාවේ සිදුවන ස්ත‍්‍රී ඳුෂණයන්ට හා ඝාතනයන්ට එරෙහි වන්නට ඒකරාශී වෙමු ̃ යන්න මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුමේ දී සිවිල් සංවිධාන හා කාන්තා සංවිධාන එකතුවේ ප‍්‍රධාන ඉල්ලීම විය. සවස 3.15 සිට 6 දක්වා පැවැති කාන්තා දින සැමරුම් සඳහා ලංකාවෙන් විවිධ දිස්ත‍්‍රික්කවලින් සහභාගිකයින් රාශියක් වූ අතර මුලතිව් සිට පැමිණි කාන්තාවන් සහ පැවිදි සොයුරියන් ද මේ අතර විය.