International Women’s Day 2007

මාර්තු 8. 2007, ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය ශ‍්‍රී ලංකාවේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ස්ත‍්‍රීන් සංවිධානයේ ජාලයට අයත් ස්ත‍්‍රී සංවිධාන 40 කට වැඩි සංඛ්‍යාවක, ස්ත‍්‍රීන් 1,000 කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් විණ. ඊට මොණරාගල, පොළොන්නරුව, මහනුවර, හැටන්, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුරය, මහියංගණය, විල්පොත, රාජාංගනය, වැලිකන්ද, සිංහපුර, හම්බන්තොට, ගාල්ල, බුත්තල, බදුල්ල, මාතර, රත්නපුර, මීගමුව, කළුතර, කොළඹ, මොරටුව, ජා-ඇල, කටුනායක, ඒකල, කඳාන, නුවර එළිය, නිට්ටඹුව සහ කන්තලේ පිරිස් සහභාගි වූහ. පිකට් කිරීම සහ පෙළපාලිය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ‘ජීවත් වීමට සහ සාමයට ඇති අයිතිය තහවුරු කරනු’ යන තේමාව යටතේ සිදු විය. ඉන්පසුව පුත්තලම ප‍්‍රජා දිරිය පදනම විසින් දර්ශනීය වීදි නාට්‍යයක් ද රඟ දැක්විණ. ඒකල ස්ත‍්‍රී මධ්‍යස්ථානයෙන් සැලසුම් කළ අලංකාර බැනරය දැක්වෙන කාඞ් පතක් ද එළි දැක්වූයේය. මෙම බැනරය කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් කොළඹ පවත්වන ලද 2007 ජාත්‍යන්තර සාම දිනයේ වීදි ප‍්‍රදර්ශනයට ද ඇතූළත් විය. එම කාඞ් පතේ එක් පැත්තක් හිස්ව තිබුණ නිසා එය කුමන අවස්ථාවකට හෝ යොදා ගැනීමට හැකි වන ආකාරයට නිමා කර තිබිණ. කාඞ් පතක් රු.25 කට මිල නියම කර ඇති අතර 2690201 හෝ 5632045 මගින් චිත‍්‍රා අමතා අවශ්‍ය ප‍්‍රමාණය ඇණවුම් කළ හැක. කාඞ් පත බැලීමට: ඉදිරිපස පසුපස ඡුායාරූප බැලීමට මෙහි ක්ලික් කරන්න.

gallery columns=”4″ ids=”1700,1699,1698,1697,1696,1695,1694,1693,1691,1690,1689,1688,1687,1686,1685,1684,1683″]