IWD 2015: Celebrating the life of our founder Sunila Abeysekara

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය වසර 30 ක් පුරා සිදු කළ සේවය සමරන මොහොතේ එහි නිර්මාතෘ සුනිලා අබේසේකරයන්ගේ ජීවිතය ස්මරණය කිරිමට අප නිමේෂයක් වෙන් කළෙමු.

ඇයි සුනිලා මාර්තු 8 ට මේ තරම් ආදරය කළේ ?

2013 වසරේ මාර්තු 8 වෙනිදාට ආසන්න දිනයක මම සුනිලා මුණු ගැහෙන්න ගියා. මම ගියේ ඇය සමඟ පොඩි වෙලාවක් ගත කරන්න. ඒ වන විට ඇය පිළිකා රෝගයකින් පෙළෙන බව හඳුනා ගෙන තිබුණා. ඇය පසුවුණේ අසාධ්‍ය තත්ත්වයක. අන් අයට වගේ ම මටත්, ඇය සෑම විටකම ඉතාමත් පැහැඳිළි, සියුම් එළියක් වුනා, විශේෂයෙන්ම කාන්තා ව්‍යාපාර කටයුතු කරන කොට යම් යම් ගැටළු සහගත අවස්ථාවන්ට මුහුණ දෙන කොට උපදෙසක් ලබා ගන්න. මට ඇත්තට ම හිතුනා සුනිලා ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න. ඡාත්‍යන්තර කාන්තා දිනය පිළිබද ඇය දරන අදහස්, කාන්තා ව්‍යාපාර වල ඇගේ ගමන් මඟ, ඡාත්‍යන්තර කාන්තා ව්‍යාපාර වල වත්මන් තත්ත්වය වගේ දේවල් ගැන. මට හිතුනා ඇය සමඟ කළ ඒ කතාබහ ඔබ සමඟ බෙදා හදා ගන්න. විශේයෙන් ම බේජිං කාන්තා ලෝක සමුළුව 20 වන වසර පහුකරන මේ මොහොතේ ඇගේ ගුණ සිහිපත් කරන්න.

– සුසානා ජෝර්ජ්, අයිසිස් ඡාත්‍යන්තර ආයතනයේ හිටපු විධායක අධ්යනක්ෂිකා සහ වත්මන් සභාපතිනිය

සුනිලා ජාත්යන්තර කාන්තා දිනයට මේ තරම් ආදරය කරන්නේ ඇයි?

සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගන්නා ලදි.

  • සුනිලා, ඇයි ඔබ ජාත්යුන්තර කාන්තා දිනයට මේ තරම් ආදරය කරන්නේ ? මොකක්ද ඒ තුළ ඔබ දකින විශේෂත්වය?

ලොව පුරා ඉන්න කාන්තාවන් මාර්තු 8 වෙනිදා උත්සවශ්‍රියෙන් ඒ දිනය සමරනවා. ඇත්තට ම ඒක විශිෂ්ටයි. කියුබාව වගේ සමහර රටවල මාර්තු 8 වෙනිදා මහජන නිවාඩු දිනයක් හැටියට ප්‍රකාශයට පත් කරලා තියනවා. ඒක මුළුමහත් විශ්වයටම අයිති දවසක්. මම විශ්වාස කරනවා සෑම රටකම ඉන්න කාන්තාවන් බොහෝ දෙනෙකුට මාර්තු 8 කියන දවස අමතක වෙන්නෙ නෑ කියලා. කාන්තා ව්‍යාපාර වල ඡාත්‍යන්තර දායකත්වයේ ස්වභාවය ගැන දැන ගන්න පුළුවන් දවසක් මේක.

දෙවෙනි කාරණය තමයි සෑම මාර්තු 8 වෙනිදාවකම අපිට අපේ අයිතිහාසික සිද්ධීන් වගේ ම ඇයි අපි මේ දිනය සමරන්නේ කියන එක සිහිපත් වෙනවා. ඇමරිකාවේ කම්කරු කාන්තාවන් තමන් ගේ අයිතිවාසිකම් දිනා ගන්න දියත් කළ අරගලවල ඉතිහාසය, ඒ වගේ ම මාර්තු 8 වෙනි දා කාන්තා දිනය හැටියට ප්‍රකාශයට පත්කරපු ක්ලෙරා සෙට්කින් වගේ සමාජවාදී කාන්තාවන් අපට අපේ මතකයට එනවා. විශේෂයෙන්ම සාධරණත්වය සහ සමානාත්මතාවය උදෙසා අරගල කරන්න කාන්තාවන් ඒකරශී වුන ආකාරය අපට සිහිපත් වෙනවා. මම ඇත්තමට ඒ තුළ තියන අයිතිහාසික කොටසට හරිම කැමතියි. ඒ වගේ ම ඡාත්‍යන්තර වශයෙන් අපි එකට එකතු වෙලා ඉන්නවා කියලා අපේ සිත්වලට දැනෙන දවසක් මේක. ඒක හරිම වැදගත්.

  • ඔබ හිතනවද මේ වෙන කොට මේ දේවල් වෙනස් වෙලා තියනවා කියලා?

කාන්තාව සඳහා ඡාත්‍යන්තර වසරක් නම් කෙරුණේ 1975 වසරේ. එදා ඉඳලා අද දක්වා කාලය ගත්තොත් මාර්තු 8 වෙනිදා ඡාත්‍යන්තර කාන්තා දිනය කියලා දන්න කාන්තාවන් සංඛ්යා ව ඉහළ ගිහින් තියනවා. මේ වෙන කොට මාර්තු 8 සැමරුම කොයිතරම් රටේ ප්‍රධාන ධාරාවන්ට එකතු වෙලා තියනවාද කියලා කිව්වොත් රජයේ අමාත්යාං ශ පවා ඒ දිනය සමරන්න පටන් අරගෙන තියනවා. ඒ වගේ ම එක්සත් ජාතීන් පවා මේ දිනය සමරනවා. මාර්තු 8 කියන දවස කාන්තා ව්‍යාපාර සදහා පමණක් වැදගත් දිනයක් කියන දෙයින් ඔබිබට ගියපු දෙයක්. එක ඇත්තයට සම්පූර්ණයෙන් ම වගේ රටේ ප්‍රධාන ධාරාවන්ට එකතු වෙලා. සාධනිය වගේම නිශේධනීය දේවලුත් ඒ තුළ තියනවා. ඒ කොහොම වුනත් අවුරුදු 30 කට 40 කට කලින් වඩා නම් විශාල වෙනසක් ඇති වෙලා තියනවා.

  • ස්ත්‍රිවාදිනියක ලෙස ඔබේ ගමන් මඟ ආරම්භ කිරීමට ඔබ පොළඹවන ලද කාරණා මොනවද?

එයින් සමහරක් පෞද්ගලික කාරණා සමහරක් දේශපාලන කාරණා, ස්ත්‍රිවාදිනියකු හැටියට ගත්තොත් මේ හැම කාරණාවක් ම හරිම අපූරුයි. පෞද්ගලික කාරණා ගැන සඳහන් කළොත්, සතුටුදායක නොවූ පශ්චාත් යටත්විජිත ලක්ෂණ ඇති ශ්‍රී ලංකාව වගේ රටක හැදී වැඩුන තරුණ කාන්තාවක් හැටියට මට යම් නිදහසක් තිබුණා නමුත් මේ වෙනකොටත් කාන්තාවන්ට හිමිවිය යුතු නියමිත ස්ථානය තවමත් ලැබිලා නෑ.

මම හැදි වැඩුනු පවුල් පසුබිමට අනුව, ගැහුණු ළමයෙක් හැටියට, කාන්තාවක් හැටියට එහෙමත් නැත්නම් ස්ත්රී ලිංගිකයෙක් හැටියට කවුරුත් මට තහංචි දැම්මේ නෑ අරක කරන්න එපා මේක කරන්න එපා කියලා. බාහිර ලෝකෙට ගියාට පස්සේ තමයි මට ඇත්තටම තේරුම් ගන්න පුළුවන් වුනේ ස්ත්‍රි පුර්ෂභාවය නිසා සිදුවන වෙනස්කම්,ලිංගික අතවර සහ ගැහැනිය පිළිකෙව් කිරීම වගේ දේවල්. කාන්තාවන්ට සම අයිතීන් ලබා දෙන්න කියලා සටන් කරන්න, එහෙමත් නැත්නම් යම් ව්‍යාපාරයක කොටස් කාරියක් වෙන්න මාව ධෛරය්‍යමත් කරන්න පෙළඹු එක් කාරණාවක් තමයි ඒ.

දේශපාලන කොටස තමයි මගේ තාරුණකම. මම උපන්නේ 1952 අවුරුද්දෙ. එක්සත් ජාතින් 1975 ඡාත්‍යන්තර කාන්තා වර්ෂය ලෙස නම් කරන කොට මට අවුරුදු විසි තුනක් විතර ඇති. ඒ කාලවකවානුවේ තමයි ලෝකේ පළමුවන අගමැතිනිය ලංකාවෙන් බිහිවුනේ. කාන්තා වර්ෂය සමරන අවස්ථාවේ වගේ ම මෙක්සිකෝ සමුළුව පවත්වන අවස්ථාවේ ඒ ගැන ජාත්යාන්තර වශයෙන් විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. ඒ කාලේ පැවති සමාජ දේශපාලන වටපිටාව තුළ කාන්තා අයිතීන් ඒ වගේ ම කාන්තාවන්ට සම අයිතීන් ලැබිය යුතුයි කියන එක යම් ආකාරයකට නිත්යාදනුකූල දෙයක් බවට පත් වෙමින් තිබුණේ. එ වගේ ම විවිධ රාජ්‍යයන් වගේ ම එක්සත් ජාතින් මේ සම්බන්ධව යම් වැදගත් කමක් ලබා දීලා තිබුණා.

1985 වසරේදි මට අවස්ථාව ලැබුණා නයිරෝබි සමුළුවට සහභාගි වෙන්න. මේ කාලය තුළ මගේ පෞද්ගලික ගමන් මඟ වගේ ම ලොව පුරා සිටින බොහෝ ස්ත්‍රීවාදි කාන්තාවන්ගේ ඔවුන්ගේ ගමන් මාර්ගය විශාල වෙනසකට භාජනය වුනා.

  • අපි අපේ දෙවන රැල්ල පටන් ගන්න කොට අපි, අපිව හඳුන්වා ගත්තේ අනන්‍යතාවය තහවුරු කරන ලද ස්ත්‍රි වාදීන් කියලා. එතන ඉදළා එහෙම නොවූ ස්ත්‍රිවාදීන් පිළිබඳ අර්ථ දැක්වීම තුළ විශාල වෙනස්කම් රැසක් සිදුවුනා. ඔබ මේ සියලු දේ ගැන හිතන්නේ කොහෙමද?

1970 සහ 1980 දශකයේ අපි, අපිව ස්ත්‍රි වාදීන් හැටියට හඳුන්වාදෙන්න පටන් ගන්න කොට අපි, අපි ගැන අර්ථ දැක්වුවේ අපේ දේශපාලන මතයට කොටුවෙලා, කාන්තා හිංසනය සහ සුරාකෑම කෙරේ දායකත්වය දැක්වු සාධකයක් ලෙස පිතෘමූලිකත්වය පිළිබඳ ඇති අවබෝධය මත. ඒ අකාරයට නිදහස් මතදාරී ස්ත්රීකවාදීන්, සමාජවාදී ස්ත්රීමවාදීන්, මාක්ස් වාදී ස්ත්රීොවාදීන්, විප්ලවවාදි ස්ත්රි වාදින් සහ ආරාජික ස්ත්රීනවාදීන් කියලා විවිධ වූ ස්ත්රීව වාදින් ලෝකයපුරා ඉන්නවා. අපි, අපිව ස්ත්රී වාදීන් හැටියට හඳුන්වාදෙන අතර ම, කාන්තාවන් හැටියට විතරක් නෙමෙයි විශේෂ සමාජ සහ දේශපාලන සන්දර්භයක් තුළ ජීවත්වන මනුස්සයෝ හැටියට ලෝකයේ තියන දේශපාලන අවබෝධයත් එක්කත් සමිබන්ධ වෙලා ඉන්නවා.

අදි ‘ස්ත්‍රීවාදීන්’ කියන පාරිභාෂික වචනය ගත්තොත් දේශපාලනය කියන දේ ඒ තුළ ඇඟවෙන්නේ නෑ. ආර්ථික තත්ත්වයන්, දේශපාලන ආකෘතීන්, සහ සමාජ ආකෘතීන් තුළ ඇති දේශපාලන අවබෝධය එතනදි මඟ හැරිලා. මට හිතෙනවා අද ‘ස්ත්‍රීවාදීන්’ කියලා කිව්වාම එයින් ඇඟවෙන්නේ හරිම සරලය දෙයක්. එකයි අද ඒක වඩාත් නරක අතට හැරිලා තියෙන්නෙ. හැම කෙනෙකුට ම ස්ත්රීිවාදියෙක් වෙන්න පුළුවන්. හිලරි ක්ලින්ටන් ස්ත්‍රීවාදියෙක්, ගඩාෆි මහත්මිය ස්ත්රීටවාදියෙක්, මම ස්ත්රීනවාදියෙක්, ඔබ ස්ත්රී්වාදියෙක්. ඔබට එහි ඇති විශිෂ්ටත්වය අහිමිවෙනවා.

  • කාන්තා ව්‍යාපාර පිළිබද ඔබ තුළ උනන්දුවක් ඇති කළේ කුමක් ද ? ‘අපි’ කියන වචනය භාවිතා කරන කොට ඒ තුළින් ඔබ අදහස් කළේ කුමක් ද?

‘අපි’ කියන එක හරිම වැදගත්. මොකද මට කවදාවත්ම තනියම ස්ත්රීඳවාදියෙක් වෙන්න බැ. මම නිතරම අනෙකුත් ස්ත්රී වාදීන් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ‘අපි’ ලෙසින් හදුන්වන කාන්තාවන් එක්ක තමයි මම ලංකාව තුළ වැඩ කළේ. අවුරුදු 30 ක් මුළුල්ලේ ස්ත්‍රීවාදී දේශපාලනය සමඟ නිරත වුනේ ‘අපි’ කියන ස්ත්‍රීවාදී ගෝලීය ප්‍රජාව එක්ක. සාමුහික වශයෙන් මට ‘අපි’ කියන වචනය ගැන දැඩි හැඟීමක් තියනවා. ඒක නිසා තමයි මම ස්ත්‍රීවාදීයෙක් විම ගැන වඩාත් සතුටු වෙන්නෙ. යම් විශ්මිත හේතු කාරණාවක් මත අපිට ඒකරාශි වෙන්න පුළුවන් වුනා. සහයෝගයෙන් වැඩකරන, යම් දෙයක් පිළිබද එකම ආකාරයෙන් සිතන, ඉතාමත් ශක්තිමත් කාන්තා ප්‍රජාවක් ලොව පුරා ඉන්නවා. අපි අපේ අනන්‍යතාවය සහ දේශපාලනය සාමුහිකව හුවමාරු කරගත්තා. අපි පිළිබඳ ඉතාමත් දැඩි හැඟීමක් අපට තියනවා. මට හිතෙනවා ඒක තාමත් තියනවා කියලා.

මට තාමත් මතකයි නයිරෝබි සමුළුවට සහභාගී වුන වෙලාවේ මට දැනුන උත්කර්ශවත් හැඟීම්. ඇත්තටම නයිරෝබි සමුළුව චිත්තාකර්ශනිය අත්දැකිමක්. මොකද ඒ හරහා තමයි නව යුගයේ සංවර්ධන විකල්පයන් කියන දේ (Development Alternatives for Women in New Era) කාන්තා ව්‍යාපාර වලට හඳුන්වාදීම ආරම්භ ‍වෙන්නෙ. ඒ තරමට ම ලෝකයේ කාන්තා පුජාව ඉතා විශාල වශයෙන් ඒකරාශි වුනා. ඉතාමත් උද්වේගකාරී ලෙස සහ දැඩි මිත්රිසත්වයකින්. මට හිතේනනේ ඒක තමයි 1985 සිට මේ දක්වා මම රැගෙන ආවේ. ඒ උද්වේගකාරී හැඟීම්, සහයෝගිතාව සහ සාමූහික අනන්‍යතාවය.

  • කාන්තා ව්‍යාපාර පිළිබඳ අද තත්ත්වය පිළිබඳ ඔබට කණගාටුවෙන්න යම් කාරණාවක් ඔබට තියනවද?

කාන්තා ව්‍යාපාර ගැන කතා කිරීම පවා අද ඉතාමත් වෙහෙසකාරී දෙයක්. මොකද 1990 න් පස්සේ විශාල වශයෙන් කඩා වැටීම් වලට වගේ ම විශාල වශයෙන් විශේෂිකරණයන්ට භාජනය විම් සිදුවුනා. ඒවා හොදයි. නමුත් එක් ක්ෂේත්රියක් හෝ ක්ෂේත්රම කිහිපයක් තුළ පමණක් විශේෂිකරණය කරන්න අපි ගත් උත්සාහයේ දී විශාල දෙයක් දකින්න තිබුණ අවස්ථාව අපිට අහිමිවුනා. අද මට මුණ ගැහිලා තියනවා, සංක්ර මණික ගැටළු පිළිබඳ වැඩකරන අති දක්ෂ කාන්තාවන්, තරුණ කාන්තාවන් නමුත් ඔවුන්ට සංක්රංමණය සහ හොර ජවාරම් අතර තියන සම්බන්ධතාවය පේන්නෙ නෑ. ඒ වගේම මට මුණ ගැහිලා තියනවා ආහාර සහ දරිද්රරතාවය පිළිබඳ වැඩකරන අතිදක්ෂ කාන්තාවන්. නමුත් ඔවුන් අනෙකුත් පාරිසරික අයිතීන් සම්බන්ධ ගැටළු පිළිබඳ වැඩකරන කණ්ඩායම් වලින් ඈත්වෙලා තමයි වැඩ කරන්නෙ. මෙතන යම් විසන්ධි විමක් තියනවා.

ඇත්තට ම ගොඩාක් ආකර්ශනීය ඒ වගේ ම නව ආරයේ උද්වේගකාරී ක්රිපයාකාරකම් විශාල වශයෙන් සිදුවෙනවා. නමුත් ඒ හැම දෙයක්ම එක කාණ්ඩයකට එහෙම නැත්නම් එක අංශයකට පමණක් සිමාවෙලා. ඒ තුළ නිසි ආකාරයේ ගැලපීමක් නෑ. ඇත්තට ම මට තියන ලොකුම අභියෝගය තමයි මේ හැම දක්ෂතාවක් ම ,උද්වේගකාරී දෙයක් ම සහ නව ආරයේ වැඩක් ම ඒකරාශි කරලා මේ විශාල පිංතූරය පිළිබඳ අවබෝධය වැඩි දියුණු කරන්නෙ කොහොමද කියන එක. මොකද ඇත්තට ම අද ලෝකය තිබුණට වඩා දඩබ්බරයි. විශේෂයෙන් ම අද අපට පුළුල් දේශපාලන අවබෝධයක් අවශ්යශ වෙනවා.

  •  අපි එක්සත් ජාතීන් අභියෝගයට ලක් කිරීම ගැන ඔබ මොකද හිතන්නෙ?

ඇත්තට ම ඒ තුළින් කාන්තා ව්යා්පාරවලට අපට විශාල බලපෑමක් කරන්න පුළුවන් වුනා. විශේෂයෙන් ම 1993 එහි බලපෑම මටත් තිබුණා. මොකද මමත් මානව අයිතිවාසිකම් ආරක්ෂකයෙක්. ඇත්තටම කාන්තා අයිතීන් පිළිබඳ ලෝක සමුළුව වගේ ම කාන්තා අයිතීන් මානව අයිතින් ලෙස සැලකිමේ ගෝලීය ව්යිපාරයත් ඉතාම වැදගත්. ඒ ස්ථානයේ ඉඳලා ඉදිරියට එක්සත් ජාතීන් ගේ සමුළුවල යම් ප්රීගතියක් තිබුණා.

ඒ කාල සිමාව තුළ කාන්තාවන්ට, කාන්තා ව්යායපාර තුළ අවස්ථාවන් රැසක් තිබුණා. ඒ වගේ ම ස්ත්රීසවාදින්ට, කාන්තා අයිතින් හැටියට ඇතුළත් කරන්න අදහස් සහ ප්‍රතිපත්ති සකස් කරන්න ක්‍රියාකාරිව දායකවෙන්න අවස්ථාව ලැබුණා. එ වගේම එක්සත් ජාතින් ගේ සියලුම සමාජික රටවල් එකඟ වේ යැයි අපේක්ෂිත සම්මුතියේ ඇතුලත් කාන්තා අයිතීන් පිළිබඳ වගකීම් සහ කැපවිම් සම්බන්ධව ක්‍රියාකාරිව දායක වෙන්නත් අවස්ථව ලැබුණා.
මම හිතනවා අපට ආකර්ශනීය අවස්ථාවන් තිබුණා. කාන්තා ව්‍යාපාර ඒ තුළින් යහපත් ප්‍රතිඵල භුක්ති වින්දා. නමුත් දැන් සිද්ධ වෙන දේවල් එක්ක මට පෙන්නේ එක්සත් ජාතින් එක්ක ඇති කර ගත්ත බැඳීමත් එක්ක ඒ හැම දෙයක්ම දැන් අවසන් වේගෙන එනවා කියලා. ඇත්තට ම අපිට හැමදාමත් කාන්තාවන්ගේ තත්ත්වය පිළිබදව කොමිසම් වල එල්ලිලා ඉන්න ඕන නෑ. එහෙම නැත්නම් මානව අයිතිවාසිකම් කවුන්සලයට සහභාගි වෙන්න හැම අවුරුද්දෙම ජිනිවා යන්න අපිට ඕන නෑ. අපේ අරමුණ කාන්තාවන්ට යහපතක් සලසන ප්‍රත්පත්ති සහ නීති නිර්මාණය කරන්න හොඳ වාචික සන්නිවේදනයක් ලියකියවිලි වලට ඇතුළත් කරන්න.

නමුත් දැන් මට හිතෙනවා සමහරවිට මේ ගෝලීය මට්ටම තුළ යථාර්තයට පටහැනි ආකාරයට කටයුතු කරන කාන්තා පරපුරක් ඉන්නවා. ඔබට ජිනිවා හෝ නිව්යෝර්ක් යන්න පුළුවන්, ගිහින් ඔබේ රටේ හෝ එක්සත් ජාතින් නියෝජනය කරන රටක කාන්තාවන්ට සිද්ධවෙන්නේ නැති කිසිම අදළත්වයක් නැති වල්පල් කතා කරලා එන්න පුළුවන්. මට හිතෙනවා ගොඩාක් කාන්තාවන් එක්සත් ජාතීන් ගේ ක්රිලයාවලිය පිළිබඳ දැඩි අසහනකාරී තත්ත්වයක ඉන්නේ. එක්සත් ජාතින් ගේ ක්‍රියා පිළිවෙල තුළ කාන්තාවන්ට පොරොන්දු වෙලා තියෙන්නේ එක්සත් ජාතීන් ගේ කාන්තාව තමයි කාන්තාවන් පිළිබද කටයුතු වලදි සමාන අයිතීන් සම්බන්ධව පැවැත්ම . නමුත් ඒක ඒ විදියට සිද්ධවෙලා නෑ. ඒ තුලින් ම ඇඟවෙනවා කාන්තා අයිතීන් පිළිබඳව ගෝලිය ආර්ථිකය තුළ සහ දේශපාලන පද්ධතිය තුළ කොයිතරම් අඩු ප්‍රමුකත්වයක්ද ලබා දීලා තියෙන්නේ කියලා. සමහර වෙලාවට ඒ යථාර්තයට මුහුණ දෙන්න අපිට අවශ්ය් නෑ. ඉතින් අපි මේ ක්‍රියාවලියත් එක්ක නොනැවති ඉදිරියට යනවා. ඒකත් එක්ක අපි වැඩ කරනවා. 2000 කාලවකවානුවේදි එක්සත් ජාතීන් ගේ සංවිධානයත් එක්ක වැඩ කරද්දි අපි මොනවද කරන්නේ කියලා හොඳින් හිතාමතා බලන්න අවශ්‍යව තිබුණා.

  •  කුමන ගමන් මඟක් අපි විසින් අනාගතයේ දී ගත යුතුයි කියලා ඔබ හිතනවද?

ඇත්තටම දක්ෂ තරුණ සහ වැඩිහිටි ස්ත්‍රීවාදීන් කොයිතරම් විශිෂ්ඨ දේවල් කරනවද. අභියෝගය තමයි පිතෘමූලිකත්වය සහ ගැහැණුන් පිළිකෙව් කිරීම පිළිබඳ ඇති අවබෝධය පිළිබඳ නැවත සිතා බැලීම, ඒක තවත් වැඩිදියුණු කිරීම සහ නැවත අර්ථ කතනය කිරීම. උදාහරණයක් හැටියට කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්‍රචනණ්ඩ ක්‍රියා වටා ඇති ක්‍රියාකාකාරකම් දිහා බැලුවොත් බොහෝ දෙනෙක් කාන්තාවට එරෙහිව සිදුවන ප්‍රචනණ්ඩ ක්‍රියා සම්බන්ධ වැඩ කරනවා. එහෙම නේද? එක්සත් ජාතීන් ගේ රජය, යුරෝපා සංගමය, විවිධ වූ එක්සත් ජාතින් ගේ ගෝලිය සංවිධාන, ආධාර දෙන සංවිධාන, කාන්තා කණ්ඩායම්, අපගේ සියලුම රටවල්වල ගම්මාන වල පිහිටි සියලුම ප්‍රජා මූලික සංවිධාන. නමුත් ගොඩාක් වෙලාවට පිතෘමූලිකත්වය, ගැහැණුන් පිළිකුලට ලක් කිරීම ඔවුන් ගේ ඒ සාකච්ඡා වල දකින්න නෑ.

අපි රජය, පොලිසිය, අධිකරණ පද්ධතිය වගේ රාජ්ය් ආයතන වල ස්වභාවය ගැන ප්‍රමාණවත් ලෙස කතා කරන්නෙ නෑ. ඇයි ලෝකය ගැහැනිය මේ තරම් පිළිකුලට ලක් කරන්නේ කියන එක අපි ප්‍රමාණවත් ලෙස කතා කරන්නෙ නෑ. ඇයි මිනිස්සු මේතරම් අශිෂ්ඨ දේවල් ගැහැනියට කරන්නේ? ඒ වගේම සංස්කෘතිය සහ ආගම සහ සිරිත් විරිත් වගේ දේවල් පාවිච්චි කරලා ඒ අශිෂ්ඨ දේවල් සධාරණීයකරණය කරලා ඒ දේවල් වලින් පලා යන්නේ ඇයි? ඒ වගේ දේවල් තමයි අපි කතා කරන්න භය.

කොහොම නමුත් අපිට අභියෝගයක් තියනවා බොහෝ දෙනෙක් විවිධ තලයන් තුළ ඉදගෙන කරන මේ වැඩ අතර ඇති පරතරය පියවන්න. කාන්තාවගේ අභිවෘදිය, කාන්තාවට එරෙහිව සිදුවන ප්‍රචනණ්ඩ ක්‍රියා තුරන් කිරීම, කාන්තා අයිතීන් සහ ඔවුන්ට සම අයිතීන් ලබා දීම ඇත්තටම කල්පිතයක්. කොහොම නමුත් එහි මුලයන්ට පිළියම් සොයන්න උත්සාහ ගන්නේ නෑ. මම ඇත්තටම කැමතියි පිතෘමුලිකත්වය, ගැහැනිය පිළිකුලට ලක්කිරීම වගේ දේවල් සමාජයට ඇතුල් වෙන්න හේතූ වුන මූලයන්ට නැවතත් යන්න.

මට හිතෙනවා කවදා හරි එතනට යන්න පුළුවන් වේවි කියලා. අයිතිහාසික ලෙස ගත්තොත් මේ දේවල් චක්‍රියක් ලෙස ගමන් කරනවා. ස්ත්‍රීවාදීය පිළිබඳ පස්වන රැල්ලක් තියේවි අපට මේ හැම දෙයක්ම එකට එකතු කරන්න .

  •  මේ ගමන් මඟට එක්වෙන්න කැමත්තෙන් ඉන්න නිර්භීත හදවත් වලට දෙන්න මොනවගේ අවවාදයක් ද ඔබට තියෙන්නෙ ?

ඇත්තටම ස්ත්‍රීවාදියකු වීම හරිම විශිෂ්ඨයි. ගොඩාක් කාන්තාවන් බයයි තමන් ස්ත්‍රීවාදියෙක් කියලා හඳුන්වලා දෙන්න. ඔබට නිර්භීත වෙන්න සිද්ධවෙනවා, නමුත් ඒක හරිම විනෝදජනකයි. ඔබට ඒ තුළ ආදරයෙන් වෙලෙන්න පුළුවන්. ඒක අතිශයින්ම ගැඹුරු දෙයක්. එ වගේම ලොව පුරා සිටින කාන්තාවන් සමඟ ඉතාමත් ශක්තිමත් මනුස්ස සම්බන්ධකම් ඇති කර ගන්නත් පුළුවන්. සමහර ස්ත්‍රීවාදී මිතුරියන් සමඟ මගේ තියන සම්බන්ධතාවන්ට අවුරුදු 30 ක් 35 ක පමණ කාලයක් වෙනවා . අපි දිර්ඝ කාලයක් එකට ගමන් කරලා තියනවා. ඒ තුළ තියන සාමූහික අධ්‍යාත්මික ගුණය හරිම වැදගත්.

  •  මොන වගේ හර පද්ධතින් සහ විශ්වාසයන් වසර ගණනවක් මුළුලේ ඔබව පෝෂණය කරාද?

ඇත්තටම මම මේ ලෝකය මිනිස් කාණ්ඩ දෙකක් හැටියට දෙකට බෙදනවා . මේ ලෝකයේ ජීවත් වෙන්න නම් නපුරු සහ කුරිරු විය යුතුයි කියන කොටස එක කාණ්ඩයක් , අනෙක් කාණ්ඩය තමයි මේ ලෝකේ ජීවත් වෙන්න අපිට අවශ්යර වෙන්නේ කාරුණික බව සහ හොඳ පැවතුම් කියන එක. ඇත්තටම මම මේකෙන් අයත් වෙන්නෙ දෙවනි කාණ්ඩයට. මම විශ්වාස කරනවා අපි ළඟ හැකියාව තියනවා හොඳ වෙන්න. ඒක නිසා තමයි මිනිස්සු නපුරු සහ කුරිරු වෙද්දිත් මට මගේ ස්ථාරයේ නොසැලී ඉන්න පුළුවන් වුනේ.

අනිත් හර වටිනාකම තමයි මිත්ත්‍රවයන් විශ්වාස කිරිම. මගේ යාළුවෝ හැමදාමත් මගේ ජීවිතේ හිටියා. මම හිතනවා ඔබ මිනිසුන් විශ්වාස කළ යුතුයි. ඒ වගේම රිනාත්මක දේවල් වලට යන්න ඉඩ හැරිය යුතුයි. මම දැන් වියපත් ගැහැනියක්. මට පුළුවන් මගේ පැසුනු හිසකෙස් එක්ක මෙතන වාඩිවෙලා ඒ ගැන ඔබත් එක්ක කතා කරන්න. ඇයි මිනිස්සු මේ තරම් නරක , ඇයි මිනිස්සු මේ තරම් සාහසික දේවල් කරන්නේ කියලා හිත හිත මිනිස්සුන්ට වෛර කරමින් මම මගේ කාලය නාස්තිකරේ නෑ. එකයි මට මේතරම් දුරක් එන්න පුළුවන් වුනේ. මම හැම වෙලාවෙම උත්සාහ ගත්තේ හැම දෙයක් තුළම යම් හොඳ දෙයක් දකින්න.

මගේ ළමයි තාමත් මට සතුටුවෙනවා ඔවුන් ගේ ළමා කාලයේ මම පිළිබඳ ඔවුන් තුළ ඇති මතකයන් සිහිපත් කරලා. උදැසන දෙකට මම ඔවුන් ඇදෙන් නැගිට්ටවනවා එන්න, එන්න වෙල්යායට වැටිලා තියන හඳ එළිය බලන්න කියලා. ඒ වගේ දේවල් තමයි මාව ජීවත් කරේ. ඒවා හරිම පුංචි දෙවල්. රැ හඳ පාන, කළාමැදිරියන්, වසන්තයේ උදාවත් එක්ක එන ගස් වැල් වල කොළ පාට. ඇත්තටම මම මේ ලෝකය තුළ කොයිතරම් ප්‍රමෝදයක් ලැබුවද.