“Kadathurawen Eha” – Tamil radio clips

කාන්තාව හා මධ්‍ය සාමූහිකය ‘කඩතුරාවෙන් එහා’ නමින් විනාඩි දෙකක කෙටි ගුවන් විදුලි වැඩසටහන් දැන්වීම් 60 ක් නිෂ්පාදනය කෙළේය. එම වැඩසටහන් සිංහල වෙළඳ සේවය ඔස්සේ විකාශනය කරන ලද අතර ඊට ලැබුනු සාධනීය ප‍්‍රතිචාර සංඛ්‍යාව ඉමහත්ය. එම දැන්වීම් දෙමළ බසින් ද විකාශනය කිරීමට ඉල්ලීම් ලැබිණ. ඒ අනුව දෙමළෙන් සකස් කරන ලද වැඩසටහන් තෙන්ඩ‍්‍රල් ගුවන් විදුලියෙන් (එෆ්එම් 104.8, 105.6, 107.9* සෑම දිනකම පෙ.ව. 6.15 උදෑසන ප‍්‍රවෘත්තිවලට පෙර විකාශනය කරන ලදී. මෙම වැඩසටහන් 2009 ජනවාරි 1 වැනිදා සිට මාර්තු 2 වැනිදා දක්වා විකාශනය කෙරිණ. එම වැඩසටහන්වල තේමා වූයේ ස්ත‍්‍රී අයිතීන්, ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය, ලිංගික අතවර, ජත්‍යන්තර ස්ත‍්‍රී දිනය, සංක‍්‍රමණික කම්කරුවන්, ස්ත‍්‍රී වතු කම්කරුවන්, දේශපාලනයේ ස්ත‍්‍රී නියෝජනය, අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ, සෞඛ්‍ය හා මාධ්‍යයේ යෙදෙන ස්ත‍්‍රීන් පිළිබඳවය. එම වැඩසටහන අවසානයේ ඊට අදාළ ප‍්‍රශ්නයක් අසනු ලද අතර පිළිතුරු එවීමට ශ‍්‍රාවකයින් උනන්දු කෙරිණ. පිළිතුරු එවන ලද ජයග‍්‍රාහකයින්ට මුදල් තෑගි ද හිමි විය. සාධනීය ප‍්‍රතිචාර බොහොමයක් එවා තිබුණේ ත‍්‍රිකුණාමලය, මන්නාරම, යාපනය, කොළඹ සහ මහනුවර යන දිස්ත‍්‍රික්කවලිනි.