Keep hands off Civil Society

සියලු ම රාජ්‍ය නොවන සංවිධාන විසින් පූර්ව අනුමැතියක් නොමැතිව මාධ්‍යවේදින් සඳහා සම්මන්ත්‍රණ, වැඩමුළු සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ මාධ්‍ය නිවේදන නිකුත් කිරීම තහනම් කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කාර්ය්‍යාලය විසින් නිකුත් කර ඇති චක්‍ර ලේඛනයට එරෙහිව, සිවිල් සමාජ සංවිධාන විසින් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපස ඊයේ විරෝධතා රැලියක් පවත්වන ලදි.

එම චක්‍ර ලේඛනය නිකුත් කිරීම තුළින් සිවිල් සමාජය සතුව ඇති ඒකරාශි වීමේ සහ සමාග‍මේ නිදහස ආරක්ෂක අමාත්‍යාංශය විසින් උල්ලංඝණය කරන බැවින් ඔවුන් එහිදී ඉල්ලා සිටියේ රජය සිවිල් සමාජයේ අයිතිවාසිකම් වලට අත තැබීමේන් වළකින ලෙසයි. මෙම රැළියට ශ්‍රී ලංකාවේ විවිධ දිශාවන් නියෝජනය කරමින් සිවිල් සංවිධාන සහභාගි වන ලදි.

This slideshow requires JavaScript.