Let’s ensure migrant workers voting rights! (IMD 2014)

IMAGE2014 දෙසැම්බර් 18 වන දින ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය සමරමු !

2014 වසරේ දී අප සමරනු ලබන්නේ 15 වන ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනයයි.
දෙසැම්බර් 18 වන දින ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය ලෙස දෙදහා වසරේ (2000) දී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ප‍්‍රකාශයට පත්කරන ලදී. එදා සිට අද දක්වාම ලෝකයේ බොහෝ රටවල, විශේෂයෙන් සංක‍්‍රමණික සේවය සඳහා සේවකයින් යවන රාජ්‍යයන් විසින් මෙම දිනය සමරනු ලබයි.

ලෝක ආර්ථිකයට වැදගත් දායකත්වයක් සංක‍්‍රමණික සේවකයින් නිසා ලැබෙන බව හඳුනාගෙන ඇති අතර, සංක‍්‍රමණික සේවකයින්ගේ අයිතිවාසිකම් මානව හිමිකම් වශයෙන් ද සැලකිය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරනු ලබයි.

බොහෝ රටවල ආර්ථිකයේ පැවැත්මට අත්වැලක් වනුයේ මෙම සංක‍්‍රමණික සේවකයින්ගෙන් ලැබෙන විදේශ විනිමයයි. ලෝක බැංකු වාර්තාවලට අනුව සංක‍්‍රමණික සේවකයින් නිසා දකණුආසියාවට ලැබෙන විදේශ විනිමය වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 111 කි. වර්තමානයේ ලංකාවේ ප‍්‍රධාන ආදායම් මාර්ගය වී තිබෙන්නේ ද සංක‍්‍රමණික සේවකයින් විසින් උපයනු ලබන විදේශ විනිමයයි. එය වර්ෂයකට ඩොලර් බිලියන 7 කි. මේ නිසාම සංක‍්‍රමණික සේවකයින්ට යහපත් හෙටක් උදාකර දීමට මෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සුවිශේෂි වටපිටාවක් අපේ රට තුළ ද සැකසෙමින් තිබේ. එහෙත් සංක‍්‍රමණික සේවකයින් විසින් මුහුණ දෙනු ලබන විවිධ ප‍්‍රශ්න, හිංසා පීඩා සහ දුෂ්කරතාවයන්හි හි`ගයක් ද නැත. මෙහිදී සංක‍්‍රමණික ස්ත‍්‍රීන්ගේ තත්ත්වය විශේෂය. ශ‍්‍රී ලංකාව ගත්කළ විදේශ රැුකියා සඳහා යන ශ‍්‍රී ලාංකිකයින් ගෙන් බහුතරය වන්නේ ස්ත‍්‍රීන් ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු දුෂ්කර ප‍්‍රදේශවලින් පැමිණේ. තම පවුල් මුහුණ දී සිටින අධික ආර්ථිකමය ගැටළු හේතුවෙන් මෙම ස්ත‍්‍රීහු පවුලේ ආර්ථික බර කරට ගනිමින් විදේශ රැුකියා සොයා යති.

මේ වසරේ සංක‍්‍රමණික දිනය අපට සැමරීමට සිදුවී තිබෙන්නේ, රට පුරාම මැතිවරණ දේශපාලන වටපිටාවක් පවතින මොහොතකදී ය. ලෝකයේ බොහෝ රටවල රටින් බැහැරව සේවය කරන සංක‍්‍රමණික ප‍්‍රජාවට තමා රැුකියාව කරන රටේ සිටම ඡුන්දය භාවිතා කිරීමේ අයිතිය ලැබුණ ද ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණික ප‍්‍රජාවට එවැනි ඡුන්ද අයිතියක් හිමිව නැත. මෙරට දේශපාලන පක්ෂවලට හෝ දේශපාලනඥයින්ට මේ සම්බන්ධයෙන් කිසිම අදහසක් හෝ නොමැති බව පෙනී යන්නේ සිය මැතිවරණ ප‍්‍රකාශනවල හෝ වේදිකාවල මේ සම්බන්ධයෙන්් කිසිවක් කතා නොකිරීම හේතුවෙනි. මීට පෙර පැවැති මැතිවරණවලදීත් කිසි`දු අපේක්ෂකයෙක් සංක‍්‍රමණික සේවකයින්ගේ ඡුන්ද අයිතිය සම්බන්ධයෙන් කතා කළ අවස්ථාවක් සොයා ගත නොහැක.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සහ සියලූ සංක‍්‍රමණික සේවකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් වූ ජාත්‍යාන්තර සම්මුතිය වැනි ජාත්‍යාන්තර ප‍්‍රකාශන, සම්මුතීන් සහ සම්මේලන විසින් තව දුරටත් සංක‍්‍රමණිකයින්ගේ ඡුන්ද අයිතිය තහවුරු කර තිබේ. ශ‍්‍රී ලංකාව මෙම සම්මුතීන්ට අත්සන් තබා පාර්ශව වූ රාජ්‍යයන් අතරින් එකකි. එහෙත්, රට තුළ හෝ රටින් බැහැරව ජීවත්වන, රැුකියාවන්හි යෙදෙන සංක‍්‍රමණිකයින්ට සිය රටේ පාලකයින් තෝරා ගැනීමේ දී ඡුන්දය භාවිතා කිරීමට ජාත්‍යන්තර ප‍්‍රඥප්ති මගින් තහවුරු කර ඇති මෙම අයිතිවාසිකම භූක්ති විදීමට මිලියනයකට වඩා වැඩි ශ‍්‍රී ලාංකික විදේශගත සංක‍්‍රමණික සේවක ප‍්‍රජාවට හැකිවී නැත. එයට හේතු වී තිබෙන්නේ රජය විසින් මේ ස`දහා අවශ්‍ය නීති රීති, විධිවිධාන සහ ප‍්‍රතිපත්තීන් සම්පාදනය කර නොතිබීමයිි.

අපේ රටේ ආණඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් සෑම පුරවැසියෙකුගේම ඡුන්ද අයිතිය තහවුරු කර ඇති අතර එයට අනුව 4 වැනි ව්‍යවස්ථාවට අනුව වයස අවුරුදු 18 ඉක්ම වූ සෑම පුරවැසියෙකුටම ඡුන්ද අයිතිය හිමිවේ. එහෙත් ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණිකයින්ට, මැතිවරණ නීතියක දී බලපවත්නා වර්තමාන නීතිය තුළ සිය ඡුන්දය භාවිතා කිරීමට හැකිවනු පිණිස වූ දේශීය වශයෙන් වන නීතිමය විධිවිධාන සකස් කිරීමට අවශ්‍ය පියවර ගෙන නැත. රටට විදේශ විනිමය ගෙනෙමින් රටේ ආර්ථිකයේ වැඩි බරක් උර මත දරාගෙන සිටින විදේශගත සංක‍්‍රමණික සේවකයින්ට තම රටේ මැතිවරණවලදී සිය ඡුන්දය, තමා වර්තමානයේ ජීවත්වන රටේ සිට භාවිතා කිරීමට හැකි වන පරිදි මැතිවරණ නීති සංශෝධනය කිරීමට හෝ නව නීති හඳුන්වා දීමට රජය පියවර ගත යුතුව තිබේ. මෙම විදේශගත සංක‍්‍රමණික සේවක පිරිස ඡුන්ද හිමි නාමලේඛනයේ සැලකිය යුතු ප‍්‍රතිශතයක් දරයි. එහෙත් මේ දක්වාම කිසිම ආණ්ඩුවක් විසින් සංක‍්‍රමණික සේවකයින්ගේ ඡුන්ද අයිතිය කෙරෙහි කිසිම අවධානයක් යොමුකර නැති බව ඉතා පැහැදිලි කාරණයකි.

විදේශගත සංක‍්‍රමණික සේවකයින්ට, සිය ඡුන්දය තම රටේ පාලකයින්, මහජන නියෝජිතයින් තෝරා ගන්නා අවස්ථාවන්වලදී භාවිතා කළ හැකි පරිදි විධිවිධාන සලස්වන්නේ නම් මැතිවරණ සඳහා තරඟ කරන සෑම පක්‍ෂයකටම, අපේක්ෂකයෙකුටම මෙම ශ‍්‍රමිකයින් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීමට සිදුවනු ඇත. මෙම සේවකයින් ආමන්ත‍්‍රණය කිරීමට සිදුවනු ඇත. බලගතු ඡුන්දදායකයින් කොටසක් බවට පත්වීමට සංක‍්‍රමණික ප‍්‍රජාවට අවස්ථාව සැලසෙන්නේ නම් ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන බොහෝ රාජ්‍ය ප‍්‍රතිපත්තිවලට සැලකිය යුතු බලපෑමක් කිරීමට ඔවුන්ට හැකි වනු ඇත. එසේම තමන් සතු වෘත්තීය අයිතිවාසිකම් ලබාගැනීම හැරුණු කල, තම ජනතා නියෝජිතයින් තෝරා පත්කර ගැනීමට මෙම විදේශ ගත සේවකයන් සතුව පවත්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය ද මේ මගින් තහවුරු වනු ඇත. එමඟින් අනෙකුත් පුරවැසියන් සේම රටක ජාතික ප‍්‍රතිපත්ති සම්පාදනයෙහිලා බලපෑමක් කළ හැකි ජන කොටසක් ලෙස ඔවුන්ගේ වැදගත්කම වඩා ඵලදායී ආකාරයෙන් සමාජගත වනු ඇත.

ශ‍්‍රී ලාංකිකයින් විදේශගත සංක‍්‍රමණික සේවකයින්් ලෙස සිටියදී හෝ දේශීය වශයෙන් පළාතකින් පළාතකට සංක‍්‍රමණය වී සිටින අවස්ථාවකදී බලපැවැත්වෙන පරිදි සියලූම සංක‍්‍රමණිකයින් සම්බන්ධයෙන් ඡුන්ද අයිතිය පිළිබද නීති හදුන්වා දිය හැක. තමා ජීවත්වන රටේ හෝ ප‍්‍රදේශයේ සිට ඔවුනට ඡුන්දය භාවිතා කිරීමට හැකිවනු පිණිස මැතිවරණ නීති සංශෝධනය කිරීමට හැකි බව අපගේ විශ්වාසයයි. මෙහිදී ලෝකයේ ඇතැම් රටවල් ක‍්‍රියාත්මක කරන්නා සේ, තැපැල් ඡුන්ද ක‍්‍රමය හෝ වෙනත් සාමාන්‍ය ඡුන්ද ක‍්‍රමයක් හඳුන්වා දියහැකිය. විදේශගත සංක‍්‍රමණික සේවකයින් සඳහා ඒ ඒ රටවල පිහිටුවා ඇති ලංකාවේ තානාපති කාර්යාල තාවකාලිකව මැතිවරණ කාර්යාල ලෙසට පරිවර්ථනය කරගත හැකිය. එවැනි විධිවිධානයක් ක‍්‍රියාත්මක කිරීමේදී සැලකිය යුතු දුෂ්කරතාවයන් ඇති විය හැකි බවට සැකයක් නැත. එහෙත් මෙවැනි කි‍්‍රයාමාර්ග වෙනත් රටවල් විසින් ගෙන ඇති බැවින් එම රටවල අත්දැකීම් වලින් අපට ද ප‍්‍රයෝජනයක් ගත හැකිවනු ඇත.

සංක‍්‍රමණික සේවකයින් සදහා වන ක‍්‍රියාකාරී ජාලයේ අප ඉල්ලා සිටින්නේ සංක‍්‍රමණිකයින්ට තම ඡුන්දයභාවිතා කිරීමට හැකිවනු පිණිස නීතිමය ප‍්‍රතිපාදන ඇතිකරන ලෙස මෙන්ම එම නීති ක‍්‍රියාත්මක කළ හැකිවන අයුරින් ප‍්‍රායෝගික, විධිමත් යාන්ත‍්‍රණයක් ගොඩනැගීමට ද පියවර ගන්නා ලෙසයි. එම`ගින් සංක‍්‍රමණිකයින්ගේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් තහවුරුවනවා මෙන්ම රට පාලනයට තේරීපත්වන පාලකයින්ට සංක‍්‍රමණික සේවකයින්ගේ ප‍්‍රශ්න කෙරෙහි සිය අවධානය යොමු කිරීමට ද සිදුවනු ඇත.

රටේ ජනාධිපති මැතිවරණයක් පවතින මේ මොහොතේ රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් සහ සියලූම දේශපාලන පක්ෂ වෙතින් කරනු ලබන අපගේ ඉල්ලීම වන්නේ, ශ‍්‍රී ලංකාව අත්සන් තබා එක`ග වී ඇති අන්තර් ජාතික ප‍්‍රඥප්තීන්ට අනුකූළව මිලියනයකට අධික ලාංකික විදේශගත ශ‍්‍රමික ප‍්‍රජාවගේ සර්වඡුන ඡුන්ද අයිතිය ආරක්ෂා කිරීමට කැපවන ලෙසයි. මෙම ශ‍්‍රමිකයින්ට තමා රැුකියාව කරන රටේ සිට සිය ඡුන්දය භාවිතා කළ හැකිවන පරිද්දෙන් නව නීති රීති ප‍්‍රතිපත්ති සම්පාදනය කරන ලෙසයි. සංක‍්‍රමණිකයින්ගේ ඡුන්ද අයිතිය ආරක්ෂා කරන ලෙසයි.

සංක‍්‍රමණිකයින්ගේ් ඡුන්ද අයිතිය තහවුරු කරමු !

වයලා පෙරේරා
සංක‍්‍රමණික සේවකයින් ස`දහා වන ක‍්‍රියාකාරී ජාලය
කාන්තාව හා මාධ්‍යය සාමුහිකය්

Article Sinhala
Published in the Lankadeepa (18.12.14)