Media Campaign for increasing women’s participation at the 2010 Parliamentary Election

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ශ‍්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂේත‍්‍රයේ සීමිත ස්ත‍්‍රී නියෝජනය ගැනත් 2010 පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී ස්ත‍්‍රී නියෝජනය වැඩි කිරීමටත් දැනුවත් කිරීමට පුළුල් මාධ්‍ය ප‍්‍රචාරක ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී. රටේ ජන සංඛ්‍යාවෙන් 52%ක් ස්තී‍්‍රන් වුවද පසු ගිය පාර්ලිමේන්තු ඡුන්ද විමසීම්වලදී ස්ත‍්‍රීන්ට ලබාදී ඇති නාමයෝජනා ප‍්‍රතිශතය 6.6%ක් බව ඉස්මතු කෙරෙන දැන්වීම් ප‍්‍රධාන පෙළේ සිංහල, දෙමළ සහ පුවත් පත්වල පළ කරන ලදී. මෙම පණිවිඩය ඇතුළත් ස්ලයිඞ් දර්ශන දිවයින පුරා පිහිටි සිනමා ශාලා 25 ක චිත‍්‍රපටි ප‍්‍රදර්ශනයට පෙර තිර ගත කිරීමේ නව්‍ය වැඩ පිළිවෙළක් ද දියත් කෙරිණ. මෙම ව්‍යාපාරය මැතිවරණය පැවැත්වෙන මාසය ලබන තෙක්ම පැවැත්විණ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ඡුන්ද විමසීම පැවැත්වීමට පෙර සතියේ දී ‘ඔබේ මනාපය ස්ත‍්‍රී අපේක්ෂිකාවකට දෙන්න’ යනුවෙන් දැන්වීමක් ප‍්‍රධාන ඉංග‍්‍රීසි දෙමළ හා සිංහල පුවත් පත්වල පළ කරන ලදී. එම දැන්වීමේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ තුනේ (එ.ජ.නි.සංධානය, එ ජා ප සහ ජනතා විමුක්ති පෙරමුණ* ස්ත‍්‍රී අපේක්ෂිකාවන්ගේ නම් සහ අංක ලැයිස්තුව ද පළ විය.