Mentor and friend, Sanjaya Senanayake passes away

මාධ්‍යවේදියෙකු, ගුරුවරයෙකු, උපදේශකයෙකු හා කි‍්‍රයාධරයෙකු වන සංජය සේනානායක පිළිකාව සමග වූ දීර්ඝ අරගලයකින් පසු මැයි මස 21 වන බදාදා උදෑසන නිසලව අභාවප‍්‍රාප්ත වූයේ ය.

සිය ගෞරව ප‍්‍රණාම පුද කිරීමට අපේක්ෂා කරන අයට අද මැයි 22 දින සිට මහරගම, පිළියන්දල පාරේ, ශිරෝමනි මාවතේ, අංක 54 නිවසේ දී සිය ගෞරව ප‍්‍රණාම පුද කළ හැකි ය.

ආදාහනය 2014 මැයි 24 වන සඳුදා ප. ව. 3. 00 ට ගොඩිගමුව සුසාන භූමියේ (මහරගම දෙහිවල පාර) දී පැවැත් වෙනු ඇත.

කාන්තාව හා මාධ්‍යය සාමුහිකය සංජයගේ අභාවය පිළිබඳව ශෝකයට පත් වෙයි.

කැමරාව පිටුපස ඔහුගේ දක්ෂතාවය පිළිබඳ ඉතාමත්ම ප‍්‍රකට සංජය ඔහුගේම උත්සාහයෙන් යුත් විවිධ විෂයාංග පිළිබඳ බුද්ධිමතෙකු වූයේ ය. මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක වන සුනිලා අබේසේකරගේ පුතණුවන් වන සංජය බොහෝ දෙනෙකුට ආත්ම දමනය හා නොපසුබට වීර්යය සඳහා වූ අරගලයේ කැපී පෙනෙන සම්මානිත ගුරුවරයෙකු වූයේ ය. ඔහු මෙම පොළෝ තලය අතැර ගියා විය හැකි ය. එහෙත් ඔහුගේ උදාරත්වය අපේ සිත්සතන්වල රඳා පවතිමින් ජීවිත කාලයක් පුරා නිධානගතව පවතිනවා ඇත.