Open Letter to all Political Parties – Key Pledges to be included in Manifestos

13 ජූලි 2015

පහත අත්සන් තබා ඇති ශ‍්‍රි ලංකාවේ සිවිල් සමාජ ක‍්‍රියාධරයන් සහ සංවිධාන සියළු දේශපාලන පක්ෂ මහ මැතිවරණය වෙනුවෙන් ප‍්‍රකාශයට පත් කරනු ලබන සිය පක්ෂයේ මැතිවරණ ප‍්‍රකාශනයේ අප රටේ සංහිදියාව සමගිය , සාමය සහ සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සදහා ඇතුලත් කළ යුතුවන සුවිශේෂ මානව අයිතිවාසිකම් පිලිබඳ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

2015 ජනවාරි මාසයේ පැවති ජනාධිපති මැතිවරණ සමයේදී ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ ආණ්ඩු පාලනය සහ දුෂණයට එරෙහිවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත ස්ථාපිත කිරීමත්, අධිකරණයේ ස්වාධීනත්වය ශ‍්‍රි ලංකාව තුල ඇති කිරීමත් යන කාරණා සම්බන්ධයෙන් පමණකි.
මෙම කරුණු සාක්ෂාත් කර ගැනීමත් සමඟම රටතුල ඇති වන නව පරිසරය තුල සාමය සහ සංහිඳියාව ට අදාළවූ දීර්ඝ කාලීන කරුණුත් සංක‍්‍රමණික යුක්තිය පිලිබඳ ක‍්‍රියාදාමයත් සියළු මානව හිමිකම් සම්බන්ධයෙන් වූ දඩුවම් නොලැබීමේ සංස්කෘතියත් නැතහොත් නිර්මුක්ති සංස්කෘතියක් ජනවාර්ගික අර්බුදය සඳහා දේශපාලන විසඳූමක් ලබා ගැනීම කෙරෙහිත් යුහුසුළුව මැදිහත් වීම සදහා සම්මුතියක් තිබෙන බවක් පෙනිනි.

අගෝස්තු 17 වන දින තෝරා පත් කෙරෙන පාර්ලිමේන්තුව මෙම කරුණු සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බව අපි තරයේ විශ්වාස කරමු. විශේෂයෙන්ම සාමය සහ සංවර්ධනය උදා කර ගැනීමත් එක්සත් රටක් නිර්මාණය කර ගැනීමත් සම්බන්ධයෙන් සියළු පුරවැසියන්ගේ ඒකායන අභිප‍්‍රාය ප‍්‍රමුඛ කාරණාවක් විය යුතුය. පශ්චාත් යුධසමයේදී තුල බොහෝ කාලයක් වෙිදනාවන් සමග අප දුර්මුඛව කාලය ගත කර ඇත. ඒ නිසාම අර්බුධයේ මූලයන් එක් අතකින් පෝෂණය වූ අතර, ඒවා නැවතත් ප‍්‍රතිනිර්මාණය කිරීමටත් ඉඩ සැලසින. අප මෙතනින් ඔබ්බට යා යුතුය. එනමි මානව හිමිකම් උල්ලංඝණයන් සිදු නොවන පශ්චාත් ගැටුම් අවධීයකට අවතීර්ණ විය යුතු යැයි කල්පනා කරමු. ඒ සදහා පහත සඳහන් ප‍්‍රතිඥාවන් ඔබගේ මැතිවරණ ප‍්‍රකාශණයේ අඩංගු කිරීම අත්‍යාවශ්‍ය යැයි අපි කල්පනා කරමු.

1) අර්ථාන්විත බලය බෙදා හැරීම පාදක කරගත් දේශපාලන සහ ව්‍යවස්ථාමය විසඳූමක් සඳහා කැපවීම.

2) ඇත්ත දැන ගැනීමටත් බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමත් අතුරුදහන්වීමත් සම්බන්ධයෙන් වගකිවයුත්තන් සම්බන්ධයෙන් අධිකරණ ක‍්‍රියාමාර්ගයන් ගැනීම සහ ඇත්ත දැන ගැනීම සඳහා එම පවුල් වලට අවස්ථාවන් සහතික කිරීම සහ අතුරුදහන් වීම අපරාධයක් වශයෙන් නීති ගත කිරීම.

3) ශ‍්‍රි ලංකාව විසින් පිළිගෙන ඇති ජාත්‍යන්තර නෛතික ප‍්‍රතිඥාවන්ට අනුකූලව ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම හෝ සංශේධනය කිරීම සහ දිර්ඝකාලීන රැඳවියන් සම්බන්ධයෙන් වහා චෝදනා ගෙන ඒම හෝ ඔවුන්ව වහා නිදහස් කිරීම.

4) බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම,වදහිංසා පැමිිණවීම, ආගමික සහ කාන්තා හිංසනයත් ඇතිවීම ,විරුද්ධ මතධාරීන් මර්ධනය කිරීම සහ මානව හිමිකම් ක‍්‍රියාධාරයන්ට එරෙහිව තර්ජන ඇති කිරීමත් සහමුලින්ම නැවැත්වීම.

5) නිර්මුක්ති සංස්කෘතිය අවසන් කිරීම සහ මානව හිමිකම් උල්ලංඝණය කරන පුද්ගලයන්ට විරුද්ධව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීම සදහා කටයුතු කිරීමට අධීකරණය ශක්තිමත් කිරීම.

6) ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව සංක‍්‍රමණික යුක්තිය සඳහා වන ක‍්‍රියාදාමයන් සහ යන්ත‍්‍රණයන් ගොඩනැගීමත් වින්දිතයන් විපතට පත් වූ ජන කණ්ඩායම් රටේ සිවිල් සමාජ කණ්ඩායම් සහ ජාත්‍යන්තර ප‍්‍රජාව සමග සාධනීය වූ සංවාදයක නිරන්තරයෙන් නිරත වීමට කැපවීම.

7) සිවිල් සමාජ ක‍්‍රියාකාරිත්වය සදහා සුරක්ෂිත පරිසරයක් සහතික කිරීමත් ජනතාවාදී නැඹුරුවත් ජනතා සහභාගීත්වයත් පාදක කරගත් තිරසාර ආර්ථික සංවර්ධන සහ පාරිසරික ප‍්‍රතිපත්තීන් ද මැදිහත්වීම් සහ ඊට අනුක ව්‍යවහාරයන් ක‍්‍රියාවට නැගීම.

සැබෑ ප‍්‍රතිසංස්කරණ සහ සංහිදියාව සදහා මතු වී ඇති මෙම ෙඓතිහාසික අවස්ථාව අත්නොහළ යුතුය.