Peace Vigil to coincide with Norwegian Facilitator’s visit to Jaffna

2006 ජනවාරි 23 වැනි දා ශ‍්‍රී ලංකාවේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ස්ත‍්‍රීන්ගේ (Sri Lanka Women NGO Forum) සංවිධානය නෝර්වීජියානු පහසුකාරකගේ දෙවන යාපන සංචාරයට සමඟාමීව වවුනියා නගරයේ දී දෙවන සාම ව්‍යාපාරයක් පැවැත්වීීමට සැලසුම් කරන ලදී. කෙසේ වුවත් ජනවාරි 21 වැනි දා අඩම්පන් හි සිදු වූ ප‍්‍රහාරය නිසා ඇති වූ ආරක්ෂක තත්ත්වය නිසා සාම ව්‍යාපාරය කොළඹ ලිප්ටන් වටරවුුමේ පැවැත් වීමට සිදු විය. කුරුණෑගල, පුත්තලම, මහනුවර, පොළොන්නරුව සහ අනුරාධපුරය යන ප‍්‍රදේශවලින් පැමිණි ස්ත‍්‍රීන් 300ක් පමණ විහාර මහා දේවී උද්‍යානයට රැුස්ව එතැන් සිට ලිප්ටන් වට රවුම දක්වා නිහඬව පා ගමනක යෙදෙමින් රජයෙන් සහ එල්ටීටීඊයෙන් සාකච්ඡුා නැවත අරඹන ලෙසත් සටන් විරාමය ශක්තිමත් කරන ලෙසත් ඉල්ලන පුවරු ප‍්‍රදර්ශනය කළහ. ඉන්පසු එම සංවිධානයේ පිරිසක් නෝර්වීජියානු තානාපති කාර්යාලයට ගොස් වැඩිවෙමින් පවතින ප‍්‍රචණ්ඩත්වය නතර කිරීමටත් සාමය නැවත ඇති කරන ලෙසත් ඉල්ලන පෙත්සමක් එරික් සෝල්හයිම් මහතාට භාර දුන්හ.