Political Representation of Women at Local Government – Towards ensuring 30% increase

2015 සැප්තැම්බර් 03

Click here to read full screen or download statement

ශ‍්‍රී ලංකාවේ කාන්තාවන්ට 1931 තරම් ඈත අතීතයේ සිට ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය ලැබී තිබෙන නමුත් පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ හෝ පළාත් පාලන ආයනයන්හි දේශපාලන නියෝජිතයින් වශයෙන් තේරීපත්වීමට ඔවුන්ට ලැබී ඇත්තේ ඉතා සීමිත ඉඩකඩකි. වර්තමාන රජය පළාත් පාලන ආයතනයන්හි ජනතා නියෝජිතයින් ගෙන් 30‍% ක ප‍්‍රමාණයක් කාන්තාවන්ට වෙන්කරදීමට ගෙන ඇති තීරණය පිළිබඳව අපි ඉතා සතුටට පත්වෙමු. පළාත් පාලන ආයතන වල කාන්තාවන් නියෝජනයවීම යනු නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පළමු පියවරයි.

අවාසනාවකට මෙන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාදේශීය දේශපාලනයේ කාන්තා නියෝජනය පරිමානගත කිරීමේදී එහි අගය 2‍% ක් තරම් අවම අගයක් ගනී. ශ‍්‍රී ලංකාවේ සමාජ සහ ජීවන තත්වය සම්බන්ධයෙන් වන දර්ශක ඉතා ඉහළ අගයක් ගන්නා නමුත් දකුණු ආසියාවේ සියලූම රටවල කාන්තා දේශපාලන නියෝජනය ශ‍්‍රී ලංකාවට වඩා සංඛ්‍යාත්මකව ඉහළ අගයක් ගනී. මෙයට හේතුවී ඇත්තේ සුදුසු ධනාත්මක ක‍්‍රියාමාර්ගයන් ඔවුන් අනුගමනය කිරීමය.

එදිනෙදා ජීවිතයේදී වැදගත්වන කරුණු වන ජලය, සනීපාරක්ෂාව, සෞඛ්‍යය සහ ආර්ථිකමය වශයෙන් වැදගත් වන මාර්ග, වෙළඳපොලවල් සහ ආරක්ෂාව හා සම්බන්ධ වීදී ළාම්පු සවිකිරීම වැනි ප‍්‍රධාන කරුණු පිළිබඳව ප‍්‍රතිපත්තිමය තීරණගැනීමත් ඒවා ක‍්‍රියාවට නැංවීමත් ප‍්‍රාදේශීය පාලන මට්ටමේදී සිදුවේ.

පළාත් පාලන ආයතන වල කාන්තා නියෝජනය විරලවීම නිසා කාන්තාවන්ගේ එදිනෙදා ජීවිතයට බලපාන තීරණ සම්බන්ධයෙන් තීරණ ගන්නා විට ඔවුන්ගේ අදහස් උදහස් විමසීමක් සිදුනොකෙරෙන අතර කාන්තාවන් ගේ දේශපාලන නියෝජනය අඩුවීම නිසා මෙමගින් ඔවුන්ට දරුණු ප‍්‍රතිවිපාක ඇතිවී තිබේ. ප‍්‍රාදේශීය පාලනයේ සියලූම මට්ටම් වලදී කාන්තාවන්ගේ අභිලාශයන් සහ ඔවුන් අවධානයට ලක්කරන කරුණු පිළිබඳව සවන්දීම, ඒවා පිළිබඳ සැලකිලිමත්වීම සිදුව ඇත්තේ ඉතා අවම වශයෙනි.

අපගේ රටේ ජනගහනයෙන් 52‍% ක් කාන්තාවන් වන අතර පුරවැසියන් ලෙස ඔවුන්ටද අයිතිවාසිකම් හා හිමිකම් තිබෙන නමුත් පිරිමින්ට හිමි වරප‍්‍රසාද ඔවුන්ට නොමැති නිසා මේවා භූක්ති විඳීමේදී නොයෙකුත් අසමානතාවන්ට මුහුණදෙති. තීරණ ගැනීමේ බලතල හිමි තනතුරු වල කාන්තාවන් නියෝජනය ප‍්‍රමාණවත් නොවීම නිසැකවම ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සංවේදී නොවන ප‍්‍රතිපත්ති නිර්මාණය වීමට/ සැකැසීමට හේතුවී තිබේ.

මෙයට අමතරව ව්‍යාපාරික, අධිකරණයද ඇතුලූව නීති වෘත්තීන්හි සහ රාජ්‍ය පරිපාලන යන ශ‍්‍රී ලංකාවේ වෘත්තීයමය ක්ෂේත‍්‍රයන්හි කාන්තාවන් ලබාගෙන ඇති ප‍්‍රගතිය දේශපාලන ක්ෂේත‍්‍රයේ දක්නට නොලැබේ. ප‍්‍රාදේශීය සහ ජාතික මට්ටමේ පාලනයේදී රටේ දැනට පවත්නා සමාජ ආර්ථික යථාර්ථයන් ප‍්‍රමාණවත් ලෙස නිරූපනය නොකරන අතර කාන්තාවන්ට රටේ පාලනය සම්බන්ධයෙන් ලබාදිය හැකි ධනාත්මක දායකත්වය අහිමිවෙමින් පවතී.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා 100 දින වැඩසටහන යටතේ මේ පිළිබඳව අවධාරණය කරමින් පළාත් සභාවල සහ පළාත් පාලන ආයතන වල කාන්තා නියෝජනය 25‍% දක්වා වැඩි කිරීම තහවුරු කිරීමට නීති සම්පාදනය කරන බව ප‍්‍රකාශ කළේය. පළාත් සභාවල මට්ටමේදී කාන්තා නියෝජනයට 30‍% ක් වෙන්කිරීමට කැබිනට් අනුමැතිය ලබාදීම පිළිබඳව අපි සතුටට පත්වන්නෙමු. කෙසේවෙතත් අද වන විට කාන්තාවන්ට නාමයෝජනා ලබාදීමේ ප‍්‍රතිශතය 6 – 10 පමණක් බවද මීළඟට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ වලදී තරඟ කිරීමට ඔවුන්ට සාධාරණ අවස්ථාවක් ලබාදීම සඳහා නාමයෝජනා ප‍්‍රමාණය වැඩිකරලීමට කටයුතු කළයුතු බව මෙහිදී දැනුම්දීමට කැමැත්තෙමු.

යහපාලනය මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමද වැදගත්වේ. මෙම නිසා අපි පහත සඳහන් කරුණු පාර්ලිම්න්තුවේ සියලූම මන්ත‍්‍රීවරුන් වෙත යෝජනා කරනු ලබන අතර මෙය මීළග පළාත් පාලන මැතිවරණයේදී යථාර්ථයක් බවට පත්කර ගැනීමට අවශ්‍ය නීතිසම්පාදනයට ඔවුන් සියලූ දෙනාගේ සහයෝගය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරමු.

පළාත් පාලන ආයතන වලට තරඟ කිරීමට කිරීමට කාන්තාවන්ට අවස්ථාව සලසාදීමට නාම යෝජනා ලබාදීමේදී අනිවාර්යයෙන්ම කාන්තාවන්ට 30‍% ක් ලබාදිය යුතු බවට 2012 අංක 22 දරණ පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනතෙහි නීති සම්පාදන කටයුතු සිදු කිරීම හෝ
දැනට පවත්නා ආසන වලට තරඟ කිරීමට කාන්තාවන් නම් කිරීමට ඉඩප‍්‍රස්ථාව ලබාදීම සඳහා මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳව සලකා බැලීම

– දේශපාලන ප‍්‍රතිසංස්කරණ සඳහා ස්ත‍්‍රී එකතුව