Production of Feminist Programmes on Television

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය යන්ග් ඒෂියා ටෙලිවිෂන් සමඟ එක්ව ඉංග‍්‍රීසි, දෙමළ හා සිංහල යන භාෂා තුනෙන්ම විනාඩි 30 ක සංවාද වැඩසටහන් නිෂ්පාදනය කරන ලදී. එම සාකච්ඡුාවන් හිදී ස්ත‍්‍රී දෘෂ්ටි කෝණයකින් නොයෙකුත් සමාජ ප‍්‍රශ්න සහ ගැටළු සාකච්ඡුාවට ලක් කෙරිණ. ඒවායින් සංවාද වැඩ සටහන්වල දිගු කලක් තිස්සේ පැවති අඩුවක් සපිරීමට හැකි විය. එම වැඩ සටහන් තුළින් ගැටුම් නිරාකරණය සහ ස්ත‍්‍රී නියෝජනය, දේශපාලන ක්‍ෂේත‍්‍රයේ ස්ත‍්‍රී සහභාගිත්වය, ප‍්‍රජනන සෞඛ්‍ය සහ ලිංගික දැනුම, ජන මාධ්‍යයේ ස්ත‍්‍රී නියෝජනය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ ස්ත‍්‍රී අයිතිය, ස්ත‍්‍රීන්, සංවර්ධනය සහ ආර්ථිකය, ශ‍්‍රමය සහ සේවා නියුක්තිය සහ පීතෘ මූලිකත්වය, ස්ත‍්‍රී-පුරුෂභාවය සහ පවුල තුළ ස්ත‍්‍රීන්ගේ භූමිකාව වැනි කරුණු සාකච්ඡුා කෙරිණ. මෙම වැඩසටහන් 2008 දී ටී.එන්.එල් නාලිකාව ඔස්සේ විකාශනය කෙරිණ.