Remembering our founder Sunila Abeysekara, one year on

මානව අයිතිවාසිකම් උදෙසා පෙනීසිටිම වෙනුවෙන් ගෞරවාදරයට පත් ප්‍රබල ස්ත්රීෙවාදියකු සහ ශ්‍රී ලංකාවේ සහ මුළුමහත් ලෝකයේ කාන්තාවන්ට උපදේශිකාවක් වූ සුනිලා අබේසේකරයන් ගේ වාර්ෂික ගුණ සැමරුම 2014 සැප්තැම්බර් 5 වන දින කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ දි පැවැත්විණ. ඇගේ ගුණ සිහිපත් කිරීමට මෙම දිනයේ දි එක්රැස්වුවන් ඇය වෙනුවෙන් බෙදා හදා ගත් සෙනෙහස සහ ගෞරවය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය.

‘‘ඇය පුරා දශක 3 කට ආසන්න කාලයක් කාන්තාවන් ගේ අයිතිවාසිකම්ල ස්ත්‍රීවාදය, ප්‍රචණ්ඩ ක්‍රියා සහ යුද්ධය පැවති කාලපරිච්ඡේදය තුළ මානව අයිතිවාසිකම් කඩකිරීම් සම්බන්ධ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම වෙනුවෙන් හඬක් නගන ලදි. විවිධ කණ්ඩායම් වලට සධාරණත්වය ඉෂ්ඨ කිරීම සඳහා ඇය ගත් උත්සාහයන් ඇය සමඟ සමීපව වැඩ කළ සිවිල් සමාජයේ ප්‍රබල සමාජිකයින් විසින් නැවත සිහිපත් නොකළා නම් ඇය කළ සේවා වැළලී යන්න ඉඩ තිබිණ.

සුනිලා අපට ස්ත්‍රීවාදී ප්‍රතිපත්ති හඳුන්වා දීම තුළින් අපගේ දේශපාලන දැනුම ඉහළ නැංවූ කාන්තාවකි. 1984 දි කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ආරම්භ කරන විට ස්ත්‍රීමවාදය පිළිබඳ කතා බහ කිරීමට එක්රැස් වූ ප්‍රථම කාන්තා කණ්ඩායම වූයේ අපයි. එය ආරම්භ කොට මේ වන විට වසර 30 ක් පමණ ගතවන අතර අපසු හැරි බලන විට ඇගේ දර්ශනය දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන්ට සමාජ, ආර්ථික සහ දේශපාලන ගැටළු අවබෝධ කර ගැනිමටල ස්ත්‍රීවාදය පිළිබද සංවාදය හා එක්විමට අනුබලය ලබා දෙන ලදි.

අපි මේ වන විට බොහෝ දුරක් පැමිණ ඇත. ආරම්භයේ දී දේශපාලනය’ කාන්තාවන් ගේ සාකච්ඡාවන් අතර දක්නට නොවූ දෙයකි. එය පිරිමින්ට පමණක් සිමාවූ විෂයපථයකි. සුනිලා කාන්තාවන් සඳහා දේශපාලන දර්ශනයක් හඳුන්වා දුන් අතර ඇය අපට දේශපාලන රාමුවක් තුළ සාකච්ඡාවක් ගොඩනගා ගන්නේ කෙසේ ද සහ දේශපාලනයට ස්ත්‍රීවාදය අදාළ කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳ උගන්වන ලදි.

ස්ත්‍රීවාදය සහ දේශපාලනය එකිනෙකට වෙන් වූ භාවයන් දෙකක් නොවන අතර සමාජයේ ප්‍රගතිය උදෙසා එය අතින් අත යයි. අද අපි ඔබට සුනිලා ගේ වර්ෂ පූර්ණ ගුණ සැමරුම පමණක් නොව අපේ ගමන් මඟ ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්නේ කෙසේ යන්න පිළිබඳව ද සිහිපත් කරන ලෙස ආරාධනා කරමු. අපේ සහ සුනිලා ගේ අදහස් එකට එකතු කිරීම තුළ අපේ අනාගතය සඳහා ගමන් මඟ සකස් කර ගත හැක. කාන්තාව හා මාධ්‍ය සාමුහිකයේ විධායක අධ්‍යක්ෂිකා සේපාලි කෝට්ටගොඩ මහත්මිය විසින් එදින සිදුකළ පිළිගැනිමේ කතාවෙන් උපුටා ගන්නා ලදි.

සුනිලා ගේ උට්ඨාන වීර්ය සහ පෞරුෂත්වය සහ කාන්තාවන් එකතු කිරීමේ හැකියාව කාන්තාව හා මාධ්‍ය සාමූහිකය නිර්මාණය කිරිමට දායක විය. එමෙන් ම ඇය රට පුරා කාන්තා සංවිධාන පිහිටුවිම සඳහා බොහෝ පිරිස් ධෛරය්‍යමත් කරමින් සහ අවශ්ය සහයෝගය ලබා දෙමින් ඇගේ මෙහෙවර ඉදිරියට ගෙන යන ලදි. මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා ඇය තුළ වූ බලවත් කැපවිම වෙනුවෙන් එක්සත් ජාතීන් ගේ මහලේකම්, කොෆි අනන් විසින් 1988 වසර සඳහා එක්සත් ජාතීන් ගේ මානව අයිතිවාසිකම් ත්‍යාගයෙන් ඇයව පිදුම් ලබන ලදි. මෙම ත්‍යාගයෙන් පිදුම් ලැබූවන් අතර එලීනෝ රූසෙවෙල්ට් සහ මාර්ටින් ලුතර් වැන්නන් ද වූහ.

“මට මතකයි හරියටම සුනිලා මිය යන්න පෙර දින සුනිලාට කළ යුතු වූ එක් දෙයක් තිබුණා. ඒ තමයි කොහොමද සාමූහිකව එකතු වෙන්නේ, කොහොමද ඒක ඉදිරියට ගෙන යන්නෙ සහ කොහොමද ඒ තුළ සංවාදයක් ගොඩනගන්නෙ කියන එක. මේක කොහොමද නැවතත් අපේ නිවෙස් වලට සහ අදාළ ආයතන වලට නැවතත් රැගෙන යන්නේ කියන එක ගැන අවධානය යොමු කරන්න අපිට අවශ්‍ය වෙනවා අද අපි අපේ සංවිධානය නැවතත් පිහිටුවා ගත්තා. දැන් අපිට හිතන්න වෙනවා කොහොමද අපි මේක නැවතත් ඉදිරියට ගෙන යන්නේ කියන එකල මොකද අද අපි කතා බහ නොකරපු තවත් අභියෝගයක් තියනවා ඒ තමයි ඉදිරියට එන මැතිවරණය.
අද අපි කතා කරපු සෑම දෙයක් ම ප්‍රජාතන්ත්‍රිකවාදය, මානව අයිතිවාසිකම් සහ රජයේ විධායක බලතල අසතුටුදායක තත්ත්වයක තියෙන්නේ. අපිට පරිස්සමෙන් හිතා බලන්න සිද්ධ වෙනවා සහ හඳුනා ගන්න වෙනවා අපි කොහොමද ඉදිරි මැතිවරණය නියෝජනය කරන්නේ කියලා. නිමල්කා කිව්වා වගේ දේශපාලනය කියන්නේ හරිම පෞද්ගලික දෙයක්, ඒ වගේ ම අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු සංවාදයක්, සුනිලා ගේ දර්ශනය ශ්‍රී ලංකාවේ සියලු ම කාන්තාවන් වෙත ගෙන යාමට අපි තවදුරටත් බලාපොරොත්තු වෙනවා. අද දවසේ මෙම අවස්ථාවට සහභාගී වූ සැමට සුනිලා වෙනු වෙන් මම මගේ ස්තුතිය පුද කරනවා’’. කාන්තාව හා මාධ්‍ය සාමූහික‍යේ පර්යේෂණ සහකාරක කුමුදුනී සැමුවෙල් උළෙලෙ කටයුතු අවසන් කරමින් සිදුකළ කතාවෙන් උපුටා ගන්නා ලදි.

  • Listen to Sunila’s song Sthree