Review meeting with Trade Union Women United (TUWU)

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් ශ්‍රී ලංකාවේ කාන්තා වෘත්තිය සමිති සමාජිකාවන් ගේ ධාරිතාව වර්ධනය කිරිම සඳහා ආරම්භ කරන ලද වැඩසටහනේ, වසර දෙකක් පුරා සිදුකළ ක්‍රියාකාරකම් හි ප්‍රගතිය ඇගයීම සඳහා කාන්තා වෘත්තීය සමිති එකමුතුවේ නායිකාවන් 2014 දෙසැමිබර් මස 17 වන දින කාන්තාව හා මාධ්‍ය සාමූහිකය හා එක්විය.

කාන්තාව හා මාධ්‍ය සාමුහිකය කාන්තා වෘත්තීය සමිති සමාජිකාවන් ගේ කටයුතු ප්‍රවර්ධනය කිරිම සඳහා සහ ඔවුන්ල වෘත්තීය සමිති තුළ නායකත්වය දැරිමට සහ රටේ දේශපාලන ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කර ගැනිම සඳහා ක්‍රියාකාරකම් රැසක නිරත විය. නායකත්ව සහ සේවක අයිතීන් පිළිබඳ පුහුණු වැඩසටහන්, ස්ත්‍රීපුර්ෂ සමාජභාවය සහ දේශපාලන වැඩමුළු, පුවත්පත් ලිපි, රූපවාහිනි වැඩසටහන්, සමාජ මාධ්‍යඳ ජාලයන් පිළිබඳ දැනුවත් කිරීම් කාන්තා අයිතීන් පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරිම සහ ජනමාධ්‍ය යන් පිළිබඳ දැනුවත් කිරිමේ වැඩමුළු පැවැත්විම වැනි දැ මෙම ක්‍රියාකාරකම් අතර වූහ.

මෙම ඇගයීමේ දී වෘත්තීය සමිති කාන්තා එකමුතුව තුළින් ඉදිරි මැතිවරණයේ දි තරඟවැදිමට බලාපොරොත්තු වන අපේක්ෂිකාවන් ඔවුන් ගේ වෘත්තීය සමිති නායකයින්ට හඳුන්වා දිමද සිදු කෙරිණ. කාන්තාව හා මාධ්‍ය සාමුහිකය විසින් නිෂ්පාදනය කරන ලද වෘත්තිය සමිති කාන්තාවන් ගේ ජීවිතය නිරූපණය කරන වාර්තාමය චිත්‍රපටයක් මෙදින එළි දක්වන ලදි.