Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

2008 මැයි අගෝස්තු. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය පළාත් පාලනය ගැන ස්ත‍්‍රීන්ගේ දැනුවත්භාවය වැඩි කිරීම, පළාත් පාලන ඡුන්ද විමසීම්වලට ඔවුන්ගේ ඉදිරිපත්වීමේ හැකියාව වැඩි කිරීම හා යහ පාලනය ඇති කිරීමට ඔවුන්ගේ හැකියාව වැඩි කිරීම වැනි කරුණු අරමුණු කරගත් ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කෙළේය. දිස්ත‍්‍රික්ක තුනක පළාත් පාලන ආයතන 14ක්  නිරීක්ෂිකාවන් 25 දෙනෙකුගේ නිරීක්ෂණයට ලක් විය.

අදාළ කාල පරිච්ෙඡ්දයට නිම කරන ලද ක‍්‍රියාකාරකම් මෙසේය:

නිරීක්ෂණය.

තෝරාගත් පළාත් පාලන ආයතන 14 මාසික රැුස්වීම්වලට සහභාගි වීමෙන් පළාත් පාලන ක‍්‍රියාවලිය නිරීක්ෂණය කරන ලදී. එම රැුස්වීම්වලට සහභාගි වූ නිරීක්ෂිකාවන් එකිනෙකා අතර තම අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා එක් එක් දිස්ත‍්‍රික්කයක රැුස්වීම් පැවැත්විණ. පළාත් පාලන නියෝජිතයෝ එක් එක් දිස්ත‍්‍රික්කයක කාලීන ප‍්‍රශ්න විසඳීමේ දී නිරීක්ෂිකාවන් සමඟ සහයෝගයෙන් කටයුතු කළහ. විසඳිය යුතු පොදු ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ප‍්‍රාදේශීය බලධාරීන්ට බලපෑම් කිරීමට ද නිරීක්ෂිකවෝ සමත් වූහ.

දිස්ත‍්‍රික් මට්ටමේ කරුණු ඉදිරිපත් කිරීම හා දැනුවත්භාවය වැඩි කිරීම

මෙම වැඩ සටහනේ මූලික අරමුණ වන්නේ පළාත් පාලන ආයතනවල සැසි නිරීක්ෂණය කිරීමේ දී රැුස් කරගත් තොරතුරු විග‍්‍රහ කිරීමෙන් ප‍්‍රජා මූලික සංවිධාන, ස්ත‍්‍රී සංවිධානවල ක‍්‍රියාකාරීන්ගේ සහ පළාත් පාලන ආයතන මංත‍්‍රීවරුන්ගේ දැනුවත්භාවය නඟා සිටුවීමයි.

එම ක‍්‍රියාකාරකම් මෙසේය:

මැයි 15 වැනි දා කුරුණෑගල පවත් වන ලද රැුස්වීම.

මැයි 24 බදුල්ල ස්ත‍්‍රී පුරුෂ අය-වැය ගැන පුහුණුව.

මැයි 25 මොණරාගල ස්ත‍්‍රී-පුරුෂ අය-වැය ගැන පුහුණුව.

ජුනි 23 කොළඹ වැඩ සැලසුම් රැුස්වීම.

මෙම වැඩ මුළු තුළින් අත් කරගත් කැපී පෙනෙන වෙනස්කම් වන්නේ ඉදිරියේ එළඹෙන ඡුන්ද විමසීම්වලට පෙරාතුව පළාත් පාලන ආයතන තුළ ස්ත‍්‍රී නියෝජනය වැඩි කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමඟ යහපත් පදනමක් ඇති කර ගැනීම, පළාත් පාලන කමිටුවලට ස්ත‍්‍රී නියෝජනය ඇතුළත් කිරීමට පළාත් පාලන බලධාරීන් විසින් නිර්දේශ කිරීම, පළාත් පාලන ආයතනවල අය-වැය සකස් කිරීම පිළිබඳ වගකීම හිමි අදාළ නිලධාරීන් අතර ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවී අයවැයක් පිළිබඳව දැනුවත්භාවයක් ඇති කිරීම යනාදියයි.

3* ක්‍ෂේත‍්‍ර චාරිකා සහ දැනුම හුවමාරු කරගැනීම. කලින් වසරේ මෙන් මෙම වසරේ ද ක්‍ෂේත‍්‍ර චාරිකා නිසා ප‍්‍රජාවන් සහ ඔවුන්ගේ ගැටළු දැනගැනීමට හැකි වූ නිසා ග‍්‍රාමීය මට්ටමේ ගැටළු විසඳිය යුත්තේ කෙසේද ගැන වඩාත් හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකිවීම. ක්‍ෂේත‍්‍ර චාරිකා දිස්ත‍්‍රික්කය තුළ අත්දැකීම් හුවමාරු කරගැනීමට අවස්ථාවක් වූ අතර ඉන් කාන්තාව හා මාධ්‍ය සාමූහිකයව ජාල ගත කිරීමේ හැකියාව සහ ක්‍ෂේත‍්‍ර අත්දැකීම් වර්ධනය කිරීමට ඉවහල් විය.