Submission of the Migrant Rights NGO Shadow Report titled “The Sri Lanka NGO Shadow Report on the International Convention on the Protection of the rights of all Migrant Workers and their families,” to the Committee on Migrant Workers.

2008 ජුනි. ශ‍්‍රී ලංකාව 1996 දී සංක‍්‍රමණික කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සන්ධානය අපරානුමත කළාය. මෙම සන්ධානය 2003 සිට බල පැවැත්විණ. ශ‍්‍රී ලංකාණ්ඩුව මෙම සම්මුතිය යටතේ කලින් කලට සංක‍්‍රමණික කම්කරුවන් පිළිබඳ කමිටුවට ඉදිරිපත් කළ යුතු වාර්තාවලින් පළමු වැන්න 2008 අපේ‍්‍රල් මාසයේ දී ඉදිරිපත් කළේය.

 

2006 දී සංක‍්‍රමණික කම්කරුවන් සඳහා වූ ක‍්‍රියාකාරී ජාලය (්ක්‍ඔත්‍ධඍඵ* සහ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සංක‍්‍රමණික කම්කරුවන් පිළිබඳ කමිටුවට ඉදිරිපත් කළ යුතු ශ‍්‍රී ලංකා රාජ්‍ය නොවන සංවිධාන විකල්ප වාර්තාව සම්බන්ධීකරණයට සහ සකස් කිරීමට මුල පිරුවෝය. රාජ්‍ය නිලධාරීන් සහ සංක‍්‍රමණික කම්කරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව වැඩකරන අදාළ රාජ්‍ය නොවන සංවිධාන සහ ප‍්‍රජා මූලික සංවිධාන සමඟ සංක‍්‍රමණික කම්කරුවන් පිළිබඳ කමිටුවේ අවධානයට යොමු කළ යුත්තේ කුමන ආකාරයේ දත්ත ද යන්න තීරණය කිරීමට උපදේශාත්මක රැුස්වීම් දෙකක් පවත්වන ලදී.

 

2008 ජුනි මාසයේ දී රාජ්‍ය නොවන සංවිධානවල අවසාන කෙටුම්පත සංක‍්‍රමණික කම්කරුවන් පිළිබඳ කමිටුවට ඉදිරිපත් කරන ලදී.