Sunila Abeysekara, two years on…

සුනිලා අබේසේකර
දෙවර්ෂ පූර්ණය සමරමු !

සුනිලා අප හැර ගොස්,
දෙවසරක් ගෙවී හමාරය.
වසර ගණනාවක් පුරා
අප‍්‍රමාණ කැපවීමෙන් යුතු වූ
ඇගේ සමාජ ක‍්‍රියාකාරිත්වයන්
මෙම වසරේ සිදු වූ
දේශපාලන වෙනස්කම් උදෙසා
උපකාරී වූ බව අපි හොඳාකාරවම දනිමු.
ඇය, අද ජීවත්ව සිටියා නම්
සැබැවින්ම මෙම වෙනස්කම් සතුටින් පිළිගෙන එය තවත්
සවිමත් කිරීමට වෙහෙස වනු ඇත.

මෙම දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ දිනයේදී
ඇයගේ ජීවිතය සහ කි‍්‍රයාකාරී දේශපාලනය මෙන්ම
ඇය නැගී සිටියේ; ඇය කටයුතු කළේ;
කුමක් උදෙසාද යන්න පිළිබ
දව සහ
ඇයට මඟ පෙන්වූ ස්ත‍්‍රීවාදී දැක්ම දෙස
ආපසු හැරී බැලීමට
අපි අපේක්ෂා කරමු.

අරගලයේ ස්ත්‍රීහු කියවන්න