පළාත් පාලන ආයතන තුළ 25%ක් කාන්තාවන් සඳහා වෙන් කිරීම

සන්දර්භය

ශ‍්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සඳහා වන මීළඟ මැතිවරණ වටය 2018 පෙබරවාරි 10 වන දිනට යෙදී තිබේ. මෙම මැතිවරණය හේතු ගණනාවක් නිසා වැදගත් වන්නකි. මෙය පවත්වනු ලබන්නේ කල් දැමීම් කිහිපයකින් අනතුරුවය; මෙය වූ කලී 2015 අගෝස්තු මස බලයට පත් වූ ජාතික හවුල් ආණ්ඩුව විසින් පවත්වනු ලබන පළමු මැතිවරණය ද වෙයි; එමෙන්ම, එය පළාත් පාලන ක‍්‍රමය සඳහා 2012 දී හඳුන්වා දී, 2017 සංශෝධනය කරනු ලැබූ නව මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමය යටතේ පවත්වන පළමු මැතිවරණයයි. මෙය තවත් හේතුවක් නිසා වැදගත් වන්නකි. පළාත් පාලන ආයතන තුළ කාන්තාවන්ගේ නියෝජනය 25%ක් අනිවාර්ය කිරීම ක‍්‍රියාවට නංවන පළමු මැතිවරණය ද මෙය වන්නේය. ශ‍්‍රී ලංකාවේ පළාත් පාලන මට්ටමේ මැතිවරණ ප‍්‍රතිසංස්කරණවල ඉතිහාසය සහ දේශපාලනය පිළිබඳව මෙන්ම ඉදිරියට එළඹෙන මැතිවරණය පිළිබඳව ද බොහෝ දෑ ලිවීමට සහ කීමට ඇති නමුත්, අපි මෙහිදී කාන්තාවන් වෙනුවෙන් වෙන් කරන ලද පංගුව පිළිබඳව පමණක් සාකච්ඡුා කරමු.

කෙටි ඉතිහාසයක්

ශ‍්‍රී ලංකාව තුළ පළාත් පාලන ආයතන සතුව ඇති ඉතිහාසය 1946 දක්වා දිගු වන්නකි. 1977 දී පළාත් පාලන ආයතන සඳහා ප‍්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා යන ස්ථර තුනකින් යුත් ක‍්‍රමය හඳුන්වා හඳුන්වා දීමෙන් පසු එය නව පණක් ලැබීය. පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණ ක‍්‍රමය ද 1977 දී කොට්ඨාශ පදනම් කරගත් සරළ බහුතර ක‍්‍රමයක සිට, සමානුපාතික නියෝජනය සහ ලැයිස්තු ක‍්‍රමය පදනම් කරගත් මැතිවරණ ක‍්‍රමයක් දක්වා මාරු විය (මුලින්ම මෙය ක‍්‍රියාත්මක කරන ලද්දේ 1989 දීය). සමානුපාතික නියෝජනයේ අක‍්‍රමිකතා දුරලීම සහ 1989 දී අත්හැර දමන ලද කොට්ඨාශ ක‍්‍රමයේ ධනාත්මක ලක්ෂණ යළි හඳුන්වා දීම සඳහා කේවල (කොට්ඨාශ) ක‍්‍රමය සහ සමානුපාතික නියෝජනය සංයුක්ත කරන ලද මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයක් 2012 දී හඳුන්වා දෙන ලදී. 2017 දී පළාත් පාලන මැතිවරණ පනතට ගෙන ආ වැඩි දුර සංශෝධනය (2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත) මඟින් දැන් පළාත් පාලන නියෝජිතයින් සමානුපාතික නියෝජන ක‍්‍රමය යටතේ ද පත් වන අතර, ඉන් 60%ක් පමණ තනි නියෝජිත හෝ බහු නියෝජිත කොට්ඨාශ නියෝජනය කරමින්ද, 40%ක් පමණ කොට්ඨාශ ක‍්‍රමයට ඡුන්ද පදනමක් නොමැති “අතිරේක තැනැත්තන්” ලැයිස්තුවකින් ද පත් වන බවට සහතික කරනු ලැබේ. පළාත් පාලන ආයතන සඳහා වන නියෝජිතයින් සංඛ්‍යාව 4486 සිට 8356ක් දක්වා ඉහළ නංවා තිබේ. සංශෝධනයේ 27(ඊ) අනුව, සෑම පළාත් පාලන ආයතනයකම මුළු නියෝජිතයින් සංඛ්‍යාවෙන් 25%ක් කාන්තාවන්ගෙන් සමන්විත විය යුතුය.

මිශ‍්‍ර නියෝජිත සමානුපාතික මැතිවරණ ක‍්‍රමය සහ කාන්තාවන් සඳහා වන අනිවාර්ය වෙන් කිරීම

මෙම නව ක‍්‍රමය යටතේ, සෑම දේශපාලන පක්ෂයක්ම නාමයෝජනා පත‍්‍ර දෙකක් භාර දිය යුතුය – පළමු නාමයෝජනා පත‍්‍රය තුළ අඩංගු වන්නේ එක් එක් පළාත් පාලන බල ප‍්‍රදේශය තුළ කොට්ඨාශ සඳහා වෙන් කරන ලද නියෝජිතයින්ගේ නම් ලැයිස්තුවකි. කොට්ඨාශ සඳහා නම් කරනු ලබන නියෝජිතයින්ගෙන් අවම වශයෙන් 10%ක් වත් කාන්තාවන් විය යුතුය. දෙවන ලේඛනය අමතර තැනැත්තන්ගේ නාම ලේඛනය වන අතර, ඉන් 50%ක් කාන්තාවන් විය යුතුය. කෙසේවුවත්, කොට්ඨාශ මට්ටමින් එක් ඡන්දදායකයකු හට සලකුණු කළ හැක්කේ තම කැමැත්ත අනුව එක් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන අපේක්ෂක කණ්ඩායමකට පමණි. මැතිවරණය අවසානයේ, කොට්ඨාශ ගණනාවකින් සමන්විත වන පළාත් පාලන ප‍්‍රදේශය තුළ දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් ලබා ගත් මුළු ඡුන්ද සංඛ්‍යාව ගණන් බැලීමෙන් අනතුරුව, කොට්ඨාශ තුළින් සහ අමතර තැනැත්තන්ගේ නාමලේඛන තුළින් එක් එක් පක්ෂවලට හිමි වන නියෝජිතයින් සංඛ්‍යාව ගණනය කිරීම සඳහා එය යොදා ගනු ලැබේ. මැතිවරණ ප‍්‍රතිඵල තහවුරු කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කරනු ලැබේ.

මෙය සිදු කිරීම සඳහා නියෝජිතයකු වීමට කොපමණ ඡන්ද ප‍්‍රමාණයක් අවශ්‍ය වන්නේද යන්න කොමසාරිස්වරයා විසින් පළමුව තීරණය කළ යුතුය. මෙය ගණනය කරනු ලබන්නේ, සියලූ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ලබා ගත් මුළු සංඛ්‍යාව, එක් එක් පළාත් පාලන අධිකාරිය සඳහා නියමිත නියෝජිතයින් සංඛ්‍යාවෙන් බෙදීම මඟිනි (මෙම සංඛ්‍යාව ගැසට් කරනු ලැබේ). ඉන් අනතුරුව, එක් එක් දේශපාලන පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම ලබා ගත් මුළු ඡන්ද සංඛ්‍යාව නියෝජිතයකු වීම සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාවෙන් බෙදනු ලබන අතර, එමඟින් එක් එක් පක්ෂය මඟින් පත් කෙරෙන නියෝජිතයින් සංඛ්‍යාව නිශ්චය කරනු ලැබේ.

යම් හෙයකින් පක්ෂයක් තමාට හිමි නියෝජිතයින් සංඛ්‍යාවට වඩා අඩු කොට්ඨාශ ප‍්‍රමාණයක් දිනා ඇති විට, එකී අඩු නියෝජිතයින් සංඛ්‍යාව තරඟ කොට පැරදුණු පළමු නාමයෝජනා පත‍්‍රය තුලින් සහ අමතර තැනැත්තන්ගේ නාමයෝජනා පත‍්‍රය තුළින් තෝරා ගනු ලැබේ.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙම ගණනය කිරීම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව කාන්තාවන් සඳහා 25%ක් වෙන් කිරීම සඳහා වන එක් එක් පක්ෂයේ වගකීම තීරණය කරනු ලබන්නේ, කොට්ඨාශ මට්ටමින් පළාත් පාලන ආයතනය තුළට තේරී පත් වූ කාන්තාවන් ප‍්‍රමාණය සළකා බැලීමෙනි. මෙම සංඛ්‍යාව දැනගත් වහාම, පළාත් පාලන ආයතනය තුල කාන්තා නියෝජනය 25%ක් බව තහවුරු කිරීම සඳහා, එක් එක් දේශපාලන පක්ෂයේ සහ ස්වාධීන කණ්ඩායමේ අමතර තැනැත්තන්ගේ ලේඛනය තුළින් ගත යුතු කාන්තාවන් ප‍්‍රමාණය කොපමණ ද යන්න කොමසාරිස්වරයා විසින් තීරණය කරනු ලබයි.

දේශපාලන පක්ෂයක් තුළින් තේරී පත් වන සාමාජිකයින් සංඛ්‍යාව “ඉක්මවා ගොස්” තිබේ නම් සහ එමඟින් නියෝජිතයින් ලෙස තේරී පත් වීමට අවශ්‍ය යයි තීරණය කර ඇති ඡුන්ද සංඛ්‍යාව ඉක්මවා යයි නම් සහ එහි කිසිදු කාන්තා නියෝජිතයකු තේරී ඔත්ව නොමැති විට, 25%ක් වූ කාන්තා නියෝජිතත්වය ආරක්ෂා කරනු ලබන්නේ අනෙකුත් දේශපාලා පක්ෂවල සමානුපාතික නියෝජන ආසන හරහා ය. මීට සමානවම, යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන අධිකාරියේ ප‍්‍රදේශය තුළ 20%කට අඩු ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගෙන තිබේ නම් සහ නියෝජිතයින් 3කට අඩු සංඛ්‍යාවක් සඳහා හිමිකම් කියයි නම්, අමතර තැනැත්තන්ගේ ලේඛනය තුළින් කාන්තාවන් පත් කිරීමට ඔවුන්ට ද හැකියාවක් නොමැත.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, නව අනිවාර්ය වෙන් කිරීමේ ක‍්‍රමය අනුව, පළාත් පාලන අධිකාරීන්හි කාන්තා නියෝජනය සම්පූර්ණ කිරීමේ වගකීම, බහුතර ඡුන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා පක්ෂය වෙත නොව, දෙවනුව ඉහළ ඡුන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා පක්ෂ මත පැටවීමට ඉඩ ඇත.

මෙම අනිවාර්ය වෙන් කිරීමේ වැදගත්කම

මෙම වෙන් කිරීම වූ කලී, කාන්තා ක‍්‍රියාකාරිනියන්, සංවිධාන සහ ජාතික කාන්තා කමිටුව විසින් 20 වසරක් පුරාවට, පොදුවේ දේශපාලනය තුළ සහ විශේෂයෙන් පළාත් පාලන ආයතන තුළ අවම කාන්තා නියෝජනය පිළිබඳ ගැටලූව ආමන්ත‍්‍රණය කිරීම සඳහා දියත් කළ දිගු කාලීන අරගලයක ප‍්‍රතිඵලයකි. දේශපාලන පක්ෂ තුළ පුරුෂමූලික සංස්කෘතියෙහි බලපැවැත්ම සහ මැතිවරණවලදී කාන්තාවන්ට නාමයෝජනා ලබා දීම අතිශයින් අඩු වීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ පළාත් පාලනය තුළ කාන්තා නියෝජනය එතිහාසිකව ගත් කල ඉතා පහළ මට්ටමක පැවති අතර කිසි විටෙකත් 2% ඉක්මවා නොගියේය. නිදසුනක් ලෙස, ඉතිහාසය පුරා ප‍්‍රධාන සාමූහිකත්වයන්/පක්ෂ තුළ කාන්තාවන් සඳහා ලබා දුන් නාමයෝජනා ප‍්‍රතිශතය සාමාන්‍යයෙන් 4% සිට 10% අතර ප‍්‍රමාණයක් විය.

සමානුපාතික නියෝජනයේ සිට මිශ‍්‍ර ල්රමය දක්වා මාරු වීම පිළිබඳ විධිමත් හෝ නිල සාකච්ඡුා 2000 වර්ෂයේ මුල් කාලයේ ආරම්භ වූ අතර, දශකයකට වැඩි කාලයක් ඇදී ගියේය. එම සාකච්ඡුා ප‍්‍රධාන වශයෙන් කේන්ද්‍ර වූයේ විශාල, ස්ථාවර දේශපාලන දේශපාලන පක්ෂවල අවශ්‍යතා සහ වුවමනාවන් සපුරාලීම හා පවත්නා තත්ත්වය, විශේෂයෙන්ම එතිහාසික නියෝජන ස්වරූපයන් තවදුරටත් පවත්වාගෙන යන්නේ කෙසේද සහ ඡුන්ද පදනම් සහ ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ රටාවන් ආරක්ෂා කිරීම හා සුළුතර පක්ෂ සඳහා වඩාත් සාධාරණ නියෝජනයක් සුරක්ෂිත කිරීම යන මාතෘකා වටාය. විස්මයජනක ලෙස, අනෙකුත් එතිහාසිකව කොන් කරනු ලැබූ කණ්ඩායම් සහ ඡුන්දදායකයින්, විශේෂයෙන්ම නියෝජිත දේශපාලනය තුළ තරුණයින් සහ කාන්තාවන් මෙන්ම, විවිධ මැතිවරණ ප‍්‍රතිසංස්කරණ හරහා කාන්තාවන් අත් විඳි කොන් කිරීම් සහ වෙනස්කොට සැළකීම් සඳහා පිළියම් යොදන ලෙස කරනු ලැබූ අඛණ්ඩ ඉල්ලීම් ද මෙම ක‍්‍රියාවලිය තුළ මුළුමනින්ම අමතක කරන ලදී. ඇත්තෙන්ම, මිශ‍්‍ර ක‍්‍රමය හඳුන්වා දෙනු ලැබූ 2012 නීතිය මඟින් වයස අවු: 18ත් 35ත් අතර තරුණයින් සහ කාන්තාවන් සඳහා වන අනිවාර්ය වෙන් කිරීම මුළුමනින්ම ඉවත් කොට, ඒ වෙනුවට දේශපාලන පක්ෂවලට කිසිදු ප‍්‍රතිවිපාකයක් රහිතව අමතක කොට දැමිය හැකි කාන්තාවන් සහ තරුණයින් සඳහා වන 25%ක අභිමතානුසාරී වෙන් කිරීමක් හඳුන්වා දෙන ලදී.

ප‍්‍රාදේශීය මට්ටමින් ආරම්භ කර, කොට්ඨාශ තුළ ජනතාව සහ ඔවුන්ගේ නියෝජිතයින් අතර සමීප සම්බන්ධයක් කෙරෙහි මඟ පෙන්වමින්, දේශපාලනය ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය කිරීමට නව මැතිවරණ ක‍්‍රමවේදය අපට අවස්ථාව සළසා දී තිබේ. තවදුරටත්, කාන්තාවන් සඳහා අනිවාර්ය ආසන සංඛ්‍යාවක් වෙන් කිරීම මඟින්, කාන්තාවන් නියෝජිත දේශපාලනයේ පොදු අවකාශය තුළට ගෙන ඒම, කාන්තාවන් දේශපාලනයෙහි නිරත වීම ඉහළ නැංවීම, කාන්තාවන්ට දේශපාලනය කිරීමට ඇති හැකියාව පිළිබඳ මහජන ආකල්පය වෙනස් කිරීම සහ දේශපාලනය සඳහා විශාල ලෙස වියදම් කිරීමේ මුල්බැසගත් දේශපාලන සංස්කෘතිය, අනුග‍්‍රාහකත්වය, දුෂණය සහ ප‍්‍රචණ්ඩත්වය නතර කිරීම සඳහා එතිහාසික අවස්ථාවක් සළසා දී තිබේ.

එහෙයින්, මෙම අනිවාර්ය වෙන් කිරීම සහ එමඟින් කාන්තාවන් සඳහා 25% ක නියෝජනයක් තහවුරු කරනු ලැබීම අධිතක්සේරු කළ නොහැකිය. එහි සැකැස්ම සහ ක‍්‍රියාත්මක වීම තුළ ගැටලූකාරී තත්ත්වයන් තවමත් දැකිය හැකිය. මෙම වෙන් කිරීම මඟින් පළාත් පාලන අධිකාරීන් තුළ කාන්තා නියෝජනය සැළකිය යුතු ලෙස ඉහළ නංවන නමුත්, එය භෞතිකව පවත්නා පිරිමි අධිකාරීත්වයට අභියෝග නොකරයි. ආසන ගණනාවක් (60%)ක් සඳහා කොට්ඨාශ මට්ටමින් තරඟ වදින නමුත්, එම ආසන හෝ කොට්ඨාශවලින් කාන්තාවන් සඳහා වෙන් වන්නේ 10%ක් පමණි. කොට්ඨාශයක් ජයග‍්‍රහණය කිරීම වූ කලී ආසනයක් හිමි වන බවට තහවුරු කිරීමක් වන අතර, කොට්ඨාශය අයත් වන කුඩා ඡන්ද බල ප‍්‍රදේශය නිසා පහසුවෙන් හා අඩු වියදමකින් ඡන්ද ව්‍යාපාරය පවත්වාගෙන යාමට ද, ඡන්ද දායකයින් හඳුනා ගැනීමට ද පහසුව සළසයි. කාන්තාවන්ගෙන් බහුතරය නාමයෝජනා පත‍්‍රය තුළින් තේරී පත් වන අතර, එහෙයින් තමාගේම ඡන්ද කොට්ඨාශයක් නොමැති වන අතර, එසේ ගොඩ නඟා ගැනීමට සහ ඡන්දදායකයින් සමඟ සබඳතා තර කර ගැනීමට ඇති අවස්ථාව අහිමි වී යයි. ඔවුන් කිසිවකුට වග නොකියන කණ්ඩායමක් ලෙස පෙනී යනු ඇති අතර, එහෙයින් බරපතල ලෙස ගණන් නොගැනීම නිසා පළාත් පාලන ආයතන තුළ ඔවුන්ගේ කාර්යක්ෂමතාවට සහ සමාන සහභාගීත්වයට බාධා පැමිණෙනු ඇත.

කොට්ඨාශ සඳහා තරඟ වැදීමට කාන්තාවන් නම් කිරීම, කාන්තාවන්ට නාමයෝජනා ලබා දෙන කොට්ඨාශ කවෙරේදැයි තීරණය කිරීම සහ සමානුපාතික නියෝජන ලයිස්තුවට කාන්තාවන්ගේ නම් ඇතුළත් කිරීම යනාදියෙහි වගකීම පක්ෂය සතු වෙයි. ඇත්තෙන්ම, එයමහුතරය පිරිමින් වන පළාත් පාලන සහ දිස්ත‍්‍රික්ක මට්ටමේ පක්ෂ සංවිධායකයින් සතු වන්නකි. මෙම ක‍්‍රමය අභියෝගයට ලක් නොවී පවතින අතර, නාමයෝජනා ලබා ගැනීමට සහ ඡන්ද විමසීමෙන් අනතුරුව සමානුපාතික නියෝජන ලැයිස්තුව තුළින් පත්වීම් ලබා ගැනීමට තම පක්ෂවල දේශපාලන බලය දරණ තැනැත්තන් මත යැපීමට කාන්තාවන්ට සිදු වේ.

කිසියම් පක්ෂයක් ඡන්ද බහුතරයක් ලබා ගැනීමට සමත් වේ නම්, තරඟ වදින සියලූ කොට්ඨාශවල ආසන දිනා ගැනීමට හැකි වන අතර, අතිරේක ලැයිස්තුවෙන් පත් වන නියෝජිතයින් සඳහා ආසනයක් ලබා ගැනීමට ඇති පදනම කවරේ ද යන්න අවිනිශ්චිත ය. ඔවුන්ට ද කොට්ඨාශයෙන් පිටත සම්පූර්ණ පළාත් පාලන අධිකාරී බල ප‍්‍රදේශය තුළ ඡන්ද ව්‍යාපාරය පවත්වා පක්ෂ වෙනුවෙන් ඡන්දය රැස් කිරීමට සිදු වේ. එහෙයින්, කානතාවන්ට වැඩිපුර මැතිවරණ ව්‍යාපාරයේ යෙදීමට සිදු වන නමුත්, ආසනයක් හිමි වේ දැයි සහතිකයක් නොලැබේ. දේශපාලන පක්ෂ තුළ පවත්නා ස්ත‍්‍රී විරෝධය හේතුවෙන්, කාන්තාවන් යනු අතරමැදියන් කොට්ඨාශයක් ලෙස ද, 25%ක ප‍්‍රතිශතය යනු අනවශ්‍ය වරප‍්‍රසාදයක් ලෙස ද දකිනු ලබන අතර, ඒ හේතුවෙන් කාන්තාවන්ට නොයෙකුත් බිය ගැන්වීම් සහ සමානුපාතික නියෝජන ලැයිස්තුව යටතේ තරඟ වදින අනෙකුත් පිරිමි නියෝජිතයින් වෙතින් තර්ජන ඇති වී තිබේ. එමෙන්ම, ඉහතින් විස්තර කළ අන්දමට, කාන්තාවන් සඳහා 25%ක ප‍්‍රතිශතයක් වෙන් කිරිමේ අවසාන වගකීම සියලූ පක්ෂ කෙරෙහි සමානව බෙදී නොයයි. එහෙයින්, ප‍්‍රාදේශීය දේශපාලනය තුළ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවී සබඳතා වෙනස් කිරීමට මෙම අනිවාර්ය වෙන් කිරීම සතු වන හැකියාව කෙරෙහි, මෙකී විවිධ දිශානතීන්හි ප‍්‍රතිඵල විසින් ඇති කරනු ලබන බලපෑම තවමත් පෙනෙන්නේ නැත.

චූලනී කොඩිකාර සහ කුමුදිනි සැමුවෙල්
2018 ජනවාරි