දේශපාලන පක්ෂවල තරුණ සාමාජිකාවන්ගේ පුහුණු කිරීම, ගාල්ල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , එක්සත් ජාතික පක්ෂය , එක්සත් පොදු පෙරමුණ , ජනතා විමුක්ති පෙරමුණ යන දේශපාලන පක්ෂ වල තරුණ සාමාජිකාවන් සමග මතවාදී සාකච්ජාවක් ගොඩනගා ගැනීමේ වැඩසටහන කාන්තාව හා මාධ්‍ය සමුහිකය සමග ගාල්ල ගැමි කාන්තා පෙරමුණත් , මාතර රුහුණු සිසිල සංවිධානයත්, එක්ව මැයි මස 26 වෙනිදා ගාල්ල The Garden Hotel හිදී පැවැත්විණි.

මෙහි මුලික අරමුණ වන්නේ දේශපාලන පක්ෂවල තරුණ සාමාජිකාවන්ගේ ගොනුවක් සකස් කර , ප්‍රාදේශීය, දිස්ත්‍රීක් සහ ජාතික මට්ටමේ පක්ෂ නායකත්වය සමග සම්බන්ධ විය හැකි ශක්තිමත් තරුණ කාන්තා කණ්ඩායමක් දේශපාලන පක්ෂ තුළ ගොඩනැගීමයි.