WMC Film Festival 2009

මෙම චිත‍්‍රපටි උළෙල මාර්තු 23 සිට 26 දක්වා රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සෑම දිනකම ප.ව 3.00 ට සහ ප.ව 6.00 ට පවත් වන ලදී. පහත සඳහන් චිත‍්‍රපටි ප‍්‍රදර්ශනය කෙරිණ. සරා ගව්රොන් ගේ ‘බි‍්‍රක් ලේන්’, මර්ජනෙ ස්ට‍්‍රාපිගේ සහ වින්සන්ට් පැරනවුඞ් ‘පර්සිපොලිස්’ සහ සහ ජිනා ප‍්‍රින්ස් බයිදවුඞ් ගේ ‘සීක‍්‍රට් ලයිෆ් ඔෆ් බීස්’. පොදු ජනතාවට විවෘත වූ මෙම උළෙලේ දී ප‍්‍රදර්ශනය වූ සමාජ සාධාරණත්වය සහ ස්ත‍්‍රීන්ගේ ගැටළුවලට සංවේදී වූ චිත‍්‍රපටි ජාතික හා ප‍්‍රාදේශීය මට්ටමේ ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන් හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින අය වැනි මිශ‍්‍ර ස්ත‍්‍රී සහ පුරුෂ පේ‍්‍රක්‍ෂක පිරිසකට ආමන්ත‍්‍රණය කිරීමට අවස්ථාවක් විය. කාන්තාව හා මාධ්‍ය සාමූහිකයට ඇති  විශාල සම්බන්ධතා ජාලය සැලකිල්ලට ගත් විට ස්ත‍්‍රී අයිතිවාසිකම් පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණයන් ගෙනහැර දක්වන මෙම චිත‍්‍රපටි නැරඹීමට අවස්ථාවක් ලැබීම බෙහෙවින් ඵලදායක අවස්ථාවක් බව බොහෝ අය පැවසූහ.