WMC Film Festival – April 2014

කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ වාර්ෂික චිත‍්‍රපට උළෙල පිට පිට එහි 10 වෙනි වසරට එළඹ ඇත. උළෙල මෙම වසරේ අපේ‍්‍රල් 2 – 4 යන දිනවල කොළඹ 08 නාමෙල් මාලනී පුංචි තියටර්හි දී පැවැත් වේ.
එසේම කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ කෙටි චිත‍්‍රපට තරගය සඳහා වන සම්මාන ප‍්‍රදානෝත්සවය ද අපේ‍්‍රල් මස 2 වෙනි බදාදා ප.ව. 2. 30 ට පැවැත්වේ. ජයග‍්‍රාහී කෙටි චිත‍්‍රපට ද පුංචි තියටර්හි දී තිරගත වේ.
මෙම වසරේ තිරගතවන ජාත්‍යන්තර චිත‍්‍රපට පහත සඳහන් පරිදි ය:

අපේ‍්‍රල් 02 වෙනි බදාදා – Made in Dagenham (අධ්‍යක්ෂණය නයිජල් කෝල් විසිනි)

අපේ‍්‍රල් 03 වෙනි බ‍්‍රහස්පතින්දා – Bend it like Beckham (අධ්‍යක්ෂණය චාදා විසිනි)

අපේ‍්‍රල් 04 වෙනි සිකුරාදා – Bread and Roses (අධ්‍යක්ෂණය කෙන් ලෝච් විසිනි)