WMC short film competition 2013

කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ (WMC) කෙටි චිත‍්‍රපට තරගයේ සම්මාන ප‍්‍රදානෝත්සවය සහ තිරගත කිරීම අප්‍රේල් 2 වන දින කොළඹ නාමෙල් මාලිනී පුංචි තියටර්හි දී පවත්වනු ලැබිණ. 2013 තරගයේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවෝ ශී‍්‍ර ලංකාවේ ස්තී‍්‍රන් විසින් මුහුණ දෙනු ලබන්නා වූ සැබෑ ජීවිත තත්ත්වයන් නිරූපණය කරන සිත් ගන්නා චිත‍්‍රපට නිෂ්පාදනය කළහ.

කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ (WMC) 2013 කෙටි චිත‍්‍රපට තරගයේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවෝ :

පළමු ස්ථානය – සිවලිංගම් සිවරාජ් The Balance සඳහා

දෙවන ස්ථානය – සනත් දිසානායක ‘සිතුවිලි’ සඳහා

අවසන් වටයට තෝරාගත් – ජේ. එම්. රිෂාම් ‘පූරච්චි පූ’ සඳහා

කෙටි චිත‍්‍රපට තරගය සඳහා තෝරා ගැනීමේ කි‍්‍රයාවලියට මුල පුරන ලද්දේ සියලූ තරගකරුවන්ගෙන්/කාරියන්ගෙන් තිරපිටපත් කැඳවීමෙනි. 2013 දී කාන්තාව හා මාධ්‍යය සාමුහිකයට සිංහල තිර පිටපත් 124 ක් ද දමිළ 19 ක් හා ඉංගී‍්‍රසි 12 ක් ද ලැබිණ. හොඳම තිර පිටපක්වලින් 23 ක් අවසාන තරගයට තෝරා ගැනිණ. ඒවායින් චිත‍්‍රපට 14 ක් තරගය සඳහා ඉදිරිපත් කෙරිණ.