WMC Short Film Competition 2014

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් පවත්වන ලද කෙටි චිත්‍රපට උළෙලෙහි ජයග්‍රාහිකාවන් සඳහා සම්මාන, කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ 30 වන සංවත්සරික ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලෙදි එනම් 2015 පෙබරවාරී මස 10 වන දින ලබා දෙන ලදි. මෙම වසරේ පළමු වන ස්ථානය ජේ. පී . කුසුම් ජයවීර විසින් නිර්මාණය කරන ලද “ වේගවත් ගැහැණිය” නම් වු චිත්රපපටයට හිමි විය. ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියකි. මෙම කෙටි චිත්‍රපටය ඇය විසින් නිෂ්පාදනය කරන ලද පළමුවන කෙටි චිත්‍රපටයයි.

දෙවන ස්ථානය “ කාන්තා දේශපාලන සහභාගිත්වය“ නම් වු කෙටි චිත්‍රපට නිර්මාණය කරන ලද ලහිරු පෙරේරාට හිමි වුන අතර ඔහු කොළඹ දෘෂ්්යා සහ රංඟ කලා විශ්ව විද්යාුලයේ හතර වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.

තෙවන ස්ථානය හිමිකරගත් තරඟකරුවන් දෙදෙනකු වූ අතර ඉන් එක් ස්ථානයක් උපාධි අපේක්ෂිකාවන් දෙදෙනකු වූ හර්ෂනි සඳරේඛා සහ සුගන්ධි කේ. පෙරේරා විසින් නිර්මාණය කරන ලද ‘ අවංකා චිත්රුපටියටද අනික අවිස්සාවෙල්ලේ පදිංචි විශ්රාරමික ගුරුවරියක වන කල්්යාසණි විදාගම විසින් නිර්මාණය කරන ලද බඹරුන්ට දෙබරු යන චිත්‍රපටයට ද හිමිවිය. කල්්යාමණි දරුවන් හතර දෙනකුගේ මවකි.

ජයග්‍රාහිචිත්‍රපට ප්‍රදර්ශනයේ සමාරම්භක උළලෙදි මෙන් ම ප්‍රදර්ශනයේ පැවැත්වෙන කාලය පුරාම එය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින්ට ප්‍රදර්ශනයේ කෙරිණි.

Related links