WMC Women’s Photography Exhibition 2014

කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ 30 වන සංවත්සරය සැමරීම සඳහා කාන්තා අරගල සහ කාන්තා අභිමානය නමින් තේමා කොට ගත් පවත්වන ප්‍රදර්ශනයට සමගාමීව කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ 2014 වසරේ ඡායාරූප ප්‍රදර්ශනයද පවත්වන ලදි.
මෙම ප්‍රදර්ශනය 2015 පෙබරවාරි මස 11 වන දා සිට 13 වන දා දක්වා කොළඹ ජාතික පුස්තකාලයේ මහජන ප්‍රදර්ශනය සදහා විවෘතව පැවතිණ. ‘වැඩකරන කාන්තාව යන තේමාව ඔස්සේ ආධුනික සහ වෘත්තීමය කාන්තා ඡායාරූප ශිල්පීන් 30 දෙනෙකුගේ ඡායාරූප මෙම ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබුණ අතර චන්ද්‍රගුප්ත තේනුවර සහ ඔහුගේ කණ්ඩායම විසින් එය විවෘත කරන ලදි.
ඉදිරිපත් කරන ලද ඡායාරූප සඳහා කුසලතා සම්මාන හිමිකරගත් ජයග්‍රාහිකාවන් සමාරම්භක උළෙලේදී හඳුන්වා දෙන ලදි.

Related links