Women Condemn the Attack on Civilians at Kebithigollewa

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සාමාජිකත්වය දරන ශ‍්‍රී ලංකාවේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ස්ත‍්‍රී සංවිධානය 2006 ජුනි 15 වැනි දින එල්ටීටීඊ ය විසින් කැබිතිගොල්ලෑවේ දී මගී බස් රථයකට එල්ල කරන ලද ක්ලේමෝ බෝම්බ ප‍්‍රහාරය හෙළා දකිමින් සියලූ මාධ්‍ය වෙත ප‍්‍රකාශනයක් නිකුත් කරන ලදී. මෙම ප‍්‍රකාශනය සියලූ මාධ්‍ය වෙත යවන ලද නමුත් එය පළ වූයේ 2006 ජුනි 24 සෙනසුරාදා ඬේලි මිරර් පත‍්‍රයේ සහ 2006 ජුනි 25 අයිලන්ඞ් පත‍්‍රයේ පමණි.