Workshop on Advocacy Strategies

පළාත් පාලන ඡුන්ද විමසීමට තරඟ කිරීමට අපේක්ෂා කරන ස්ත‍්‍රීන් සඳහා කරුණු ඉදිරිපත් කිරීමේ උපාය මාර්ග පිළිබඳව දින දෙකක වැඩමුළුවක් 2010 ජුනි 09 සහ 10 යන දිනවල කොළඹ දී පවත්වන ලදී. එය පළාත් පාලන මට්ටමේ ස්ත‍්‍රී දේශපාලන නියෝජනය 20% කින් වැඩි කිරීම සඳහා පවත්වන වැඩමුළු මාලාවක පළමු වැන්නයි. බදුල්ල, මොණරාගල, කුරුණෑගල, ත‍්‍රිකුණාමලය, සහ ගාල්ල දිස්ත‍්‍රික්කවල ස්ත‍්‍රී කණ්ඩායම්වලින් 30 ක් මෙම වැඩමුළුවට සහභාගි වූහ.