දේශපාලනයේ ස්ත්‍රි නියෝජනය වැඩි කිරීම සඳහා ස්ත්‍රින්ගේ ඉල්ලීම

  • මීළඟ පළාත් පාලන ආයතන ජන්දය මිශ්ර ක්රමයකට පැවැත්වීමට නියමිත බැවින් පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (සංශෝධන) පනතට, ස්තී්රන්ට 25%ක ආසන වෙන්කිරීමක් සිදුකරන ලෙසට සංශෝධන ගෙන එන ලෙස දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටීම.

  • පළාත් සභා මැතිවරණවලදී නාමයෝජනා ලබාදීමේ දී හා ප්රසාද ආසන ලබාදීමේ දී ස්තී්ර පුරුෂ සමාජභාවීය සමතුලිතාවයකින් යුතුව ආසන වෙන්කරන මෙන් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටීම.

  • දේශපාලනයේ ස්තී්ර නියෝජනය වැඩි කළහැකිවන්නේ හැක්කේ ස්තී්රන් සඳහා ආසන වෙන් කිරීමෙන් පමණක් වන අතර නාමයෝජනා වැඩි කිරීමෙන් පමණක් නොවන බව දේශපාලන පක්ෂවලට වටහාදීම.

  • දීර්ඝ කාලීනව පක්ෂය සඳහා වැඩකර ඇති, දැනුම ඇති ස්තී්රන් හඳුනාගෙන ජන්දය සඳහා ඉදිරිපත්වීමට ඔවුන්ට අවශ්ය සහාය ලබාදීම.

  • කාන්තා කටයුතු අමාත්යාංශය, පළාත් පාලන ආයතන සහ පළාත් සභා ආයතනවල දේශපාලනයේ ස්තී්ර නියෝ්ජනය ඉහළ දැමීම සඳහා, ස්තී්රන්ට ජන්දය ලබාදීම සම්බන්ධව, මාධ්ය ආයතන සහ අධ්යාපනික ආයතන සමඟ සම්බන්ධ වී කි්රයා කිරීම.

  • ප්රචණ්ඩත්ව කි්රයාවලට සම්බන්ධ වී වරදකරුවන් වූ අයට මැතිවරණවලට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වීමට අවකාශය ලබානොදීම.

ඉහත සඳහන් ඉල්ලීම් ස්තී්රන්ගේ මානව අයිතීන් හා සම්බන්ධ කරුණක් බැවින් ද, එය ස්තී්රන්ට පමණක් සීමා වූ ගැටලූවක් නොවන බැවින් ද,

  • සිවිල් සංවිධාන, මානව හිමිකම් සංවිධාන සහ සමාජ සාධාරණත්වය පිළිබඳව කි්රයා කරන සංවිධාන ඉහත ඉල්ලීම් පිළිබඳ උද්දේශනය කිරීම.

  • සිවිල් සංවිධානවල කි්රයාධරයන් දේශපාලන නායකයන් හමුවන අවස්ථාවන් හිදී, දේශපාලනයේ ස්තී්ර නියෝජනය ඉහළ දැමීම සඳහා අනුබල දීම.