සුමිකා පෙරේරා
article link Sunday Lankadeepa
ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරණයට තව ඇත්තේ දින කීපයකි. මේ සම්බන්ධයෙන් වූ දේශපාලන සංවාද, කතාබහ, සාකච්ඡුා කරලියට පැමිණියේ නාම යෝජනා බාරදීමටත් පෙර සිටය. මෙයින් වඩාත්ම වැදගත් වන්නේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් වන සමාජ සහ දේශපාලන කතිකාවයි. මේ කතිකාව අදවනවිට ඒකාධිපතිවාදය ද ප්රජාතන්ත්රවාදය ද යන මාතෘකාව දක්වා කැටිවී තිබේ. තව වැඩි දවසක් නැත. අපි යළි ඒකාධිපති පාලනයකට ඉඩදෙමින් නිහඩ වෙමුද ? අද දවසේ අප ඉදිරියෙහි ඇති බරපතල ප්රශ්නය එයයි.
නොවැම්බර් 16 දා වනවිට ලාංකිකයන් වන අප සියලූ දෙනා ප්රජාතන්ත්රවාදය උදෙසා පැහැදිලි තීරණයකට එළැඹිය යුතුව ඇත. අප එක්ව මේ වැඩි නපුර පරාජය කළ යුතුව ඇත. ඒ සම්බන්ධයෙන් වාද විවාද කිරීමට වඩා වැදගත් වන්නේ මේ තීරණාත්මක මොහොතට එක්ව මුහුණ දීමයි. ප්රජාතන්ත්රවාදය වලපල්ලට යවන, පවුල්වාදය මත ගොඩනැගෙන ඒකාධිපතිවාදය පරාජය කිරීමයි.
මේ වනවිටත් අප සමාජයේ බොහෝ කොටස් බියෙන් තැති ගැනෙමින් ඇත. එය, පසුගිය අවුරුදු 4 1/2 පුරා කිසියම් ආකාරයකින් අඩුපාඩු ඇතිව හෝ භුක්ති විදින නිදහස යළි වැළලී යා දෝයි පවතින සාධාරණ බියයි. මෙලෙස බියට පත් ජනයා අතර මෙරට සුළුතර ජනවර්ග, සිවිල් සමාජ සංවිධාන, ජනමාධ්‍යවේදීන්, විකල්ප දේශපාලන මතධාරීන්, විද්වතුන්, කලාකරුවන් ඇතුලූ සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන, විවිධ සමාජ පංතීන්ට අයත් පිරිස් වේ.
2015 ට පෙර අප ගතකළ යුගය යළි සිහිපත් කරන්නේ නම්, ඇතැම් විට අප අපටම ස්වයංවාරණ පනවා ගෙන තිබුණි. අප විසින් අපටම සීමාවන් පනවා ගෙන තිබුණි. එයට හේතු වූයේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් තිබූ බියයි. බොහෝ පිරිස්වලට රට හැරයන්නට සිදුවිය. අද ජීවත්ව නැතත් මෙරට ස්ත්‍රී ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වූ මානව හිමිකම් ක්‍රියාකාරිනී සුනිලා අබේසේකර සහෝදරිය එලෙස සිය ජිවිතය බේරා ගැනීමට එදා රට අතැර ගිය පිරිසෙන් කෙනෙකි. ජීවත්වීමට ඇති අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමට, විවේචනයට, එක්රැස්වීමට, තම හිමිකම් සහ අයිතිීන් උදෙසා සටන් කිරීමට මෙන්ම ඒ සදහා සංවිධානය වීමට තිබූ අයිතිය, වැඩවර්ජනය කිරීමට තිබූ අයිතිය, කම්කරු ඉල්ලීම් උදෙසා මෙන්ම පොදුජන ඉල්ලීම් උදෙසා පෙළපාලි, උද්ඝෝෂණය කිරීමට තිබූ අයිතිය වෙඩිපහර නිසා හෝ විවිධාකාර සාපරාධී බියවැද්දීම් හේතුවෙන් එදා වැළැලී ගිය හැටි අපට මතකය.
2015 දී මෙරට සිවිල් සමාජ සංවිධානවල සහ මානව අයිතීන් ගරු කළ පුරවැසියන්ගේ මැදිහත්වීමෙන් විශේෂයෙන් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් සාධාරණ සමාජයක් උදෙසා පෙරට ගෙනා න්‍යාය පත්‍රයට පදනම් වූ මූලික කාරණා කිහිපයකි. ඒවා අතරින් ප්‍රධාන වූවේ, ජිවත්වීමට ඇති අයිතිය සහ වෙනස් දේශපාලන මත දැරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම, ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීම, සාමය සහ සංහිදියාව ගොඩනැගීම, දුෂණය සහ මර්දනය පිටුදැකීම, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම,නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, පවුල් පාලනයට එරෙහිව ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම යනාදී කරුණුයි. මේ සියල්ල සාක්ශාත් කර ගැනීමට නොහැකි වූ බව සැබෑවකි. එහෙත් ජීවත්වීමට ඇති අයිතිය උල්ලංඝණය වූවේ නැත. ගෙවුණු අවුරුදු 4 1/2 ටම කිසිවකු අතුරුදහන් කළේ නැත. මාධ්‍යවේදීන් ඝාතනය වූවේ නැත. සිවිල් සමාජ සංවිධානවල ක්‍රියාකාරකම් වලට එරෙහිව නීති රීති පැනැවුනේ නැත. සංවර්ධන විෂයෙහි සහ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම උදෙසා විවිධ ප්රවේශයන් ඔස්සේ ඔවුන් ගෙනගිය ක්‍රියාකාරකම් ඉදිරියට ගෙනයාමට නිදහ සතිබුණි. නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත් වුණි.
1972 ජනරජ ව්‍යවස්ථාවේ සිටම, ඒකපාර්ශිකව පාලකයින්ගේ අවශ්‍යතාවයන් මත පමණක් සිදුකරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය උඩුයටිකුරු කරමින් ප්‍රථම වතාවට දිවයින පුරා මහජන අදහස් හා යෝජනාවලට ඇහුම්කන් දෙමින් ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියක් ඔස්සේ ගොඩනැගුණු කතිකාවක් හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට මුල පිරුණි. පැවැති ප්‍රධාන ගැටළු කිහිපයකට හෝ විස`දුම් දෙමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ ද එවැනි වූ කතිකාවක ප්‍රතිඵලයක් ලෙසිනි. එමෙන්ම මේ කාලය තුළ නීතියේ ආධිපත්‍ය වලපල්ලට දමමින් එක් රැුයකින් අග්රවිනිශ්චයකාරයින් ගෙදර යැව්වේ නැත. මන්දගාමීව ක්‍රියාත්මක වන්නේ වුවද අධිකරණ විනිශ්චය ක්‍රියාවලියට දේශපාලන අධිකාරියේ බලපෑම් සහ අතපෙවීම් සිදුවනු වාර්තා වූවේ නැත. අගමැතිවරයා ඇතුලූ ආණ්ඩු පක්ෂයේ දේශපාලන ප්‍රධානීන් පවා විමර්ෂණ ක්‍රියාවලීන් සදහා කැදවූ අවස්ථාවන් දක්නට තිබුණි. විධායකයේ පළමු පුරුක වූ ජනාධිපතිවරයා විසින් 2018 ඔක්තෝබරයේ දී පාර්ලිමේන්තුව විසුරුවා අගමැතිවරයා ඉවත්කොට නව අගමැතිවරයෙක් පත්කිරීම දක්වා සිදුකළ ව්‍යවස්ථා විරෝධී ක්රියාවලීන්වලදී අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමේ පූර්ණ නිදහස හිමිවිය.
2015 දී ඒකාධිපතිත්වයට එරෙහිව, එක් පවුලක අවශ්‍යතාවයන් සහ අපේක්ෂාවන් මත පදනම් වූ පාලනයකට එරෙහිව ජයග්‍රහණය කරවූ පොදු ජනතා න්යායපත්රය ඉදිරියට ගෙනයා යුතුව ඇත. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය, ස්කැනේඩියානු රටවල් ඇතුලූ සමස්ත යුරෝපය පුරාම ගොඩ නැගුණු සමාජ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමේ නොනිමි විප්ලවයේ අත්දැකීම් අපට කියන්නේ සමාජ ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණයන් දිනාගැනීම උදෙසා වන අරගලය අත්නොහරින ලෙසටයි.
මෙහිදී තෙවන බලවේගයක් ජයග්‍රහණය කරවීම සදහා යැයි කියා ගන්නා දේශපාලන මිත්‍යාව ඔස්සේ ගමන් කරනවා වෙනුවට මේ තීරණාත්මක මෙහොතේ අප සියළු දෙනා එක්ව සැමට ජිවත්වීමට ඇති අයිතිය තහවුරු කෙරෙන, සාමය සහ සංහි`දියාවට ඉඩ ප්‍රස්ථාවන් විවර කෙරෙන සමාජයක් ගොඩ නගා ගැනීමට කටයුතු කළයුතු වෙමු. පවුල්වාදය හා බැදුණු ඒකාධිපති වියරුව පරාජය කරමින් සමාජ ප්රජාතන්ත්රවාදය තහවුරු කරගැනීමටත් ඒ සදහා ඉඩප්රස්ථාවන් ලබාගත හැකි, බලපෑම් කළහැකි, කේවල් කළ හැකි සමාජ පරිසරයක් නිර්මාණය කර ගැනීමටත් හැකි ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමට අපි අධිෂ්ඨාන කර ගනිමු. ඒ සදහා අපගේ වටිනා ඡුන්දය මෙවර භාවිතා කරමු.