16 Days of Activism against GBV 2014 campaign

ස්ත්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුකරන ප්‍රචණ්ඞ ක්‍රියාවන්ට එරෙහිව දින 16 යේ ගෝලීය ක්‍රියාමාලාව, ස්ත්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුකරන ප්‍රචණ්ඞ ක්‍රියා තුරන් කිරීම සඳහා පිහිටුවා ඇති සංසදයේ සමාජිකයින් විසින් අන් සංවිධානවලද සහයෝගයෙන් මෑතකදී සිදුකරන ලද වැදගත් කාර්ය්‍යක් ලෙස හැඳින්විය හැක. මෙම දින 16 යේ කාලසීමාව තුළ මෙම සංසදය විසින් නොයෙකුත් ක්‍රියාකාරකම් සහ උත්සව රට තුළ සංවිධානය කෙරිණි.

විශේෂයෙන් ම සංසදයේ සමාජිකයකු වන කාන්තාව හා මාධ්‍ය සාමූහිකයල සමාජ මාධ්‍ය ජාලයන් හරහා මෙ පිළිබඳ වැඩිදුර දැනුවත් කිරීම සදහා හා මේ පිළිබඳ සමාජ කතිකාවක් ඇති කිරීමට උනන්දු කරවීම සඳහා Sri Lanka 16 days blog නමින් අන්තර්ජාලය තුළ වෙබ් පිටුවක් හරහා ප්‍රචාරාත්මක මෙහෙයුමක් දියත් ලදි. මේ සඳහා ෆේස් බුක් සහ ට්විටර් යන සමාජ මාධ්යර්යන් හරහා #16days සහ #sl16days යන හැඳුනුම් සංකේතය යටතේ ග්‍රාහකයන් ගේ දායකත්වය ලබා ගන්නා ලදි.

ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප‍්‍රචණ්ඩ ක්‍රියා තුරන් කිරීමේ සංසදය (GBV) විසින් සිදුකළ ක්‍රියාකාරකම්ල කාන්තාවට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩ ක්‍රියා සහ රැකියාවන්හි නියුතු කාන්තාවන් මුහුණ දෙන ගැටළු පාදක කරගෙන නිර්මාණය කරන ලද චිත්‍රක අවන්ත ආටිගල විසින් නිර්මාණය කරන ලද කාටුන්, බ්ලොග් ලිපි සහ ග්‍රාහකයන් විසින් ඉදිරිපත් කරන ලද විශේෂ අදහස් වලින් මෙම වෙබ් පිටුව සමන්විත වූහ. අදහස් ඉදිරිපත් කරන ලද ග්‍රාහකයන් අතර කාන්තාවන් මෙන්ම පිරිමින් ද වීම විශේෂත්වයකි. ඔවුන් තම අදහස් ප්‍රකාෂ කිරීමට කවි, ලිපි සහ කාටූන් චිත්‍ර භාවිතා කොට තිබුණි.

ඒ අතරතුර කාන්තාව හා මාධ්ය සාමුහිකයල කාන්තාවට එරෙහි ප්‍රචණ්ඞ ක්‍රියා අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා UNITE වැඩසටහනේ එක් අංගයක් ලෙස නොවැම්බර් 25 දින ප්‍රවර්ධන ක්‍රියාවක් නිරත විය. කාන්තාවට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා නිමා කිරීම අරමුණින් සිදුකරන ලද මෙම ප්‍රවර්ධන ක්‍රියා නම් කොට තිබුණේ ‘ඔරෙන්ජ් යුවර් නේයිබර්හුඩ්’ (Orange your neighbourhood) ලෙසයි. මෙම ප්‍රවර්ධන ක්‍රියා දින 16 යේ ක්‍රියා මාලාව මුළුල්ලේ ම පවත්වා ගෙන යන ලදි.