Action for a Peoples’ Constitution

යුක්තිය සහිත සාමයක් සහ දේශපාලන හා ආර්ථික සමානාත්මතාවය සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හා බලය බෙදා හැරිමක් සදහා නව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය ඓතිහාසික අවස්ථාවක් සපයා ඇත. ජනකොටස් අතරත්ලකලාපීය වශයෙනුත් ආර්ථික අසමානතාවයන් දිනෙන් දින වැඩිවෙමින් තිබේ. සෞඛ්‍ය සේවාවන්ලඅධ්‍යාපනය සහ සමාජ සුභසාධන සේවා දුර්වල වෙමින් පවතින අතර ස්වාභාවික සම්පත් විනාශ වෙමින් පවතී. මෙය දුප්පත්කමත්, ජනතාවගේ පීිඩාවනුත් වැඩි කිරිමට හේතු වන අතර, ඒ නිසාම අපගේ යහපැවැත්ම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සාමය අනතුරේ හෙලා ඇත. ප‍්‍රාග්ධනය නොව ජනතාව උදෙසා වන ආර්ථිකයක් නිර්මාණය කිරිමටත්, ආර්ථික හා සමාජ සාධාරණත්වය වර්ධනය කරලීමටත් නව ව්‍යවස්ථාව ජනතාව බලසතුු කළ යුතුය.

එබැවින්ම, ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය සදහා වන මහජන නියෝජිත කමිටුවට ජනතාව විසින් ආර්ථික සාධාරණත්වය සම්බන්ධයෙන් ලබා දී ඇති බොහෝ යෝජනා අනුවත්, එම කමිටුවේ නිර්දේශත් අනුව යමින් ව්‍යවස්ථාව සදහා පහත යෝජනා අපි ඉදිිරිපත් කරමු.

  • දුප්පත්කම නැති කරලීමට, සමානාත්මතාවය වර්ධනයට හ සියලූ කලාප හා ජනකොටස් අතර සමානව ආර්ථික අවස්ථාවන් හා ධනය බෙදීයාම තහවුරු කරලීමට වගකීමක් රජයට පැවරීම. මෙහි දී විශේෂ අවධානයක් යුද්ධයෙන් හානියට පත් වූ හා වතුකරයේ දමිල ජනකොටස් ඇතුලූ විශේෂිත අවදානම්වලට ලක්වූ හා ඓතිහාසිකව පීඩාවට පත්වූ ජනකොටස්වලටත්, දැඩි ලෙස දිළිදුභාවය ගොදුරු වූ මොණරාගල, පුත්තලම වැනි ප‍්‍රදේශවලටත් යොමු කළ යුතුය.
  • කාන්තාවන් මෙන්ම තමන්ගේ පංතිය, කුලය, ජනවර්ගය, වයස, ආගම, භාෂාව, ලිංගික අනන්‍යතාවය හෝ මානසික හෝ ශාරිරික දුබලතාවයන් හේතුවෙන් කොන්වීමට හෝ වෙනස් කොට සැලකීමට භාජනය වී සිටින සියලූ දෙනාගේ අවශ්‍යතාවයන් හා සහභාගිත්වය ආර්ථික ප‍්‍රතිපත්තීන් මගින් ආරක්ෂා කෙරෙන බවට සහතික කිරිම
  • පාලනය සදහා ජනතා සහභාගිත්වය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආහාර, ජලය, ප‍්‍රමාණවත් නිවාස, සමාජ ආරක්ෂණය, කාන්තාවන්ට හා පිරිමින්ට සමාන හා ජීවත්වීමට සරිලන වැටුපක්, ආරක්ෂිත හා ගෞරවාන්විත වෘත්තියක්, බලහත්කාරයෙන් ඉවත් කිරිමට ලක් නොවී සිටිම මෙන්ම ආරක්ෂිත, පිරිසදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් මූලික අයිතිවාසිකම් තුලින් තහවුරු කිරිම
  • රටේ ඉඩම් හා ස්වාභාවික සම්පත්, එම සම්පත් ආශ‍්‍රිතව ජීවත්වන ප‍්‍රජාවගේ අයිතීන් හා උවමනාවන් ආරක්ෂා කිරිම කෙරෙහි ප‍්‍රමඛතාවය ලබා දෙමින්, තිරසාර හා සියලූදෙනාගේ සහභාගිත්වය සහිතව පාලනය කිරිම
  • උසාවි, ස්වාධින කොමිෂන්, ඔම්බුඞ්ස්වරුන් හා අනෙකුත් ව්‍යුහයන් තුළින් තමන්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමට හා තහවුරු කර ගැනීමට අවස්ථාව ජනතාව වෙත ලබා දීම
  • විශේෂයෙන්ම පහත සදහන් ක‍්‍රියාමාර්ග ඔස්සේ ජාතික ධනය සමාන ලෙස බෙදී යාම හා නිසි ලෙස භාවිතාවීම තහවුරු කිරිම
    – රජයේ සියලූ මට්ටම් තුල සහභාගිත්ව, පාරදෘෂ්‍ය හා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීය සංවේදීතාවය සහිත අයවැය සකස් කිරිම
    – ස්වාධීන හා බලය සහිත මූල්‍ය කොමිසමක් හා විගණනාධිපති කාර්යාලයක් පිහිටුවිම
    – පළාත් හා ප‍්‍රාදේශීය බලාධිකාරින් සමග උපරිම හා කාර්යක්ෂම ආදායම් බෙදී යාමක්වි
  • දේශ ණය ලබා ගැනීමේ දී, අනෙකුත් රටවල්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා වෙළෙද ආයතන සමග මූල්‍ය හා වෙළෙද ගිවිසුම්වලට එළඹීමේ දී විධායකය සතු බලතල සදහා වඩා ඵලදායී පාලනයන් ඇති කිරිම

ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය තුල පාරදෘෂ්‍යභාවය හා තොරතුරු බෙදීයාම තහවුරු කරන මෙන් ද, ව්‍යවස්ථා සංශෝධනය සදහා වන මහජන නියෝජිත කමිටුවේ නිර්දේශ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය තුල ප‍්‍රමාණවත් ලෙස සාකච්ඡුාවට භාජනය කරන මෙන් ද අපි ඉල්ලා සිටිමු

මහජන ව්‍යවස්ථාවක් උදෙසා ක‍්‍රියාකාරිත්වය යනු සමාජ ව්‍යාපාර, වෘත්තීය සමිති, සහ කාන්තා, ජනවාර්ගික, ගොවි, ධිවර, කම්කරු, ආබාධිත පුද්ගලයින්, ලිංගික සුළුතරයින් හා පරිසර අයිතින් ආරක්ෂා කිරිමට කටයුතු කරන සංවිධාන සහ විද්වතුන්, නීතිඥයින්, ගුරුවරුන්, සමාජ ක‍්‍රියාකාරින්, ලේඛකයින්, මානව හිමිකම් ක‍්‍රියාධරයින්, මාධ්‍යවේදීන් හා වෘත්තිකයින්ගෙන් සැදුම් ලත් එකතුවකි

සැප්තැම්බර් 20 ක‍්‍රියාකාරිත්වය පිළිබද හැදින්වීමක්

ව්‍යවස්ථා සංශෝධනය සදහා රජය ගෙන ඇති පියවරයන්ට මහජන ව්‍යවස්ථාවක් සදහා ක‍්‍රියාකාරිත්වය සහයෝගය දක්වයි. එය ජනවාර්ගික ගැටළුවට විසදුම් සෙවීම සදහා මෙන්ම ලංකාවේ සියලූ පුරවැසියන්ට දේශපාලනික හා ආර්ථික සාධාරණත්වය සහිත සාමයක් සදහා ගමන් කිරිමට ඓතිහාසික අවස්ථාවකි. එක්සත් සහ අනාගමික රාජ්‍යයක් තුල සැබෑ අර්ථවත් බලය බෙදා හැරීමක් හා ජනතාවගේ ස්වාධිපත්‍යය තහවුරු කරමින් රාජ්‍යයේ ස්වභාවය පරිවර්තනය සදහා ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවක් සපයයි.

ව්‍යවස්ථා සංශෝධනය තුලින් ඉහත වෙනස මෙන්ම ආර්ිථික සාධාරණත්වය හා සමානාත්මතාවය ද අපි බලාපොරොත්තු වෙමු. වර්තමාන රජය ද ඇතුලූව පසුගිය රජයන් විසින් අනුගමනය කරන ලද නව ලිබරල්වාදි ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවෙන් වැඩිවෙමින් පවතින ආර්ථික අසමානතා, අවදානම්, සෞඛ්‍ය, අධ්‍යාපන හා සමාජ සුභසාධන සේවාවන් දුර්වල වීම හා ස්වාභාවික සම්පත් විනාශය හේතුවෙන් මෙය අත්‍යවශ්‍ය වී තිබේ. වර්තමාන ආර්ථික ප‍්‍රතිපත්ති දුප්පත්කම හා ජනතාවගේ ආර්ථික පීඩාවන් තවත් වැඩි කරලනු ඇති අතර යහ පැවැත්ම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ස්වාධිපත්‍යය අවදානමේ හෙලනු ඇත. බලය හා ස්වාධිපත්‍යය සමාජයේ ප‍්‍රභූ සහ බලය සහිත කොටස්වලට පමණක් සීමානොවීම සදහා ආර්ථික සාධාරණත්වය හා සමානාත්මතාවය අනිවාර්යය.

ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් නිර්ණය කිිරිම සදහා පත්කර තිබෙන අනු කමිටුව මගින් ආර්ථික හා සමාජ අයිතින් සමහරක් ව්‍යවස්ථාවට ඇතුල් කරන මෙන් නිර්දේශ කර තිබෙන බව අපගේ ක‍්‍රියාකාරිත්වය සැලසුම් කිරිම ආරම්භ කළ පසු අපහට වාර්තා විය. නමුත් ව්‍යවස්ථා සංශෝධනය සදහා වන මහජන නියෝජිත කමිටුවේ වාර්තාවේ මෙන්ම තවත් බොහෝ රටවල ව්‍යවස්ථාවල සදහන් පරිදි ආර්ථික සාධාරණත්වය ව්‍යවස්ථාවේ අයිතිවාසිකම් පිළිබද පනතට හෝ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට පමණක් සීමා නොවී ව්‍යවස්ථාවේ සියලූ කොටස් සදහා පදනම සැපයිය යුතු බව අපි අවධාරණය කරමු.

මෙම ක‍්‍රියාකාරිත්වය සංවිධානය කරනු ලැබුවේ මෙම වටපිටාව තුලය. නව ව්‍යවස්ථාව සදහා අපගේ නිශ්චිත අපේක්ෂාවන් අනෙක් පිටෙහි සදහන් කර තිබේ.

මහජන ව්‍යවස්ථාවක් සදහා ක‍්‍රියාකාරිත්වය පිළිබද වැඩි දුරටත්

ව්‍යවස්ථා සංශෝධන සදහා වන මහජන නියෝජිත කමිටුවේ වාර්තාව තුලින් සමාජ හා ආර්ථික සමානාත්මතාවය හා අයිතීන්වල ඇති වැදගත්කම, මූලික අයිතිවාසිකම් ලෙස තහවුරු කිරිමේ ඇති වැදගත්කම ද සහිතව, පැහැදිලිව දක්වා ඇත. මෙම ක‍්‍රියාකාරිත්වයට සම්බන්ධ වන බොහෝ සංවිධාන මහජන නියෝජිත කමිටුව සදහා මේ සම්බන්ධයෙන් නිර්දේශ ලබා දී ඇත. නමුත් මෙම මහජන නියෝජිත කමිටු වාර්තාව විධිමත් ලෙස සභාගත කර හෝ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය තුල සාකච්ඡුාවට භාජනය කර නොමැත. ඒ අතරම නියෝජිත කමිටු වාර්තාව බාරදීමෙන් පසුව ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය සිදුවන ආකාරයේ පාරදෘෂ්‍යභාවය හා තොරතුරු බෙදාහැරීම සම්බන්ධයෙන් බරපතල සැක සංකා මතුවෙමින් තිබේ.

මේ අතරම ව්‍යවස්ථා සම්පාදනය හා ඒ පිළිබද වන සාකච්ඡුා සදහා සමීපව මැදිහත්ව සිටින අය විසින් නව ව්‍යවස්ථා කෙටුම්පත තුල ආර්ථික සාධරණත්වය හා සමාජ හා ආර්ථික අයිතින් සම්බන්ධ නිර්දේශ නොසලකා හැරීමේ අවදානමක් පිළිබව ද අනතුරු අගවන ලදී. මේ හේතුුව නිසාම සංවිධාන හා පුද්ගලයින් බොහෝ පිරිසක් එකතුව ව්‍යවස්ථාව තුල ආර්ථික සාධාරණත්වය හා අයිතින් ආරක්ෂා කිරිමේ වැදගත්කම පිළිබද විවෘත සංදේශයක් ද ඉදිරිපත් කෙරුණි. ශ‍්‍රි ලංකාව පුරා සංවිධාන 100 කට ආසන්න ප‍්‍රමාණයක් හා පුද්ගලයින් බොහෝ පිරිසක් විසින් අත්සන් තබන ලද මෙම ලිපිය සැප්තැම්බර් මස 9 වන දින එළිදැක්වීය. මෙම ලිපිය සම්බන්ධයෙන් සිදු කරන ලද සාකච්ඡුාවල ප‍්‍රතිඵලයක් ලෙස මහජන ව්‍යවස්ථාවක් සදහා වන ජනතා ක‍්‍රියාකාරිත්වය දියත් කිරිමට තීරණය කරන ලදී.

In pictures: Action for a peoples constitution: public meeting and rally

Live Tweets: Action for a peoples constitution