Author: wnm@media

කල් දමා ඇත: දකුණු ආසියාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ සහ ස්ත්‍රී ශ්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේදී සමානත්වය සහ යුක්තිය පිළිබද සමුළුව

දකුණු ආසියාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ සහ ස්ත්‍රී ශ්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේදී සමානත්වය සහ යුක්තිය පිළිබද සමුළුව රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් 2022 ජූලි දක්වා කල් දමා ඇත. සම්මන්ත්‍රණයේ නව දින WMC හි වෙබ් අඩවි වල ඉක්මනින් දැනුම් දෙනු ඇත. යම් අපහසුතාවයක් මේ සදහා සිදු වුයේ නම් අප කණගාටු වෙමු.

සාමකාමීව පවත්වාගෙන යන ගෝඨාගෝගම විරෝධතාවයට එරෙහි ප්‍රහාර පිළිබඳව කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් නිකුත් කරනු ලබන ප්‍රකාශය

2022 මැයි 2022 මැයි 9 වන දින ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී ගෝටාගෝගම විරෝධතාවයට සහ අරගල භූමියට එරෙහිව එල්ල වූ ප්‍රහාරය කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් තරයේ හෙළා දකිනු ලැබේ. ඉහල යන උද්ධමනය, මුදල් අවප්‍රමාණය වීම සහ ඉහල යන මිල ගණන් මධ්‍යයේ දෛනික අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන සහ අඛණ්ඩ විදුලිබල හිඟය තුළින් පිළිබිඹු වන දැඩි ආර්ථික … Continue reading සාමකාමීව පවත්වාගෙන යන ගෝඨාගෝගම විරෝධතාවයට එරෙහි ප්‍රහාර පිළිබඳව කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් නිකුත් කරනු ලබන ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීම හේතුවෙන් ව්‍යාප්ත වෙමින් පවතින මානුෂීය අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලාංකික ස්ත්‍රීවාදීන් විසින් කරනු ලබන හදිසි ඉල්ලීම

ශ්‍රී ලංකාව මේ වන විට නිදහස ලබා ගැනීමන් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටියි. පුළුල්ව පැතිරුණු ආහාර සහ ඉන්ධන හිඟය විසින් මිනිසුන්ගේ ජන ජීවිතය අඩපණ කරවයි. දැනටමත් සති කිහිපයක් තිස්සේ සිට පවතින එවැනි තත්ත්වයක් මේ වන විට ප්‍රචණ්ඩ ලෙස මර්දනය කෙරෙන පුළුල්ව පැතිරෙන විරෝධතාවලට තුඩු දී තිබේ. මෙම අසාධාරණ තත්ත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී විසම්මුතිය … Continue reading ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීම හේතුවෙන් ව්‍යාප්ත වෙමින් පවතින මානුෂීය අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලාංකික ස්ත්‍රීවාදීන් විසින් කරනු ලබන හදිසි ඉල්ලීම