අගතිය බිඳීම: මාර්තු 8 වැනිදාට වැඩසටහන් (IWD 2022)

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා අපි මාර්තු 8 වැනිදා විශේෂ උත්සව කිහිපයක් පවත්වන්නෙමු. මෙම උත්සව විවිද හේතුන් නිසා අපට වැදගත් වේ. එයට හේතුව වන්නේ ඒවා කාන්තාවන්, පිරිමි බහු රැකියා ස්ථාන වල කරන වැඩ හදුනාගැනීමට උත්සහකරයි, බාධක ජය ගැනීම සහ වෙනස් කොට සැලකීම්වලට මුහුණදීමට හැකියාව ඇතිනිසා. අප මේ කාන්තාවන් සමරන්නේ ආගතිය බිද දැමීමට සහ සමාජයට කරන දායකත්වය දිගටම කරගෙන යාම සදහාය.
ප්‍රවීන මාධ්‍යවේදිනියක් වන සීතා රංජනී මහත්මිය අගයමින් ඇයගේ පෙර කාර්යය සහ ජයග්‍රහණ ගැන කතා කිරීමටය. සීතා 1984 වසරේ සිට WMC සංවිධානයක් ලෙස පිහිටුවන විට කාන්තා හා මාධ්‍ය සාමූහිකයේ මිතුරියක වූවාය. මෙරට මාධ්‍යවේදීන් මුහුණ දෙන ප්‍රශ්නවලට ක්‍රියාකාරීව සම්බන්ධ වූ කාන්තා මාධ්‍යවේදිනියන් අතලොස්ස අතරින් ඇය කෙනෙකි. එබැවින් මෙවර කාන්තා දිනය වෙනුවෙන් සීතා කාන්තා මාධ්‍යවේදිනියක්, ස්ත්‍රීවාදියෙක්, සිවිල් සමාජ ක්‍රියාකාරිනියක් සහ කිවිඳියක් ලෙස සත්කාරකත්වය දැක්වීමට මෙය අවස්ථාවක් කර ගැනීම සතුටට කරුණකි.
විවිධ ක්ෂේත්‍රවල කාන්තාවන් ඔවුන්ගේ අදහස්, අභියෝග සහ ඔවුන් තම සේවා ක්ෂේත්‍රය තුළ මෙම අභියෝග ජයගත් ආකාරය බෙදා ගන්නා ශ්‍රව්‍ය මාලාවක් ඔන්ලයින් ද ඇත. ශ්‍රව්‍ය මාලාව අපගේ සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පළ කරනු ලැබේ.
අවසාන වශයෙන්, ක්‍ෂේත්‍රයේ වසර 50 සම්පූර්ණ කිරීම වෙනුවෙන් කාන්තා දිනයේදී මාධ්‍ය තුළ සිටින දෙමළ කාන්තාවන් 5 දෙනෙකුට උපහාර දැක්වීමට අපි සහාය දෙමු. ඔවුන් මාධ්‍යවේදීන් ලෙස ගත කළ කාලය තුළ කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ගැටලු මතු කිරීමට උත්සාහ කර ඇත.
මෙම උත්සව පිළිබඳ වැඩි විස්තර ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන්නෙමු. අප බෙදා ගන්නා පෝස්ට් වලට ලයික්, ෂෙයාර් සහ අදහස් දැක්වීමෙන් ඔබට හැක.
සුභ ජාත්‍යන්තර කාන්තා දිනයක්!