ඇතුළත් කිරීම්: කෙටි චිත්‍රපට තරගය 2023

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය
කෙටි චිත්‍රපට තරගය 2023

ගෙවීම් නොලබන සුරැකුම් වැඩ කටයුතු සහ වැඩිහිටි හා ආබාධිත පුද්ගලයන් රැක බලා ගැනීම

ගෙවීම් නොලබන සුරැකුම් වැඩ කටයුතුවල වටිනාකම පිළිබිඹු කරන නිර්මාණාත්මක කෙටි චිත්‍රපටවල තිර පිටපත් භාරගනු ලැබේ. ගෙවීම් නොලබන සුරැකුම් වැඩ කටයුතු යනු, පවුලේ සාමාජිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් බොහෝවිට කාන්තාවන් සහ ඇතැම්විට පුරුෂයන් විසින් නිවසේ දී සිදු කරනු ලබන කාර්යයන් වේ. කුටුම්භගත යුතුකම්වල සමාජයීය අපේක්ෂා සහ ආදරය, මෙම කාර්යය සමඟ සම්මිශ්‍රව ඇත. මේ සඳහා ගෙවීමක් සිදු නොකරන අතර බොහෝවිට පවුලේ සිටින රැකබලා ගන්නන් විසින් එවැන්නක් අපේක්ෂා නොකෙරේ.

ශීඝ්‍රයෙන් වයස්ගත වීමේ ජනගහනයක් සේම, ආබාධිත පුද්ගලයන් සැලකිය යුතු සංඛ්‍යාවක් ද ශ්‍රී ලංකාවේ සිටීම යන කරුණ සැලකිල්ලට ගෙන, වයස්ගත සහ/හෝ දුබලතා සහිත වූ නිවසේ සාමාජිකයන් රැක බලාගැනීම කෙරෙහි අවධානයක් යොමු කරන කෙටි චිත්‍රපට තරගයක් සඳහා අප විසින් කටයුතු සූදානම් කරනු ලැබේ.

කෙටි චිත්‍රපට පිටපත් අපට ලැබීමට සලස්වන්න (මිනිත්තු 4 හෝ ඊට අඩු කාලයක් සහිත) සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් 2022 ඔක්තෝබර් 7 වන දින හෝ ඊට පෙර.

මෙම තරගය විවෘත වන්නේ ශ්‍රී ලාංකිකයන් සඳහා පමණි.

තරගය, අදියර දෙකකදී විනිශ්චයට ලක් කෙරේ. පළමුවැන්න සිදු කෙරෙන්නේ අප ලද තිර පිටපත් සම්බන්ධයෙන් වන අතර, දෙවැන්න සිදු කෙරෙන්නේ සම්පූර්ණ කරන ලදුව භාර දුන් චිත්‍රපටවලට අදාළව ය.

තරගය සඳහා තෝරාගන්නා ලද පිටපත්වල හිමිකරුවන් සඳහා, පිටපත් රචනය සහ කෙටි චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව පුහුණු වැඩසටහනක්, ශ්‍රී ලංකාවේ කීර්තිමත් චිත්‍රපට නිෂ්පාදකවරයකු විසින් නොමිලේ සිදු කරනු ලැබේ.

හොඳම චිත්‍රපට පිටපත් තුන සඳහා වන ත්‍යාග:
පළමු ත්‍යාගය: රු.50,000.00
දෙවන ත්‍යාගය: රු.40,000.00
තෙවන ත්‍යාගය: රු.30,000.00

හොඳම කෙටි චිත්‍රපට තුන සඳහා වන ත්‍යාග:
පළමු ත්‍යාගය: රු.100,000.00
දෙවන ත්‍යාගය: රු.75,000.00
තෙවන ත්‍යාගය: රු.50,000.00

කරුණාකර, ඇතුළත් වීම් සහ වැඩිදුර තොරතුරු සඳහා wmcsrilanka@womenandmedia.org සමඟ සම්බන්ධ වන්න

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය: 56/1, සරසවි මාවත, කාසල් වීදිය, කොළඹ 08