Consultation on proposing a General Recommendation on ‘Women and Armed Conflict’ to the CEDAW Committee

2006 දෙසැම්බර් 7. කළුතර. ශ‍්‍රී ලංකාව.

කාන්තාවහා මාධ්‍ය සාමූහිකය අන්තර් ජාතික ස්ත‍්‍රීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ විමසුම-ආසියා පැසිපික් කලාපය (IWRAW-AP) සමඟ එක්ව සීඩෝ කමිටුවට ‘ස්ත‍්‍රීන් සහ සන්නද්ධ ගැටුම් පිළිබඳ පොදු නිර්දේශ ඉදිරිපත් කිරීම ගැන සාකච්ඡුා කිරීමට උපදේශන රැුස්වීමක් පවත් වන ලදී. සීඩෝ කමිටුවේ සාමාජික සහ ෂඋඍ්උ- ්ඡු හිටපු විධායක අධ්‍යක්ෂ ශාන්ති ධෛයිරියම් මෙම රැුස්වීමේ මුලසුන දැරීය. මෙම රැුස්වීමේ අරමුණ වූයේ සීඩෝ සම්මුතියේ පොදු නිර්දේශ කිසිවකින් මෙතෙක් ‘ස්ත‍්‍රීන් හා සන්නද්ධ ගැටුම්’ කෙරේ අවධානය යොමුව නැති නිසා ඒ පිළිබඳ ක‍්‍රියාවලියක් ඇරඹීම ඇතුළත් කිරීමය. මෙම උපදේශනයේ දී ශ‍්‍රී ලංකාවට සුවිශේෂී හෝ ඊට පමණක් සීමා නොවී ශ‍්‍රී ලාංකික දෘෂ්ටි කෝණයකින් ගැටුමක විවිධ අවධීන් හඳුනාගැනීමක් සිදු විය. පොදු නිර්දේශවල කාර්ය වන්නේ රජයේ බැඳීම් ගෙන හැර දැක්වීමය. ඉන් අදහස් වන්නේ මෙම නිර්දේශවලින් ගැටුම් පවතින සමයේ දී උල්ලංඝණය විය හැකි මිනිස් අයිතිවාසිකම් හඳුනාගෙන තිබීමය. මෙම පොදු නිර්දේශ අයිතිවාසිකම් ගරු කිරීම, ආරක්ෂා කිරීම, ප‍්‍රවර්ධනය සහ සම්පූර්ණ කිරීම, අවධානය යොමු කිරීම සමඟ ‘අයිතීන්’ ක්‍ෂේත‍්‍රයේ විසඳුම් ද ඇතුළත් විය යුතුය.