Consultative Forum on Increasing Women’s Political Participation at the local level in Sri Lanka

2009 ජුලි. ප‍්‍රාදේශීය මට්ටමේ තීරණ ගන්නා ආයතනවල ස්ත‍්‍රීන්ගේ දේශපාලන සහභාගිත්වය වැඩිකිරීමේ අරමුණෙන් සාකච්ඡුාවක් යාපනයේ දී පැවැත්විණ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සහයෝගයෙන් විලිදු සහ යාපනයේ ස්ත‍්‍රී සංවර්ධන කේන්ද්‍රය විසින් සංවිධානය කළ මෙම රැුස්වීමට අනුග‍්‍රහය ලැබුණේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගිනි. යාපනය මහ නගර සභා ඡුන්දයේ දී තරඟ කරන ස්ත‍්‍රී කි‍්‍රයාකාරීන් ඇතුළු ස්ත‍්‍රීන් 50 ක් මෙම රැුස්වීමට සහභාගි වූහ.

 

ස්ත‍්‍රීන්ගේ දේශපාලන නියෝජනයට ඇති අභියෝග, පළාත් පාලන ආයතනවලට තරඟ කිරීමේ අත්දැකීම්, යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ස්ත‍්‍රී දේශපාලන නියෝජනය, පළාත් පාලන ආයතන නිරීක්ෂණය වැනි ස්ත‍්‍රීන්ගේ මුලපිරීම්, ස්ත‍්‍රීන්ගේ දේශපාලන නියෝජනය ප‍්‍රවර්ධනය කිරීමට මාධ්‍ය යොදාගැනීම වැනි කරුණු එහිදී සාකච්ඡුාවට ලක් විය. සහභාගිවන්නන් විසින් අදාළ නිර්දේශ සටහන් කරගන්නා ලදී.

 

එම රැුස්වීම අවසානයේ පුවත්පත් සාකච්ඡුාවක් පැවැත් වූ අතර එහිදී රැුස්වීමේ දී එකඟතාවය ඇති කරගත් නිර්දේශ ද මාධ්‍යයට ඉදිරිපත් කරන ලදී.