Felicitation ceremony for the women MPs of the 7th Parliament

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ‍්‍රී ලංකාවේ 7 වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත‍්‍රීවරියන් 13 දෙනෙකු පිළිගැනීමේ උත්සවයක් පවත්වන ලදී. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය තිස්ස කරලියැද්ද මහතා ප‍්‍රධාන අමුත්තා විය. සුමේධා ජයසේන, නිරුපමා රාජපක්ෂ, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, රෝසි සේනානායක, මාලනී ෆොන්සේකා, කමලා රණතුංග, තලතා අතුකෝරළ, ශ‍්‍රියානි විජේවික‍්‍රම, චන්ද්‍රානි බණ්ඩාර, අනෝමා ගමගේ, උපේක්ෂා ස්වර්ණමාලි යන මන්තී‍්‍රවරියන්ට මෙහිදී උපහාර පැවැත්විණ. අනාගත පාර්ලිමේන්තුවලදී ස්ත‍්‍රී නියෝජනය වැඩි කිරීම සඳහා කැපවන මෙන් ඇමතිවරයා මන්ත‍්‍රීවරියන්ගෙන් ඉල්ලා සිටියේය.