Head of Household Meeting

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ගෘහ මූලික සංකල්පය නැවත විමර්ශනය කිරීම සඳහා වැඩමුළුවක් ජුලි 25 වැනිදා සෙන්වෝර් (ක්‍ෑභඋධඍ* ශ‍්‍රවණාගාරයේ දී පැවැත් විය.  විශේෂ විද්වත්  මණ්ඩපයක් විසින් පහත සඳහන් මාතෘකා ඔස්සේ සාකච්ඡුාව මෙහෙයවන ලදී. ගෘහ මූලිකත්වය පිළිබඳ සංකල්පය විමර්ශනය කිරීමට අයිතිවාසිකම් පදනම් රාමුවක්, ගෘහ මූලිකයා සහ ඉඩම් අයිතිය, සංගණනය සහ ගෘහ මූලික සංකල්පය, පශ්චාත් සුනාමි සහන සහ යළි ගොඩනැගීමේ ප‍්‍රශ්න සහ ගෘහ මූලික භාවිතය, ආගමික හා සංස්කෘතික භාවිතාවන් සහ ගෘහ මූලික සංකල්පය, මාධ්‍ය තුළ පවුල අර්ථකථනය කිරීම සහ වෙනස් වන පවුලේ ව්‍යූහයන්  මෙයට ඇතුළත් විය. වැඩමුළුවේ අරමුණ වූයේ ගෘහ මූලික සංකල්පය සාකච්ඡුා කිරීම, සමාජය තුළ එය ස්ථාපනය වී ඇත්තේ කෙසේද සහ නීතිය හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඒ ගැන සඳහන් කරන්නේ කෙසේද යන්න සහ ස්ත‍්‍රීන්ගේ අයිතිවාසිකම් හඳුනා ගැනීම, සීඩෝ (ක්‍ෑෘ්උ* ප‍්‍රතිපත්ති රාමුව යොදා ගනිමින් නිර්දේශ සකස් කිරීමත් ඒවා ප‍්‍රතිපත්ති සම්පාදක මට්ටමට ගෙන යෑමත්ය.

 

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ස්ත‍්‍රීන් පිළිබඳ ජාතික කමිටුව සහ අධිකරණ අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් ස්ත‍්‍රී අයිතිවාසිකම් පනත කෙටුම්පත් කිරීමට සම්බන්ධ විය. එම පනත දැන් පාර්ලිමේන්තුවේ විමර්ශනයට ඉදිරිපත් කොට ඇත.

 

අගෝස්තු මාසයේ දී ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විය.