Increasing women’s political representation: a discussion on current reforms

වත්මන් ව්‍යවස්ථාමය සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ සන්දර්භය තුළ, පාර්ලිමේන්තුව තුළ කාන්තා දේශපාලන නියෝජනය ඉහළ නැංවිමේ අනාගතය කෙබඳු වේද යන්න පිළිබඳ අදහස් විමසිමක් මැතිවරණ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ විශේෂඥයකු වූ කරේ වොලන් සමඟ සිදුකරන ලදි. ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්රසමසිංහ මහතා ප්‍රථම වතාවට පළාත් පාලන ආණ්ඩුව තුළ හුදු නාමයෝජනා වලින් ඔබ්බට ගොස් ස්වාධීනව තරඟ කරන කාන්තාවන් ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම සහතික කරන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් යෝජනා කොට ඇත. මේ සම්බන්ධයෙන් කාන්තාව හා මාධ්‍ය සාමුහිකය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රදේශිය, පළාත් සහ ජාතික මට්ටමින් කාන්තා නියොජනය පිළිබඳ ව්‍යවස්ථාමය තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් පවත්වන ලදි.

නොවේජියන් ජාතිකයකු වන කරේ වෝලන් මැතිවරණ ක්‍රම පිළිබදව ජාත්යතන්තර කිර්තියට පත් විශේෂඥයකි. ඔහු වැනිස් කොමිසමේ අනුශාසකයකු ලෙස සේවය කරන අතර බොස්නියාව, සිම්බාබ්වේ, කෙන්යා සහ පූජි ආදී රටවල් ගණනාවක සේවය කොට ඇත. ඔහු පුළුල් මැතිවරණ ක්‍රියාපිළීවෙලක් ගොඩනැඟීම සඳහා ඡන්දදායක සම්මේලනය සහ මැතිවරණ කොම්සම සදහා සහාය වීමට 2008 වසරේ සිට නිරතුරුව ම ඔහු නේපාලයට සංචාරය කොට ඇත. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නිර්මාතෘ රොහාන් එදිරිසිංහ විසින් 2010 වසරේ සිට 2014 වසර දක්වා මූලිකත්වය ගන්නා ලද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ වූ නේපාලයේ සහභාගිත්ව ව්‍යවස්ථාවලිය ගොඩනැගීමට සහාය වීමේ වැඩසටහන ඇතුලුව ජාත්යනන්තර සංවිධාන කිහිපයක් සමඟ ඔහු සමිපව කටයුතු කර ඇත.