International Women’s Day 2008

‘ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය සැමරීමට එක්සත් වූ ස්ත‍්‍රී සංවිධාන’ නමින් එකතු වූ ස්ත‍්‍රී සංවිධාන ජාලයක් ඒ වෙනුවෙන් සම්මන්ත‍්‍රණයක්, විරෝධතා පෙළපාලියක් සහ උද්ඝෝෂණයක් 2008 මාර්තු 8 වැනිදා පැවැත්වූහ. කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති සම්මන්ත‍්‍රණයේ දී වර්තමාන දේශපාලන තත්වය, යුද්ධය හා ස්ත‍්‍රීන් කෙරේ එහි ඇති බලපෑම, ආර්ථික අර්බුදය හා ඉහළ යන ජීවන වියදම, ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය ඉහළ යෑම සහ මාධ්‍ය මර්ධනය වැනි ගැටළු සාකච්ඡුාවට ලක් විය. ස්ත‍්‍රී දිනය පිළිබඳ ප‍්‍රකාශයක් සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසියෙන් නිකුත් කරන ලදී. එම ප‍්‍රකාශය සිංහලෙන්/දෙමළෙන්/ඉංග‍්‍රීසියෙන් කියවීමට මෙහි ක්ලික් කරන්න. සම්මන්ත‍්‍රණයට පසුව පැවති විරෝධතා පෙළපාලියට ස්ත‍්‍රීන් 2000 කට අධික පිරිසක් සහභාගි වූහ. විහාර මහා දේවී උද්‍යානයෙන් ඇරඹුණ එම පෙළපාලිය අලෙක්සැන්ඩ‍්‍රා මාවත ඔස්සේ ලිප්ටන් වටරවුමට ළඟා විය. එහි දී උද්ඝෝෂණය සහ පිකට් ව්‍යාපාරයක් පැවැත් වූ අතර සිංහල, දෙමළ සහ මුස්ලිම් කාන්තාවෝ ඊට සහභාගි වූහ.